රනිල් එජාප නායකත්ව‍යෙන් ඉවත් ‍‍‍‍වෙයි!

රනිල් එජාප නායකත්ව‍යෙන් ඉවත් ‍‍‍‍වෙයි!

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂ 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ  නායකයා ලෙස කටයුතු කරයි. මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ දරුණු බෙදීමක් සිදු වුනු අතර රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසයේ දරුනුතම පසු බෑමකට  මෙම මැතිවරණයේදී පත් විය.

Read More

රනිල් ගේ පරාජය පිළිබඳව ඇති අසීමිත සතුට!

රනිල් ගේ පරාජය පිළිබදව ඇති අසිමිත සතුට – ප්‍රබෝධ රත්නායක

ඒ 2013 වසරයි. දරුවන් අතුරුදහන්වූ උතුරේ මව්පියන් සමග ඒක්ව සංවිධානය කල මානව හිමිකම් සැමරුම කොළඹ දී පැවැත්වීමට කිසිදු ස්ථානයක් ලබා ගත හැකි ලෙස අපව ප්‍රතික්ෂේප වෙත්දී ඒ සඳහා ඉඩ විවර වුයේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පමණි. සමහර විට සිරිකොත පරිශ්‍රය ඒවැනි බාහිර කටයුත්තක් සඳහා යොදා ගැනුන ප්‍රථම සහ ඒකම අවස්ථාව විය හැක, කාර්යාලයේ සිටි UNP පාක්ෂිකයන්ට පවා එය නුහුරු – අලුත් අත්දැකීමක් ලෙස අපට හැගුණි. දින දෙකක් පැවැත්වූ එම උළෙලේ දෙවන දිනයෙදී ජාතිවාදී මැර කණ්ඩායමක් සිරිකොත වැටලූ අතර ඔවුගේ ප්‍රධාන විරෝධය එල්ල වූයේ පැමිණි සිටි උතුරේ දෙමළ දෙමව්පියන්ටය. එහෙත් එම…

Read More

රියැලිටි ෂෝ 13 ට අඩු දරුවන්ට තහනම් වෙන ලකුණු!

රියැලිටි ෂෝ 13 ට අඩු දරුවන්ට තහනම් වෙන ලකුණු!

පහුගිය සති කිහිපය පුරා රටේ අවධානය යොමු වුයේ ප්‍රසිද්ධ රූපවාහීනී නාලිකාවක් විසින් සංවිධානය කරන කරන රියැලිටි වැඩසටහන් රැසකදී එහි පසුතල නිර්මාණ ශිල්පියා අතින් කුඩා දරුවන් රැසක් අපයෝජනය වීමේ සිදුවීම කෙරෙහිය. විටෙක පෞද්ගලික උපකාරක ගුරුවරයෙකු ලෙසින්ද පෙනී සිට ඇති ඔහු කුඩා දරුවන් අපයෝජන ය කර ඒවා විදේශයට අලෙවි කරන්නටද ඇති බවට පොලීසිය සැක පළ කරනු ලබයි. කෙසේ නමුදු මේ වන විටත් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. මේ අතර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාද මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබු අතර ඔහු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගෙන්වා…

Read More

මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය!

මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය!

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977 යි. 1970 දී තුනෙන් දෙකේ බලයක් ලබාගත් සමගි පෙරමුණු රජය 1972 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේ ය. එම රජය පරාජය කරමින් 1977 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් එක්සත් ජාතික පක්ෂයට තනිව ම හයෙන් පහක බලයක් ලැබිණි. එම පක්ෂය 1978 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවේ ය. වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට තනිව තුනෙන් දෙකේ බලයක් නැතත්, ඔවුන් ඉතා පහසුවෙන් තුනෙන් දෙකේ බලය…

Read More

කොරෝනා රෝගීන් කෝටි දෙක ඉක්මවයි  

පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය කෝටි දෙක ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 20,023,500ක් ලෙසය.  ඉන් මිලියන 12 කට වැඩි ප්‍රමාණයක් (12,897,984) මේ වන විට සම්පුර්ණ සුවය ලබා තිබේ.  මෙම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය 733,995 කි. කොටි දෙකක් වූ මෙම සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් කොටියකට වැඩි ප්‍රමාණයක් වර්තා වන්නේ ප්‍රධාන රටවල් තුනකිනි. ඒ අනුව ඇමරිකා ඒක්සත් ජනපදයෙන් රෝගීන් 5,199,444 ද බ්‍රසීලයෙන් 3,035,582 ක්  හා ඉන්දියාවෙන්  රෝගීන් 2,214,137 මේ වන විට වාර්තා වී තිබේ.…

Read More