අප රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රජාව ……….
ශ්‍රී ලංකාව තුල ජීවත්වන ජනතාව විවිධ හේතු පදනම් කර ගනිමින්, විවිධ රැකියාවන් සඳහා විදේශගතවනු ලබයි. ඔවුන් සියළු දෙනා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමට දායක වේ.
මොවුන් විදේශගතවන අවස්ථා අතර ගෘහ සේවයට පිරිසිදු කරන්නන් සහ එරට පවතින වෙනත් කර්මාන්ත ශාලාවලට කම්කරුවන් ලෙස සේවයට යනු ලබයි. විදේශ ගත වන ස්ත්‍රී පුරුශ දෙපාර්ශ්වයම විවිධ ක්‍රම භාවිතා කරමින් විදේශගත වීමට පෙලඹී ඇත. එනම් ඇතමෙක් නීත්‍යානුකූල ක්‍රම වේදයන්ට අනුවද ඇතමෙක් නීත්‍යානුකූල නොවන ක්‍රම භාවිතා කරමින්ද විදේශ ගත වේ.
තම පවුල තුළ පවතින ආර්ථික ගැටළු අවම කරගැනීම සඳහා විදේශගත වීමට තීරණය කරන මොවුන් හැකි ඉක්මණින් විදේශගත රැකියාවකට යාමට උත්සාහ දරයි. වර්තමාන සමාජයේ කුමන ආකාරයකට විදේශගතවුවත්, විදෙස්ගත වූ ප්‍රජාවට බොහෝ අවස්තාවල විවිධ වූ අඩත්තේට්ටම් වලට මුහුන දීමට සිදුවන අවස්ථා අපට අසන්නට දකින්නට ලැබේ.
තත්වය එසේ තිබියදී ආනමඩුව ප්‍රදේශයේ ජීවත්වන ප්‍රජාවට විදේශගත වීමේදී හා විදේශගත වූ පසු එරට දී විවිධ වූ ප්‍රශ්න, ගැටළු මුහුන පෑමට සිදු වී ඇත. දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන තම දරුවන් ඥාතීන්ට භාර දී විදේශගත වන මව්වරුන් හා පියවරුන් අපට බොහොමයක් හමුවිය.
ඉතා අකමැත්තෙන්, කර කියා ගැනීමට දෙයක් නොමැති තැන විදේශගත වීම තම ප්‍රශ්න විසඳා ගැනීමට ඇති එකම මඟ ලෙස සලකා මොවුන් විදේශගත වේ. මෙසේ විදේශගත වන ප්‍රජාව ආරම්භයේ සිටම නැවත තම රටට ආපසු පැමිණෙන මොහොත දක්වාම විවිධ ගැටළු වලට මුහුන පානු ඇත. එනම් නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවලට හසු වීම, විවිධ වූ තැරැව්කරුවන්ට හසු වීම, විදේශගත වූ පසු නියමිත රැකියාව නොලැබීම, නියමිත රක්ෂනාවරණ නොලැබීම, ගිවිසුම්ගත වැටුප නොලැබීම, ඖශධ හා ඉඳුම් හිටුම් නොලැබීම නම් වේ. මෙම අවස්ථාවන් වලදී ස්ත්‍රී පුරුශ බේදයකින් තොරව විදේශගත වූ මොවුන් ඉතා අසරණ තත්වයන්ට පත්ව ඇත.
විදේශගත වන, විදේශගත වී සිටින හා ආපසු පැමිණි අයවලුන් සඳහා ශ්‍රී ඉලංකා රජය විසින් විවිධ වූ ප්රතිලාභ ක්‍රම ක්‍රියාත්මක වේ. නමුත් මෙම ප්රතිලාභ පිළිබඳ මෙම ප්‍රජාවගෙන් බොහෝ පිරිසකට අවබෝධයක් නැත. තවද මොවුන්ට යම් අසාධාරණයක් සිදු වූ විට දැනුම් දීමට හා අවශ්‍ය නීතිමය කටයුතු කර ගැනීමට මොවුන් තුල දැනුමක් අවබෝධයක් නොමැති බව අපට දැනගන්නට ලැබුණි.
අප රටට විදේශ විනිමය ගෙන ඒමට විවිධ වූ අභියෝගවලට මුහුන දෙන අප ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පවුල් වල දුවා දරුවන් රැක ගැනීම, ආරක්ශා කිරීම, ඔවුන්ගේ අධ්‍යාපන තත්වයන් සුරක්ශිත කරලීම අපගේ වගකීම නොවේද? එසේ නම් විදේශගත වන ප්‍රජාව සහ ඔවුන්ගේ පවුල්වල සියළු දෙනා වෙනුවෙන් යමක් කිරීමට අපට සිදුවනු ඇත.