මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි!

මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථාදායක  සභාව වෙත භාර දී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශ වාර්තා කරයි. පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේද මේ බව සදහන් කර ඇත. ඇයගේ ඉල්ලා අස්වීම බල පැවැත්වෙන්නේ සැප්තැම්බර මාසයේ සිට බවත් සදහන්. ව්‍යවස්ථාදායක සභාව ඇය විසින් සිදු කරන ලද සේවයද අගය කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියදී ආචාර්ය දීපිකා උඩගම මෙම තනතුරට වර්ෂ 2015දී පත් කරන ලදී.

Read More

නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් සම්පුර්ණයෙන් වැලකිය යුතුයි! – මැකෝ

නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් සම්පුර්ණයෙන් වැලකිය යුතුයි! - මැකෝ

මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීම සඳහා මේ වන විටත් විද්‍යුත් නාලිකා 17 ක් අවසරය ලබා ගෙන ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. මෙවර නිල මැතිවරණ ප්‍රතිඵල විකාශය විද්‍යුත් මාධ්‍ය සඳහා පමණක් වන අතර ඊට මැතිවරණ කොමිසමට අදාල ගෙවීම් සිදු කර අවසර ලබා ගත යුතුය. සහතික කරනු ලබන ප්‍රතිඵල ආරක්ෂිත පරිගණක ජාලයක් මඟින් එසැණින් ලබා දීමට මෙහිදී මැතිවරණ කොමිසම කටයුතු කරනු ලබයි. ඒ අනුව විද්‍යුත් නාලිකා 17 ක්, එෆ්. එම් නාලිකා 23 ක්, පුවත්පත් වෙබ් සයිට් 11 ක්, වෙනත් පුවත් සයිට් 14 ක්, සමාජ මාධ්‍යජාලා 16 ක්, එස්, එම්,…

Read More

ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!

ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව  වාර්තා වී ඇති සමස්ත  ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව  දහස ඉක්මවා ගොස් ඇති අතර  ඉන්  හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව  අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ. ප්‍රචණ්ඩ ක්‍රියා අතුරින් දෙවැනි ස්ථානය ගන්නා සමගි  ජනබලවේගයට වඩා තුන් ගුණයකටත් වැඩි ප්‍රමාණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරතව තිබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV) වාර්තා කරයි. පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට  අගෝස්තු 1 සෙනසුරාදා  දක්වා ගත වු මාස පහක කාලයේදී     රට තුල වාර්තා වී ඇති…

Read More

වධහිංසාවන් ඇතුළු නීතිවිරෝධී ඝාතන රැල්ල ඉහළ යන ලකුණු!

වධහිංසාවන් ඇතුළු නීතිවිරෝධී ඝාතන රැල්ල ඉහළ යන ලකුණු!

ජූලි 11 දා, අඟුලාන පොලීසියේ නිලධාරියෙකු විසින්, මොරටුව, ලුනාව වෙරල අසබඩ ජීවත්වූ අමිත් කරුනාරත්න නමැති ධීවරයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ප්‍රදේශයේ මහජනතාව ආරම්භ කල විරෝධතා උද්ඝෝෂනය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ඔවුහු, ජූලි 16 දා අඟුලාන පොලීසිය ඉදිරිපිට තවත් විරෝධතා උද්ඝෝෂණ දෙකක් පැවැත්වූහ.   සිද්ධිය සම්බන්ධ නඩු විභාගය එදින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයේ පලමු වරට පැවැත්වීමට නියමිතව තිබියදී, එහි ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා පොලීසිය විසින් රැගෙන යාමට එරෙහිව, ඔවුන් දෙදෙනා වහාම ලබාදෙන ලෙස ඉල්ලා පලමු උද්ඝෝෂණය පැවැත්වින.   උද්ඝෝෂණයට අවශේෂ මහජනතාවගේද අවධානය යොමුවෙමින් පැවති තතු තුල, පොලීසිය සාක්ෂිකරුවන් දෙදෙනා භාර දුන්නද, අධිකරණ යට පැමිණි කරුනාරත්නගේ…

Read More

ඉන්දියාව දිනකට කොරෝනා රෝගීන් පනස්දහස ඉක්මවයි

ඉන්දියාව තුළ කෝවිඩ් 19 වෛරසය පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ් පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් පමණක් කොරෝනා රෝගීන් පනස්දහස ඉක්මවා වාර්තා වීම තුළිනි. මිලියන දෙකකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා කරන ඉන්දියාව තුළ ඊයේ (2) දින කොරෝනා රෝගීන් 52,783 ක් වාර්තා වී ඇති අතර, ඊට පෙර දින (1) වාර්තා වූ සංඛ්‍යාව 54,865 කි. මෙම වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියානුවන් 38,161 ක් මේ වන විට මියගොස් තිබේ. ඊයේ දිනයේ මියගොස් ඇති සංඛ්‍යාව 758ක් බව…

Read More

රැඩිකල් මැද මාවතක් – මංගල සමරවීර

රැඩිකල් මැද මාවතක් – මංගල සමරවීර

1947 සිට  ගත් කළ 16 වැනි පාර්ලිමේන්තුව තේරීමට අගෝස්තු 5 වැනි දින තවත් මහ මැතිවරණයකට අප සූදානම් වෙමින් සිටින මේ අවස්ථාව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වසනීයත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ හා අනාගතය පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසුම මොහොතකි. පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ සමග ඒකාබද්ධව විධායක ජනාධිපති ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමේ සිට කවර හෝ ආකාරයක මැතිවරණයක් නොපැවැත්වුණ වසරක් නොවූ තරම්ය. රටක ප්‍රජාතන්ත්‍රවාදී විශ්වසනීයභාවය මැනීමේ මිනුම් දණ්ඩ මැතිවරණ පැවැත්වීම නම්, ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ඉහලින්ම සිටිනු නිසැකය. කෙසේ වෙතත්, 2019 ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයෙහි  ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය (The Democratic Index of…

Read More