රුපියල් 7000 හි දඩය ගෙවා ගැනීමට නොහැකිව මාස 06 කට බන්ධනාගාර ගතකළ ආබාධිත පුද්ගලයකුට වීරවිල එළිමහන් කඳවුරේ නියාමකයකුගේ පහරදීමෙන් රැඳවියා රෝහල් ගතකර ඇත.
හිසේ ඇති වූ ආසාදන තත්වයකට පෙනඩෝල් පෙති දෙකක් ඉල්ලුවයි බන්ධනාගාර නියාමකයකු අමාණුෂික අන්දමින් පොල්ලකින් පහරදීලා, ආබාධිත පුද්ගලයාගේ ඉතිරිව තිබූ එකම අතටද බරපතල හානි සිදූකර, රෝහල් ගත කිරීමකින් තොරව සතියක් රදවා තබාගෙන.
හෙරොයින් මිලි ග්‍රෑම් 200ක් සනතකයේ තබා ගත් ආබාධිත පුද්ගලයකු මට්ටක්කුලිය පොලිසිය විසින් අත්තඩංගුවට රැගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මොහුට රුපියල් 7000 ක දඩයක් නියම කරත් එම දඩ මුදල ගෙවා ගැණීමට නොහැකිවීම හේතුවෙන් මාස 06ක සිරදඩුවමක් සදහා වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය විසින් මොහුව වීරවිල එළිමහන් සිර කදවුර වෙත යොමුකර තිබියදී, වීරවිල එළිමහන් සිර කදවුරේදී නියාමක වරයකු විසින් පැනඩෝල් පෙති දෙකක් ඉල්ලුවාට උරණ වී, පොල්ලකින් පහරදී, මොහුට තිබූ තනි අතටද බරපතල හානි සිදූකර ඇත.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තෙ බඩල්ගම, කටුකෙන්ද, පදිංචි ආබාධිත තත්වයෙන් පෙළෙන, ඩබ්.ඒ. නිශාන් සංජීව හෙට්ටි ආරච්චි නැමැත්තෙකි.
2024.10.22 වන දින හෙරොයින් මිලිගෑම් 200 ක් සමග මට්ටක්කුලිය පොලිසිය විසින් මොහුව අත්තඩංගුවට රැගෙන, පොලීසිය විසින් මොහුව 2024.10.23 දින මට්ටක්කුලිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මොහුට රුපියල් 7000 ක දඩයක් නියමකර ඇති අතර, එම දඩය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණය විසින් මොහුට මාස 06 ක සිර දඩුවමක් නියම කර, වැලිකඩ බන්ධනාගාරය වෙත යොමුකර කර ඇත. ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය විසින් මෙම සිරකරු 2024.10.23 වන දින රාත්‍රී වීරවිල එළිමහන් සිර කදවුර වෙත ස්ථාන මාරුකර යවා ඇති අතර 2024.10.31 වන දින මෙම සිරකරුට ඇති වූ හිස රදයක් හේතුවෙන් මෙම සිරකරු විසින් එහි සේවයේ නියුතු බන්ධනාගාර නියාමකයකු වූ නිශාන්ත නමින් හඳුන්වනු ලබන නිළධාරියාගෙන් පෙනඩෝල් පෙති දෙකක ඉල්ලා සිටීම හේතුකොට ගෙන එයට උරණ වී, එම නියාමකවරයා විසින් මෙම ආභාධීත සිරකරුට පොල්ලකින් අමාණුසික අන්ධමින් පහරදීමේ හේතුවෙන් මෙම සිරකරුට තිබූ තනි අතටද බරපතල හානි සිදූවී ඇත. මෙම පහරදීමෙන් බරපතල තුවාල සිදු වූ සිරකරුට දින 07 ක් ගතවන තෙක් කිසිදූ ප්‍රථිකාරයක් බන්ධනාගාරය විසින් සිදූ නොකිරීමේ හේතුවෙන් පහර කෑමට ලක් වූ සිරකරුගේ අතෙන් අධික ලෙස සැරව ගලායෑම හේතුවෙන් 2024.11.07 වන දින වීරවිල එළිමහන් කදවුර විසින් මොහුව හම්බන්තොට මුලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතරුව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම සිරකරු නේවාසික ප්‍රථිකාර සදහා එම රෝහලේ 04 වාට්ටුව වෙත යොමු කර ඇත. සිරකරුවෝද මනුෂයෝය යනුවෙන් ප්‍රකාශ කලාට මෙම නිලධාරින් සිරකරුවන්ට සලකනු ලබන්නේ කුමනාකාරයකින්ද යන්න අප ඇස්පනාපිට දක්නට ඇත. වධහිංසාවට ලක් නොවී සිටීමේ අයිතිය යනු කිසිම ආකාරයකින් උල්ලංගනය කළ නොහැකි අනුලංගණිය අයිතියකි.