මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පළ කරන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් පසුගිය දිනක ලබා දී තිබූ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලව සිදුකර ඇති බවයි නීති නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.
අදාළ නිර්දේශ ලබාදීම සිදුකර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිසි නීතිමය කරුණු සලකා බලා බැවින් එම තීරණය සම්බන්ධයෙන් සිය සංගමය උපරිම විශ්වාසය පළ කරන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන අතර, නීතිපති දෙපාර්තමේන්තුව ඉහළ සම්ප්‍රදායන්ට අනුකූලව ඔවුන්ගේ ස්වාධීන විනිශ්චය ක්‍රියාත්මක කර ඇති බැවින් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සායකට එරෙහිව නැගී සිට පරාජයට පත් කිරීමට පසුබට නොවන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.