අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!

prevention of terrorism act sri lanka

1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987 – 1989 කාලවකවානුව තුළ දී එය සිංහල සමාජය වෙනුවෙන් ඉතාමත් දරුණු අන්දමින් ක්‍රියාත්මක විය.

පනතේ ඇති මානව හිමිකම් අභියෝගයට ලක්වන නීතිමය තත්ත්වයන් කිහිපයක්ම ඇත. එයින් විවාද සම්පන්න එක් කරුණක් වන්නේ රැඳවුම් නියෝගයයි. ළමා අපයෝජනයන්හිදී රඳවා ගැනීමේ හැකියාව පැය 48 ක්ද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන් සම්බන්ධයෙන් පැය 72 ක්ද වශයෙන් පනතේ සඳහන් වේ. එම පරීක්ෂණයන්ට සහයවීම පිණිසයි. නමුත් සාමාන්‍ය අත්දැකීම වන්නේ කිසිඳු චෝදනාවක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත්, දිගින් දිගටම චෝදනාවන් ඉදිරිපත් නොකරම කාලයක් තිස්සේ රඳවා ගෙන සිටීමත්ය.

ලක්ෂ්මන් කදිර්ගාමර් හිටපු විදේශීය ඇමතිවරයාව ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් අසල නිවසක වත්ත පිරිසිදු කිරීමට පැමිණි පුද්ගලයාව වසර 14 ක් තිස්සේ චෝදනාවන් ඔප්පු කිරීමට නොහැකිව රඳවාගෙන සිටියේය. නඩුවේ අවසානයක් දැකීමට පෙර ඔහු වකුගඩු රෝගයකින්, ඇස් පෙනීමත් අහිමිව මිය ගියේය. මීට අමතරව වසර ගණනාවක් තිස්සේ අත්අඩංගුවට පත්ව, වධහිංසනයට භාජනය වී, විවිධ ආබාධයන්ට ලක්ව පසුව නිදොස්කොට නිදහස් වූ පුද්ගලයන් ද රැසකි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් නීති අංශයේ නීතිඥ දුලාන් දසනායක විසින් පවත්වන ලද වැඩසටහනකදී මතු කරනු ලැබූ විවාදයට ලක් කරනු ලැබූ කරුණු අතරින් කිහිපයකි. මේ හැර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇති වෙනත් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය විය. මෙම සාකච්ඡාව ඇති වූයේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ අනෙකුත් ත්‍රස්තවිරෝධී ගැන නීති දැනුවත් කිරීමේ වැඩමුළුවකදී ය. මෙම වැඩමුළුව සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක, ආචාර්ය නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි විය.

2024 අගෝස්තු මස 24 වෙනි දින හම්බන්තොට මිරිජ්ජවිල විහාරමහා දේවී සම්මන්ත්‍රණ ශාලාවේ මෙම පුහුණු වැඩමුළුව පවත්වන ලදි. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථනයේ ව්‍යපෘති නිලධාරී පද්මනාදන් ප්‍රශාන්තන් සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක තරංග එල්.පටබැඳි විසින් වැඩමුළුව සංවිධානය කරන ලදි.

Social Sharing
අවකාශය නවතම