ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නට සුදුසුකම් ඇත්තේ කාටද?

Eligibility to be nominated for the Presidential Election

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු සැපිරිය යුතු මූලික සුදුසුකම් පවතින අතර එහි දි ‘වයස’ ද සැලකිල්ලට ගෙන තිබේ. ඒ අනුව,

  1. ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතු ය.

  1. ද්විත්ව පුරවැසියකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකි ය.

  1. නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 සම්පූර්ණ කර සිටිය යුතු ය.

  1. දෙවරකට වඩා ජනාධිපති වූවෙකු නොවිය යුතු ය.

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) වගන්තියට අනුව අවම සුදුසුකම් ඇති අයකුගේ නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයෙක් හෝ ඔහු හෝ ඇය දැනට මන්ත්‍රීවරයකු නම් හෝ කලින් මන්ත්‍රීවරයකුව සිටි අයෙක් නම් වෙනත් ඕනෑ ම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑ ම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයෙකු හෝ ජනාධිපතිවරණය සඳහා අදාළ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකිය.

  1. දෝෂාභියෝගයකින් ජනාධිපති පදවියෙන් ඉවත් කළ අයෙකුට නාම යෝජනා භාරදිය නොහැකි ය.

  1. ආණ්ඩුකරම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව අනුව ප්‍රජා ආශක්නුතාවකට භාජන වූ අයෙකුට නාම යෝජනා භාරදිය නොහැකි ය.

  1. පසුගිය වසර හත ඇතුළත මාස හයක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැකි ය.

  1. එහෙත් සිර දඬුවමට යටත්ව සිරගත වී සිටින විට කොන්දේසි විරහිත සමාවක් ලැබු පුද්ගලයකුට මෙම තහංචිය බලපාන්නේ නැත.

 

එමෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතු ය යන්න සඳහන් වී නොමැත. ඒ අනුව මින් පෙර ජනාධිපති අපේක්ෂකවරයන් ලෙස 1982 දී පළමු ජනාධිපතිවරණය සඳහා ජී. ජී පොන්නම්බලම් මහතා, මෙන්ම එම්. කේ. සිවාජිලිංගම් මහතා, ඉස්ලාම් ජාතික අබ්දුල් රසුල් මහතා එළෙස ජනාධිපතිවරණයට සිංහල ජාතිකයන් නොවී තරඟකළ අපේක්ෂකයන් ය.  මෙවර ද උතුරේ පොදු අපේක්ෂක ලෙස තරඟ කිරීමට අරියනේත්‍රන් මහතා ද ද්‍රවිඩ ජාතිකයෙකු වේ.

ඒ අනුව යම් අපේක්ෂයෙකු වලංගු ඡන්දයෙන් 50% ලබා ගැනීමට හැකිනම් මෙරට ව්‍යවස්ථාව අනුව ඕනෑම සුදුසුකම් සපිරූ ශ්‍රී ලාංකිකයෙකුට ජනාධිපතිවරයෙකු විය හැක.

Social Sharing
අවකාශය නවතම