LGBTQ+ ප්‍රජාව පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කරගත් නව පුහුණු වැඩසටහනක් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව කටාන ජාතික පොලිස් පුහුණු ආයතනයේ දී ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකා නීතිය යටතේ LGBTQ+ පුද්ගලයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් සහ ආරක්ෂාවන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර දැනුවත්භාවය වැඩිදියුණු කිරීමයි. බොහෝ පොලිස් ස්ථානවල හෝ සමාජය තුළ LGBTQ+ පුද්ගලයන් මුහුණදෙන ඕනෑම අභියෝගයකට පොලිස් නිලධාරීන් සුදුසු ලෙස මැදිහත් වනු ඇති බවට මෙම පුහුණුවෙන් අපේක්ෂා කෙරේ.
මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භක සැසිය ඊයේ දිනයේ මාර්තු 10 නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බාක්ගේ ප්‍රධානත්වයෙන් සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඉදිරියේ අරම්භ විය.
මේ අනුව LGBTQ+ ගැටළු පිළිබඳ පොලිස් අවබෝධය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ පළමු පුහුණු කණ්ඩායම ලෙස උපදේශක නිලධාරීන් 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තෝරාගෙන ඇති අතර මෙම මුලපිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින සංවිධානයක් වන Equite හි උපදේශකයන් විසින් දින පහක පුහුණුවක් පවත්වන බවට වාර්තා වේ.