ධනපති පංතිය ගිල ගත් මං තීරු

ත්‍රීරෝද රථ සහ  යතුරුපැදිකරුවන් මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කිරීම අධික  වීම නිසා  2015 දී මං තීරු නීතිය ක්‍රියාත්මක කළේය. නමුත් ඒය ක්‍රියාත්මක වුයේ ටික කාලයකි. එම මං තීරු නීති ක්‍රමය යළි 2019 වසරේදි ක්‍රියාවට නැංවු අතර එයද ඉබේම අහෝසි වී ගියේය.

මේ අතර වත්මන් රජය බලයට පත් වීමත් සමඟ යළි මං තීරු නීතිය ආරම්භ කළේය. ඒ් ඉකුත් සතියේ සිටය. පොලිස් දෙපාර්තමේන්තුව හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මං තීරු නීතිය හඳුන්වා දුන්නේ මාර්ග තදබදය අඩු කිරීමටය.

ප්‍රථමයෙන්ම බස් රථ සඳහා මං තීරුවක් හඳුන්වා දුන් අතර එය එක් දිනකට පමණක් සීමා විය.  දෙවැනි දිනයේ සිට ඊට ත්‍රිරෝද රථ හා යතුරුපැදි ද අනියුක්ත කළේය. පළමු දවසේ කිසිදු මාර්ග තදබදයක් නොතිබුණු අතර දෙවන දිනයේ එය සම්පුර්ණයෙන්ම වෙනස් විය. ඒ් කිලෝ මීටර් ගණන් දුරට මාර්ග තදබදයක් ඇති වීම නිසාය. බස් රථ, ත්‍රීරෝද රථ හා යතුරු පැදි එකම මං තීරුවක ධාවනය වන විට පුද්ගලික සැප වාහන වල ගමන් කිරීමට අනෙක් තීරුව වෙන් වු අතර එම තීරුවේ වාහන අශ්ව වේගයෙන් පියඹා යන්නේ ඔවුන්ට කිසිදු මාර්ග අවහිරතාවයක් මේ මං තීරු ක්‍රමයෙන් ඇති නොවුනු බැවිනි.

වෙනත් රටවල මාර්ග තදබදයට විසඳුම් සොයා ඇත්තේ පොදු ප්‍රවාහන සේවයට ප්‍රමුඛත්වයක් දෙමිනි. එනම් බස් සඳහා වෙනම මං තීරුවක් හඳුන්වා දෙමිනි. එහිදී ඒ් රටවල් අපේක්ෂා කරනු ලැබුයේ ජනතාව පුද්ගලික වාහන භාවිතය අතහැර පොදු ප්‍රවාහන සේවාවේ ගමන් කරවමින් ඒම සේවාව දියුණු කිරීමය.

නමුත් අපේ රටේ දැන් සිදුව ඇත්තේ ඉන් අනෙක් පැත්තය. මේ බස් මං තීරුවට යතුරුපැදි හා ත්‍රීරෝද රථ එක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද,  සමස්ත ලංකා යකුරුපැදිකරුවන්ගේ සංගමයද මීට විරෝධය පළ කර ඇත. මෙය අනතුරු බහුල වීමට ඒක් හේතුවක් බව ඔවුන් පෙන්වා දී සිටියි.

එමෙන්ම දැන් පවතින තත්ත්වය මත බස් රථ වල, යතුරුපැදි වල, ත්‍රීරෝද රථ වල ගමන් ගන්නා අයට ගමනාන්තයට ළඟා වීමට සිදුව ඇත්තේ බොහෝ ප්‍රමාද වීය. මෙය රාජකාරි සඳහා යන  සේවක සේවිකාවන්ට ඉමහත් පීඩනයක් ගෙන දෙන්නකි.

මේ අතර මං තීරු නීතිය කඩකරන්නන්ට ලබන සඳුදා සිට රුපියල් 2000 ක දඩයක් නියම කිරීමටද නියමිතව ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර තිබුණි.

මේ මං තීරු නීතිය ගැන දැන් රටේ ජනතාවට ඇත්තේ ප්‍රසාදයක්  නොවේය. ඔවුන් සමාජ ජාලා මාධ්‍ය හරහා විවිධ පෝස්ටු දමමින් මෙම ක්‍රමය පිලිබඳ ඔවුන්ගේ අප්‍රසාදය, උපහාසය පළ කරමින් සිටිති.

කෙසේ නමුදු බස් වලට ගෙනා ප්‍රමුඛතා මං තීරුව අවසානයේ ධනපති පංතියට යටපත්ව ගියේ එක දිනකිනි.

-ශානිකා-

Social Sharing
නවතම