අනුරධපුර පොල් වගාවේ සුදු මැක්කා හානිය මැඩලීමට විලෝපිකයෙකු හඳුන්වා දෙයි….

Coconut cultivation in Sri Lanka

පොල්වගාව සදහා හානිකරන සුදු මැක්කා හානිය මැඩලීම සදහා විලෝපිකයෙකු මුදා හැරිම ඊයේ (10) දින සිදු විය. ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා  එන්.ජී. අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාලියපුරදී සිදුවිය.

පොල් වගාව අද වන විට විශේෂ අවධානයක් යොමු වි ඇති කේෂත්‍රයක් බවත්, රටට අතවශ්‍ය කේෂත්‍රයක් බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා  එන්.ජී. අබේසේකර මහත්මිය මෙහිදී  ප්‍රකාශ කලා ය. එසේම මේ සදහා මැදිහත්විම අවශ්‍ය බවත් මෙවැනි රෝග සදහා පරිසරයටත් හානි නොකර, හොදම ක්‍රමය ජෛව පාලන ක්‍රමය බවත් එතුමිය  වැඩි දුරටත් සදහන් කලා ය .

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරක් තුල මෙම විලෝපිකයින් මුදා හැරිම සිදු විය. ඒ සාලියපුර, මිහින්තලය, හිදෝගම හා මහඉලුප්පල්මයි. මෙහි දි මෙම එක විලෝපිකයෙක් සුදු මැස්සාගේ සිරුර තුල බිත්තර 100 ක පමණ සංඛ්‍යාවක්  දමයි. එයින් සුදු මැස්සා හානිය නැති වෙනවා සේම විලෝපිකයින් මසක් පමණ ඇතුලත විශාල ලෙස බෝවෙයි. මේ නිසාම ඉතා කෙටිකල දි සාර්ථක පිළිතුරු බලාපොරොත්තු විය හැකි බව අදහස යි.

Coconut cultivation in Sri Lanka

සුදු මැක්කා හානිය නිසා 30 %  දක්වා අස්වනු අඩු විම දක්නට ලැබෙන බවත්, ඒ නිසාම මේ සදහා වෙනත් ක්‍රමයන් අත්හදා බැලිම සිදු කලා. එහි ප්‍රතිඵලයක් ලෙස ගන්නෝරුව පෑලැටි සංරක්ෂණ මණ්ඩලය මගින් මෙම විලෝපිකයා වන Encarsia guadeloupae  සොයා ගෙන ඇත. මෙහි සාර්ථක අසාර්ථක භාවය අනුව දිස්ත්‍රික්කය පුරාම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව  පොල්වගාකිරිමේ මණ්ඩලයේ ප්‍රාදේශිය කලමණාකරු එම්.ඒ.පී. ගුණසිංහ මහතා ප්‍රකාශ කලා.

වර්තමානයේ දි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොල්වගාව සදහා සුදු මැක්කාගේ හානිය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දි අනාවරණය විය. හානිය සදහා විලෝපිකයෙකු හදුන්වා දුන්න ද අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා තවමත් මෙම විලෝපිකයා ලැබි නැත. මේ නිසාම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා මේ පිලිබදව අවශ්‍ය පාර්ශවයන් දැනුවත් කිරිම සිදුකර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එන්.පී. හරිත නිමලනන්ද මහතා ගේ සම්බන්ධිකරණයෙන් පොල්වගා කිරිමේ මණ්ඩලය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.

Coconut cultivation in Sri Lanka

වෙනත් දිස්ත්‍රික්කයන් තුලත් මෙම ක්‍රමය යොදා සාර්ථක වි ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එන්.පී. හරිත නිමලනන්ද මහතා සදහන් කළේ ය. එසේම තිරසාර විසදුමක්  වශයෙන් හදුන්වා දිය හැකිකේ මෙවැනි පරපෝෂිතයින්  හදුන්වා දිම බවත් ඒ මහතා කියා සිටී.

මෙම විලෝපිකයින් හා විලෝපික පිලා කෝෂ නිදහස් කිරිම හා සුදු මැස්සා හානිය පිලිබදව ප්‍රයෝගිකව ගොවින් දැනුවත් කිරිම සිදු විය. පොල්වතු හිමියන් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ සදහා සම්බන්ධ විය.

මෙම අවස්ථාව සදහා අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයේ නිලධාරින්, පොල්වගාකිරිමේ මණ්ඩලයේ නිලධාරින් ඇතුලු රාජ්‍ය නිලධාරින් හා ගොවින් ඇතුලු පිරිසක් එක් වුහ.

 

තිසර සමල් සෝමරත්න අනුරාධපුර

072-4280280

2024.07.11

Social Sharing
අවකාශය නවතම