හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය නොකරන ලෙස වාරණය කොට තිබියදී ඊට පටහැණි අයුරින් කටයතු කළ මන්නාරම් ප්‍රදේශයේ ව්‍යාපාරයෙකුට මාස හයක සිරදඬුවම් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එය අවුරුදු පහකට අත්හිටුවීමට සහ මුදලින් රුපියල් 5000ක දඩයක් ද ගෙවන ලෙස ඊයේ දිනයේ (26) නියෝග කර ඇත. තවද කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ පළ කර තිබෙන සියලුම ප්‍රකාශ සහ හඬපට ඉවත් කරන ලෙසද නියෝග කර ඇත.
මෙලෙස මන්ත්‍රීවරයා සම්බන්ධව අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය කර ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි එන්.එම්.පාරිස් නමැති ව්‍යාපරිකයෙකි. ඒ අනුව කාදර් මස්තාන් මහතා විසින් 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල සිදුකොට ඇත. ඒ අනුව මෙම පැමිණිල්ල සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.