රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මගින් ආරම්භ කර ඇති මානව හිමිකම් ප්‍රථමාධාර අතරින් සාර්ථකම මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථාන තේරීම පසුගියදා මීගමුවේ, කැම්ලට් බීච් හෝටලයේ දී පැවැති විශේෂ උත්සවයක දී සිදු විය. ඒ අනුව වසරේ සාර්ථකම මානව හිමිකම් ප්‍රථමාධාර ස්ථානය ලෙස ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථනය තේරී පත් විය. දෙවැනි ස්ථානය සදහා අනුරාධපුරය මධ්‍යස්ථානයත්, තෙවැනි ස්ථානය සදහා මාතර මානව හිමිකම් මධ්‍යස්ථානයත් තේරී පත් විය.
මෙහි විශේෂත්වය වුයේ මෙසේ තේරී පත්වූ මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථාන ත්‍රිත්වයෙන් පළමු හා තෙවන ස්ථාන දිනාගත් මධ්‍යස්ථානයන් හි සම්බන්ධීකාරකවරුන් කාන්තාවන් වීමයි. ඒ අනුව පළමු ස්ථානය දිනාගත් ගම්පහ මධ්‍යස්ථානයේ කුසුම් සිල්වා මියත්, දෙවැනි ස්ථානය දිනාගත් අනුරාධපුර නිමල් දිසානායක මහතාත්, තෙවැනි ස්ථානය දිනාගත් නිල්මිණි රත්නසේකර මියත් මෙම උත්සවයේ විශේෂ ඇගයීමකට ලක් විය.



රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පළමු වරට මෙසේ සාර්ථකම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන තෝරා ගැනීම සිදු වූ අතර, දැනට ක්‍රියාත්මක ප්‍රථමාධාර 24 තුළින් පැරිණි මධ්‍යස්ථාන 14ක් මෙම තරගය සදහා තෝරාගෙන තිබුනි. ලබන වසරේ දී ද සාර්ථක මානව හිමිකම් මධ්‍යස්ථාන තෝරා ගැනීම සිදු වන අතර, ඒ සදහා දැනට ක්‍රියාත්මක මධ්‍යස්ථාන 24ම තෝරා ගැනීමට නියමිතව තිබේ.
2023/2024 වසරේ සාර්ථකම මානව හිමිකම් මධ්‍යස්ථාන තේරා ගැනීම සදහා භාවිතා වූ නිර්ණායක හා එය සිදු කළ අකාරය පිළිබදව අදහස් දැක්වූ මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක සුනෙත් ගජනායකම මහතා කියා සිටියේ ය.

වසර 15 අධික කාලයක් තිබේ අපගේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන රට පුර විවිධ ප්‍රදේශ ගණනාවක පුරවැසියන්ගේ මානව හිමිකම් කඩවීම් සහ මූලික අයිතිවාසිකම් කඩවීම් සිද්ධීන් සඳහා ඉතා සාධනීය මැදිහත්වීම සිදු කර ඇත. පසුගිය 2023 වර්ෂයේ සහ 2024 අගෝස්තු මස දක්වා අපගේ මධ්‍යස්ථාන 24 න් පැරණි මධ්‍යස්ථාන 17 හරහා එම ප්‍රදේශයන් තුළ මානව හිමිකම් කඩවීම්, මූලික අයිතිවාසිකම් කඩවීම්, සිවිල් ගැටලු සහ සුබසාධන ගැටලු 940ට අවශ්‍ය සහයෝගය සහ මාර්ගෝපදේශ ලබා දීම සිදු කර ඇත. ඒ හරහා බොහෝ පීඩාවට පත් පුරවැසියන්ට මෙම මධ්‍යස්ථාන හරහා යුක්තිය ලගා කර ගැනීමට සහයෝගය ලබා දීමට හැකි වී ඇත.
එම නිසා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථාන ලෙස අප මෙම මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය අධීක්ෂණය සහ ඇගයීමට ලක් කිරීම සිදු කළ අතර ඒ අතරින් වඩාත් සක්‍රීය සහ බලපෑම් සහගත මැදිහත්වීමක් සිදු කල මධ්‍යස්ථාන ඇගයිමට ලක් කරන ලදි. මෙම ඇගයීමේදී මූලික වශයෙන් අප අවධානය යොමු කලේ එම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන කොපමණ මානව හිමිකම් කඩවීම් සංඛ්‍යාවට මැදිහත් වීම් සිදු කර තිබේද, ඒ අතරින් වින්දයන්ට යුක්තිය ලගා කර දුන් අවස්තා මෙන්ම, එම ප්‍රදේශයන් තුළ සක්‍රියාව ජාලගත ක්‍රියාකාරකම්වල නිරතව ඇති ආකාරය සහ සමාජ මාධ්‍ය භාවිතය හරහා මානව හිමිකම් ප්‍රවර්ධනය සහ දැනුවත් කිරීම් සිදු කළ ආකාරය යන ප්‍රධාන කාරණා මූලික කර ගනිමින් ය. එමෙන්ම මූලික අයිතිවාසිකම් නඩු කර ගොනු කිරීම දක්වා වූ සිද්ධීන්ට මූලික මැදිහත් වීම සිදු කිරීම සහ ප්‍රදේශය තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇති ආකාරය යන නිර්ණායක ද මෙහිදි අධීක්ෂණය කරන ලදි. ඒම නිර්ණායක අනුව ලකුණු ලබා දීම සිදු කර මධ්‍යස්ථාන ශේණිගත කිරීම සිදු කළ අතර ප්‍රථම ස්ථානය අපගේ ගම්පහ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරිය කුසුම් සිල්වා මහත්මිය ලබාගත් අතර, දෙවන හා තෙවන ස්ථානය පිළිවෙලින් නිමල් දිසානායක මහතා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සහ නිල්මිණි රණසේකර මහත්මිය සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරන මාතර මානව හිමිකම් ප්‍රථමාධාර දිනා ගන්නා ලදි.
විශේෂම කාරණය වන්නේ මෙම මධ්‍යස්ථාන හරහා අප වෙත වාර්තා වූ කැපි පෙනෙන මූලික අයිතිවාසිකම් කඩවීම් සිද්ධීන් හතරකට අප විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුකර ගොනු කිරීමට කටයුතු කරමින් සිටියි.