අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ඉකුත් 02දා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තෙ ඇඹිලිපිටිය නවනගරය පදිංචි වීරසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් යන 45 වියැති විවාහක එක්දරු පියෙකි.
2025.04.30 වන දින පෙරවරු කාලයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අසංක ඉඳුනිල් යනු ලැබුවේ රථවාහන නඩුවකට අදාලව තම මිතුරකට ඇපයක් තැබීමේ අරමුණෙනි, අධිකරණයේදී මොහුගේ ජංගම දූරකතනය නාද විම හේතුවෙන් මොහුව අධිකරණය විසින් අත්තඩංගුවට රැගෙන, අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව ගොණු කරමින් මොහුව දින 14ට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඉන් අනතුරුව මොහුව අගුණුකොළපෑලැස්ස රක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකර ඇති අතර, ඉකුත් 02 වනදා මොහුව අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරය විසින් අඟුණුකොළපෑලැස්ස රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2025.05.03 වන දින මොහුව මියගොස් ඇති බව, මොහුගේ පවුලේ ඥාතීන් විසින් කියා සිටී.
බන්ධනාගාරය අඟුණුකොළපෑලැස්ස විසින් ඥාතීන්ට ප්‍රකාශකර ඇත්තේ, ආසාධන තත්වයක් හේතුවෙන් අසංකව රෝහල් ගතකල අතර. රෝහලේදී ඔහුව මිය ගියා යනුවෙනි, එහෙත් මරණ පරීක්ෂණයේදී අසංකගේ හිසට බරපතල ලෙස හානි සිදූව ඇති බවත්, ශරීරයේ අභ්‍යන්තර තැලීම් සීරීම් තිබුන බව වෛද්‍යවරයා ඥාතීන්ට පැවසූ බවයි අසංකගේ ඥාතීන් පවසන්නේ, ඒ අනුව බන්ධනාගාරයෙදී සිදුවූ පහරදීමකින් මෙම මරණය සිදුවූ බවට ඥාතීන් සැක පහළ කරයි.
එමෙන්ම මෙම පුද්ගලයා සන්තකයේ ජංගම දූරකතනයක් හා ලයිටර් එකක් සන්තකයේ තබා ගැණිම හා ජංගම දූරකතනය නාදවීම යන හේතු කාරනාමත මොහුට අධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොණුකර දින 14ට බන්ධනාගාර ගතකර ඇති මුත් මොහුට ජංගම දූරකතනය හා ලයිටරය අදිකරණය තුලට රැගෙන යනතෙක් අධිකරණයෙහි ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් විසින් ඔවුන්ගේ රාජකාරිය පැහැර හැර ඇති බව අනාවරනය වේ. එකී පොලිස් නිළධාරින් ඔවුන්ගේ රාජකාරිය නොපිරිහෙලා ඉටුකලේනම් අද මෙම පුද්ගලයා බන්දනාගාර ගතවීමක් හෝ බන්ධනාගාරය තුලදී ජීවිතක්සයට පත්වීමක් සිදූ නොවනු ඇත.