විග්නේශ්වරන්  පාර්ලිමේන්තුවට කලින් මුල්ලිවයිකල් ගොස් දිවුරුම් දෙයි.

විග්නේශ්වරන් පාර්ලිමේන්තුවට කලින් මුල්ලිවයිකල් ගොස් දිවුරුම් දෙයි.

නව රජයේ අභිනව පාර්ලිමේන්තු සැසිවාරයට පෙර දෙමළ මහජන ජාතික සන්ධානයේ නායක සී.වී විග්නේශ්වරන් අද (13)  මුල්ලිවයිකල් හිදී දිවුරුම් දෙමින් මිය ගිය අයගේ ආශිර්වාදය ලබාගෙන තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙමළ මහජන ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කළ සී.වී විග්නේශ්වරන් තේරී පත් විය. එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය 20 වනදා ආරම්භ වන දිනයේම මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව ඇති නමුත් මොහු අද (13) මුල්ලිවයිකල් හිදී දිවුරුම් දී ඇත. විග්නේශ්වරන් අද උදෑසන 11.15 ට පමණ සිය පක්ෂ සමාජිකයින් සමඟ  මුල්ලිවයිකල් අනුස්මරණය නැරඹීමට ගොස් ඊට පුෂ්පෝපහාර දැක්වීය. පසුව ඒහි රැඳි සිටිමින් පහන් දල්වා 11.45 ට පමණ ඉන් නික්ම…

Read More

දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව අගමැති කියයි.

දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව අගමැති කියයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂයට උතුරු හා නැගෙනහිර  වැඩි ආසන දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ( TNA ) බලකොටුව අල්ලා ගනිමින් දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ  මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින මහනුවරදී සිය අමාත්‍යධුරය භාර ගැනීමෙන් අනතුරුව විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇති බව todayjaffna වෙබ් අඩවිය සඳහන් කර සිටියි. උතුරු හා නැගෙනහිර මැතිවරණ කොට්ඨාශ වල  මෙවර ආසන 9 ක් දිනා ඇති අතර  දෙමළ ජාතික සන්ධානය සහ එහි සගයන් ආසන 11 ක් දිනා ඇත. එනම්, යාපනය, වන්නි…

Read More

TNA ජාතික ලැයිස්තුවට මන්ත්‍රීධුරය නම් කිරීම කුමන්ත්‍රණයක්ද?

TNA ජාතික ලැයිස්තුවට මන්ත්‍රීධුරය නම් කිරීම කුමන්ත්‍රණයක්ද?

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුව පිලිබඳ ප්‍රශ්නයට තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් ඒ් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් විමසා සිටින ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්  සම්පන්දන් මහතා කියයි. දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට අම්පාර දිස්ත්‍රික්කයෙන් අපෙක්ෂකයෙකු නම් කරනු ලැබුයේ ඉකුත් 09 දාය. ඒ් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කර පරාජයට පත් වු තවරාසා කලෙයි අරසන් මහතාවය. මෙම නම් කිරිම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා හා පක්ෂ සමාජිකයින් කිහිප දෙනෙකු ඒක්ව කළ සාකච්ඡාවකින් අනතුරුව සිදු කර ඇත. නමුත් මෙම මන්ත්‍රීධුරය මාවෙයි සේනාධිරාජා මහතාට හිමි විය යුතු…

Read More

විෂය පථය කුමක් වුවත්  ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි

විෂය පථය කුමක් වුවත් ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි

තමන්ට හිමිවුණු විෂය පථයක් කුමක් වුවත්  ජනතාව වෙනුවෙන් සේවය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පවසති. සියලු ජනතාවට රුපියල් දස දහසක ආධාර මුදල් ලබා දෙන බව ඇතැමුන් දේශපාලන වේදිකායේ ප්‍රකාශ කළත් ඒ සියල්ල පසෙකලා ජනතාව රට වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යය සිදු කර ඇති බව මැනවින් පැහැදිලි වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් අද (13) පෙරවරුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළහ. රට ගොඩනැඟීම සඳහා ජනතාව රජය වෙත විශ්වාසය පළ කර ඇතැයි  සඳහන් කළ උන්වහන්සේ තවදුරටත් මෙසේද කීවේය. තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කිරීම සහ…

Read More

“අද කලාකාරයාට රසිකයා පිළිබඳ විශ්වාසයක් නැහැ” – සංජය ඈපා සෙනෙවිරත්න (නිර්මාණවේදී)

“අද කලාකාරයාට රසිකයා පිළිබඳ විශ්වාසයක් නැහැ”

පොදු සමාජ දේශපාලනය ගත්තොත් මේ මොහොතේ රට තුළ තිබෙන තත්ත්වය මොන වගේද කියන ඒක හරි පැහැදිලියි. මේ වෙනකොට ජනාධිපතිවරයාට බහුතර ජනතාව 2/3 ක බලයක් ලබාදීලා තියෙනවා. එම තත්ත්වය මත තමයි ඉදිරියේ බල දේශපාලනික හැසිරීම තීරණය වෙන්නේ. මේ තත්ත්වය තුළ අපි කතාකරමු ශුද්‍ර තලයේ ක්‍රියාතමක වෙන සංස්කෘතික දේශපාලනය ගැන. මේ මොහොතේ සංස්කෘතික දේශපාලනය වුණත් තිරණය වෙන්නේ, මේ පාලන රටාව එක්ක. මේ සමස්ථය තීරණය වෙන්නේ එතනින්. අපි කොහොමද මේක තේරුම් ගන්නේ? අපි මේක තේරුන් අරගෙන ඉන්නවද? මට හිතෙන්නේ අපිට විසිරුණු අදහසක් තමයි මේ ගැන තිබෙන්නේ. එහෙම වුනාම ප්‍රශ්නයක් එනවා නේද? එතකොට කලාකරුවන්,…

Read More

දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රජයේ ආයතන 35 ක් ආරක්ෂක අමාත්‍යාංශයට

දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රජයේ ආයතන 35 ක් ආරක්ෂක අමාත්‍යාංශයට

රජයේ ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබේ. ඒම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මේ සතියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්වදේශ කටයුතු, අභ්‍යන්තර ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන තිස් පහක් මින් ඉදිරියට ආරක්ෂක අමාත්‍යාංශයට අයත් වේ. මෙහි විශේෂත්වය වනුයේ සිවිල් ආයතන රැසක් මෙවර ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමය. ඒ් අනුව ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථයට අයත් ආයතන වන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන්…

Read More