විග්නේශ්වරන්  පාර්ලිමේන්තුවට කලින් මුල්ලිවයිකල් ගොස් දිවුරුම් දෙයි.

නව රජයේ අභිනව පාර්ලිමේන්තු සැසිවාරයට පෙර දෙමළ මහජන ජාතික සන්ධානයේ නායක සී.වී විග්නේශ්වරන් අද (13)  මුල්ලිවයිකල් හිදී දිවුරුම් දෙමින් මිය ගිය අයගේ ආශිර්වාදය ලබාගෙන තිබේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙමළ මහජන ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කළ සී.වී විග්නේශ්වරන් තේරී පත් විය. එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය 20 වනදා ආරම්භ වන දිනයේම මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව ඇති නමුත් මොහු අද (13) මුල්ලිවයිකල් හිදී දිවුරුම් දී ඇත.

විග්නේශ්වරන් අද උදෑසන 11.15 ට පමණ සිය පක්ෂ සමාජිකයින් සමඟ  මුල්ලිවයිකල් අනුස්මරණය නැරඹීමට ගොස් ඊට පුෂ්පෝපහාර දැක්වීය. පසුව ඒහි රැඳි සිටිමින් පහන් දල්වා 11.45 ට පමණ ඉන් නික්ම ගිය බව ද පැවසේ.

මෙම අවස්ථාව සඳහා ඔහුගේ පක්ෂ සාමාජිකයින් වන ආනන්ද ශෂීදරන්, ශිවාජිලංගම්, සුරේෂ් ප්‍රේම්චන්ද්‍රන්  යන අයද ඒක්ව ඇත.

උතුරු පළාතේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ විග්නේශ්වරන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

මේ අතර, දෙමළ ජාතික මහජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෙනසුරාදා (15)  මුල්ලිවයිකල් හී දිවුරුම් දීමට නියමිතය.

  • ශානිකා
Social Sharing
නවතම