“ඉසබෙලා ගොත ගැසූ කුමාරිගේ කතාව” ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ දී යොදාගත හැකි මෙවලමක්

“ඉසබෙලා ගොත ගැසූ කුමාරිගේ කතාව” ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ දී යොදාගත හැකි මෙවලමක්

බෙයටා ඇකර්මන් විසින් රචිත “ඉසබෙලා ගොත ගැසු කුමරිගේ කතාව” සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ,  මහාචාර්ය සුභාංගි මාධවිකා කමලලෝචනා හේරත් විසින් පරිවර්තනය කරනු ලැබීය. උපදේශනාත්මක ළමා කතාවක් වන මෙම කෘතිය පිළිබදව සාහිත්‍යයමය සාකච්ජාවකින් ඔබ්බට ශාස්ත්‍රීය කථිකාවක නිරත වීම අතිශය වැදගත් වන්නේ ආබාධ සහිත ප්‍රජාවන්ට ආවේණික ගැටලුවල තිබෙන සුවිශේෂීතාවය අනෙකා තේරුම් ගත යුතු නිසාය. සමාජ අපහරණයට ලක් වූ ප්‍රජාවන් වෙනුවෙන් කටයුතු කිරීමේ දී සමාජ වැඩ වෘත්තීකයින් වන අප විසින් සලකා බැලිය යුතු ගැඹූරු කරුණූ කිහිපයක් වෙත මෙම කෘතිය මගින් ආවරණය  කරන  බැවිනි.

මහාචාර්ය සුභාංගි ‌හේරත්, ස්ලෝවේනියාවේ ල්‍යුබ්ල්‍යානා විශ්වවිද්‍යාලයේ සමාජ කාර්යවේදය පිළිබද පීඨය සමග දීර්ඝ කාලීනව ආරාධිත දේශකවරියක් ලෙස කටයුතු කිරීමත් ශාස්ත්‍රීය මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස, බෙයටා ඇකර්මන් විසින් ස්ලෝවේනියා බසින් රචිත මුල් කෘතිය පරිවර්තනය කිරීමේ අවස්ථාව උදා වී ඇත. ඉහත කී අත්දැකීම් තුලින් කතුවරියට වෙනත් සංස්කෘතික කලාපයන් ස්පර්ශ කර සංකීර්ණ මිනිස් සම්බන්ධතාවල තිබෙන සමානතා අප වෙතට ගෙන ඒමේ කවුලුවක් පාඨකයාට විවෘත කර ඇත.බොහෝ ළමා ග්‍රන්ථ අතර උපදේශනාත්මක ළමා ග්‍රන්ථ බොහෝ ඇතත් ආබාධිතභාවය හා බැදුණු ගැටලු පිළිබදව ඉතා සියුම් අයුරින් ළමා මනසට කා වැද්දීමට සමත් මෙවැනි ග්‍රන්ථයක් කතුවරියට ඇසුරු කිරීමට ලැබී නැති බව පරිවර්තකගේ සටහනේ ඇය සදහන් කරනු ලබයි.

ආබාධසහිත ප්‍රජාව ආශ්‍රීතව මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ මතු වූ සාකච්ජාවේ උද්යෝගීමත්භාවය නිසාත් ක්ෂුද්‍ර සහ සාර්ව මට්ටමේ මැදිහත් වීමේ දී ඒ් කේෂ්ත්‍ර වල වැඩ කරන විවධ පාර්ශවවලින් අවධානයට ලක්කළ යුතු කරුණු රැසක් මෙම කෘතියෙන් අවධාරණයට ලක් කරනු ලැබේ.

“ඉසබෙලා ගොත ගැසූ කුමාරිගේ කතාව” ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ දී යොදාගත හැකි මෙවලමක්

ආබාධ සහිත දරුවෙකු පවුලක ඉපදීම සමග දෙමාපියන් සහෝදර සහෝදරියන් කායික මානසික හිංසනයට විවිධ ස්වරූපයෙන් ලක්වන දැරිවියක් පවුල තුළ එම තත්ත්වය වෙනස් කිරීමට දරන රැඩිකල් උත්සාහයක් පිළිබදව මෙම කෘතියෙන් සාකච්ජා කරනු ලැබේ . එය අපූරු ළමා කථාවක් වන්නේ අප විසින් සිදුකරන  නොසළකා හැරීම්, සමච්චල් කිරීම, අවතක්‌සේරුකිරීම්, පිළිකුලට ලක් කිරීම වලට කෘතියෙහි කතා නායිකාව වන ඉසබෙලාගේ අත්දැකීම් සමග ආවර්ජනය කරන්නට, ප්‍රශ්න කරන්නට, පවතින ව්‍යුහයට අභියෝග කිරීමට සාමාන්‍ය පාඨකයින් ද වෘත්තිකයින් වන අපට ද ගමන් කල යුතු දිශානතිය පිළිබද අවධානය යොමු කරනු ලැබීමයි. ගොත බව සහජයෙන් උරුම කරගත් දැරිවියක් ධෛර්ය සම්පන්නව ජීවිතය ජය ගැනීමට දරන උත්සාහයත් ඒ් සදහා ශක්‍යතා මූලීක කරගත් ප්‍රවේශයක් අනුගමන කරන බවත් කෘතිය පරිශීලනයේ දී මා හට හැගිණී.

කතා සාරය ඔබ වෙත දක්වනවා නම්, රජ පවුලක ගොත ගසන කුමරියක් ඇගේ සහෝදර සහෝදරියන් සමග ජීවත්වීමේ දී ඇයට සිදුවන කායික මානසික හිංසනය මෙන්ම නොසලකා හැරීම් පිළිබද අත්දැකීමකි. ළමා කතා ආරම්භ වන ආකාරයටම මෙම කතාවත් ආරම්භ කර තිබේ. “ඒකමත් ඒක කාලයක විශාල මාලාගාවක් රජෙකුයි රැජීනකුයි වාසය කළා. එයාලාට පුතාලා දෙදෙනෙක් සහ දුවලා තුන් දෙනෙක් හිටියා. වැඩිමල් කුමාරිකාව, ඒවිලිනා තමයි හැම වෙලේම තීරණ ගත්තේ. එයාට පස්සේ දගකාර නිවුන්නු දෙන්නා ෆිලිප් යාකොබ් නිවන්නු දෙන්නා කටකාර ලුයිසා කුමාරිකාව. අන්තිමට ඉපදුනේ නිශ්ශබ්ද කුමරී ඉසබෙලා. ඒයා හරිම නිශ්ශබ්දයි”.

අපිට මෙම කතාවේ කතා නායිකාව වන ඉසබෙලා කුමරියගේ ජීවිත අත්දැකීම් පිළිබදව අවධානය යොමු කරන විට ප්‍රශ්න කල යුතු කාරණාව නම්, ඉසබෙලා කුමරිය නිශ්ශබ්ද කුමරිය වුණේ ඇයි? එය ඇගේ උත්පත්තියෙන් ගෙනා නිශ්ශබ්දතාවක් ද? විශේෂයෙන් ඇගේ සහෝදර පිරිස අවවාද කලා ගොත ගහන්නේ නැතුව කථා කරන්න කියලා. චවන එරියට ශබ්ද කරන්න බැරිවෙනකොට ඒයාගේ වැරදි කිව්වා. ඒ් නිසා දවසින් දවස ඉස‌බෙලා නිශ්ශබ්ද කුමාරිකාව වුණා. ඇත්තටම මෙයින් දෙන ගැඹුරු පණීවිඩය කුමක්ද ? ආබාධිතව බව යන්න හදුනාගැනීමේ දී සමාජීය ආකෘතියෙන් විශ්ලේෂණය කරද්දි ආබාධිත බව යන්න පුද්ගලයාගේ නිර්මාණයක් නොව සමාජය විසින් නිර්මාණය කරන ලද්දක් බව මෙම කෘතියෙන් සනාථ කරන බවයි.

බොහෝ විට ස‍ෙල්ලම් කිරීමේ දී ඇයව ඉවත් කරන්නේ ඔයාට බෑ. අවධාරණයෙන් ඇගේ සහෝදරයා දක්වන්නේ නාට්‍යයක රගපාන්න….. ඔයාට හරියට දෙයක් කරන්න බැරිව නාට්‍යයක රගපාන්නේ කොහොමද බව දැක්වීමෙනි. අනෙක් සහෝදර පිරිසගේ පිළිතුර වූයේ ඔයා හරියට කියන්න දෙයක් ඉගෙන ගන්නකම් ඔයාට අපිත් ඒක්ක සෙල්ලම් කරන්න බැරි බවයි.

“ඉසබෙලා ගොත ගැසූ කුමාරිගේ කතාව” ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ දී යොදාගත හැකි මෙවලමක්

ආබාධ සහිත පුද්ගලයෙකුට ජීවිතයේ විවිධ අවස්ථා වලදී සිදුවන ක්‍රියාකාරකම් සීමා, සහභාගීත්වයට ඇති අවහිරතාවයන්, ආබාධ  සහිත කතිකාව තුල නිරන්තරයෙන් සාකච්ජාවට භාජනය වන මාතෘකාවක් ලෙස දැක්විය හැකිය. පුද්ගලයාගේ ශරීරයේ හැඩහුරුකම සහ අන්තර්ක්‍රියා මගින් පරාවර්තනය වන්නේ ඔහු ‌හෝ ඇය ජීවත්වන සමාජයේ හැඩහුරුකමයි. රජගෙදර සාමාජිකයින් අතර බල සම්බන්ධතාවය ගොඩනැගී ඇති ආකාරය දෙස බලන විට ඒම අදහස මැනවින් සනාථ වේ.

එම තත්වයට මුහුණ දෙන ඉසබෙලාට වුණේ අවස්ථා ගණනාවකදී අඩන්න .‌‌හොදටෝම අඩන්න. සමාජ වැඩ වෘත්තිකයින් වශයෙන් මෙවැනි අත්දැකිම් නිරන්තරයෙන් අසන්නට ලැබේ. සාමාන්‍ය සමාජය ආබාධ සහිත ලෝකය සංජානනය කරන්නේ ඔවුන්ට කිසිවක් තනිව කල නොහැකි ආකාරයටයයි. ඉසබෙලා කෘතියේ ඒවැනි  සංසිද්ධි ජීවිතයේ විවිධ සංසංදිස්ථාන වලට අපව රැගෙන යාමේ හැකියාව කෘතිය පුරාවට දක්නට  ලැබේ.

නැවතත් ඉසබොලා කුමරිය දෙස අවධානය යොමු කරන විට ඇගේ දුක ඇය කියන්නට ඇය පෙළඹුනේ ගහ කොළට සතුන්ට. මෙවැනි සැගවුණු අත්දැකීම් කෙතරම් ඔවුන්ගේ ජීවන අත්දැකීම් වලට ඒකතු වනවාද ? කථන ආබාධයකින් පෙළෙන ඉසබෙලා ඇය වචන උච්ඡාරණය කරන ආකාරය “ඒ් ……..ඒ් …..ඒ් ……ඒතකොට , ම…….මම කවුද?

ම….ම අ අ අ ආසයි ‌හොද සු ……සු …..සු……ඉසබෙලාට බැරිවුණා සුරංගනාවි” කියාගන්න.

ස‌හෝදර කණ්ඩායමෙන් ඇයට ලැබෙන උසුලු විසුලු කිරීම්, පිළිකුල් සහගත බව, සමාජයෙන් ප්‍රතිකේෂේප කිරීම් දිගින් දිගටම සිදුවන තත්ත්වයයි. සෑම දිනකම ඔවුන්ගේ ඒදිනෙදා ජීවිත අත්දැකීම් වලට මෙවැනි සෘණෘත්මක අත්දැකීම් ඒකතු වන විට මෙම අත්දැකීම් ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමට සෘජුව බලපානු ලබයි. ඒය සමස්ත ආබාධ සහිත ප්‍රජාවගේ ස්වයං අනන්‍යතාවය සහ පෞරුෂය ගොඩනැගීමට ඉතාමත් දැඩිව බලපානු ලබයි. කතා නායිකාවගේ පෞද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් කිරීමේ ප්‍රබල හැකියාව කෘතිය පරිශීලනය කිරීමේ දී දක්නට ලැබුණි.

මෙම කෘතියෙහි සමාජ වැඩ වෘත්තිකයෙකුට ඒ‌සේත් නැත්නම් ඒම වෘත්තිය සදහා පුහුණු වන්නෙකුට දෙන ඉගෙන ගැනීම අපුරු වන්නේ ඉසබෙලාගේ දුක අසාගෙන ඇයව ඒම පීඩිත ජීවිතයෙන් මුදවා ගැනීමට ඇයව බලගන්වන්නේ කෝකිලයාගේ චරිතයයි. සමාජ වැඩ වෘත්තීය භාවිතයේ ඒක් න්‍යායාත්මක දහරාවක් වන පීඩන -විරෝධී භාවිතයන් (anti-oppressive Practice)මෙවැනි ආකාරයේ ගැටලුවකට යොදාගැනීමෙන් කෝකිලයාගේ සම්ප්‍රාප්තිය කේන්ද්‍රීය වැදගත්කමක් උසුලනු ලබයි.

ඉසබෙලා කෘතිය ඒළිදැක්වීමේ උළෙල මාර්තු මාසයේ ඒක්තරා දිනක කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යානාංශයේ දී සිදු කරනු ලැබුවා. මෙම අදහසට සමාන අදසක් ආචාර්ය පැමෙලා පීරිස් විසින් ඒදින දක්වනු ලැබුවා. කොකිලයා සමාජ වැඩ වෘත්තිකයා ලෙසත් ඉසබෙලා සේවා ලබාන්නාගේ චරිතය ද ඒ් දෙදෙනා අතර තිබෙන සමබන්ධතාවයේ ස්වභාවයද කෝකිලයාගේ ගැටලුව අවබෝධ කරගැනීමේ දී සංකේතාත්මකව නිරූපණය වන බවයි. ඒ් සදහා කෝකලයාගේ චරිතය දැක්වු පරිචය සහ ගැටලු නීරාකරණයේ දී දැක්වූ සුවිශේෂී හැකියාව, කොකිලයාගේ චරිත ලක්ෂණ, කුසලතාවයන් සහ ආකල්පමය වයෙන් දැක්වූ සුවි‌ශේෂීතාවය මෙම කෘතිය පරීශීලනය කිරීමේ දී දක්නට ලැ‌බේ. කොකිලයා සහ ඉසබෙලා මුණ ගැසීම, රැැපෝව ගොඩනගා ගැනීම, කෝකිලයාගේ මැදිත්වීමේ ස්වරූපය සමාජ වැඩකරුවන් වන අපිට ද නව ප්‍රවේශයක් නව චින්තනයක් වෙත කැදවාගෙන යනු ලබයි.

කෝකිලයා ගීත ගායනා කරන අයුරුත් හැම කෝකිලයෙකුම ඒකම විදිහට ගීත ගායනා කරන්නේ නැති බවත්, තම තමන්ගේ විදිහට බවත් දක්වමීන් ඉසබෙලාගේ සැබෑ ගැටලුව ඇයටම තේරුම් ගැනීමට හැකිවන පරිදි සලස්සන ලදී. පීඩනය පිළිබද සිවිඥාණිකත්වයත් ලැබීම මගින් සමාජ වැඩ භාවිතයේ දී සේවා භාවිතාකරන්නාගේ දිශානතිය වෙනස් කිරීමට ප්‍රබල බලපෑමක් කරනු ලැබේ.

ඒ් සදහා කෝකිලයා ලබා දෙන ඉගැන්වීම වනුයේ, විවිධ ආකාරයෙන් ගීත ගායනයෙන් හඩ උස් පහත් කිරීමෙන්, සාමාන්‍ය ලෙස ගැයීමෙන් ගීතයට ඇතිවන මිහිරිබවත්, ඒ් තුලින් ලෝකයට දෙන සෞන්දර්යත් වටහා ගැනීමට ඇයට සැලැස්වීමයි.

කෝකිලයාගේ මෙම ප්‍රවේශය සමාජය විසින් ගොඩනගා ඇති ඒ්කාකෘති ආකෘතියට සෘජුව ප්‍රහාර ඒල්ල කරන අතර කථනයේ වීවධ ස්වරූප අනෙකා තේරුම් ගැනීමට යොදා ගැනීමත් කථනයේ ආවේණික අනන්‍යතාවයන් ලෝකය ලස්සන කිරීමට යොදා ගන්නා ආකාරයත පිළිබදවත් මෙමගින් කදිමට නිරූපණය කරනු ලබයි

කෝකිලයා අන්තිවරට නාද කරලා, අනෙක් කුරුල්ලන් ඒක්ක ලස්සන උණූසුම් තැනක් ‌‌‌හොයාගෙන ඈතට යන්න කලින් ‘ඔයා ඒක්ක දැනගන්න ඔයා කතා කරන විදිහ වැදගත් නැත වැදගත් ඔයා කියන දේයි ඒ්ක මතක තියා ගන්න’ කියලා ඊළග වසන්තයේ දී හමුවෙමු කියලා ඈතට ඉගිලිලා ගියා.

මෙමගින් ඉසබෙලා ඇගේ ජීවිතය පිළිබදව ප්‍රත්‍යවලෝකනයක නිරත වීමටත් ගැටලුවක් විසදා ගැනීමේ මාර්ගය පාදවා ගැනීමටත් ඒම මාර්ගය ඇත්තේ අන් කිසිවක් ළග නොව තමන් තුලම බවත් යන ස්වයං ඥාණය ලබා ගැනීමටත් මෙමගින් ඇයට හැකි වේ.

කෝකිලයා විසින් උද්දීපනය කල ස්වයං ඥාණය ඉසබෙලා යොදා ගත්තේ කදිම උපායමාර්ගයක් සමග ඇගේ උපන්දිනය දිනය දීය. ඇය පිය රජු සහ මව් බිසවගෙන් දැඩි ඉල්ලීමක් කලා. ඇගේ උපන් දිනයේ දී ඇගේ පැතුම වූයේ උපන්දිනය දා ඇගේ ස‌හෝදර සහෝදරියන් ද ඇය ගොත ගසන ආකාරයට ගොත ගැසීමයි. පිය රජතුමා ඒම ඉල්ලීම කඩකරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න කැමති විය. ඒදිනෙදා ජීවිතයේ බො‌හෝ වෙලාවට අනෙකාගේ අවශ්‍යතා සිතුම් පැතුම් අපිට දැනෙන්නේ නැත්තේ සැබවින්ම අපි අනෙකාගේ ප්‍රවේශයෙන් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබදව නොදකින නිසාය. අනෙක් අය ඇයව අනුකරණය කිරීම මගින් ගොත ගසන කෙනෙක් චවන උච්චාරණය කරන ආකාරයේ සුවිශේෂත්වය , ඇතැම් අකුරු දීර්ඝව ශබ්ද වන අතර ඇතැම් අකුරු දීර්ඝව උච්චාරණය කරනු ලබයි.

මෙම පොතේ කතුවරිය ඒය දක්වන්නේ ගොත භාවයේ ප්‍රමාණය මත මෙන්ම ඒක් ඒක් භාෂාවේ භාවිත වන හා අවධාරණය වන අක්ෂර අනුව ද වෙනස් විය හැකිය. ඒම සුවි‌‌ශේෂි ස්වභාවය කතුවරිය ගැඔුරින් අවබෝධ කරගෙන කෘතියේ මුල් කතුවරිය වන බෙයටා ඇකර්මන් උපතින්ම ගොතගසන පුද්ගලයෙකු වීමත් ඒම ජීවන අත්දැකිම් සිංහල පාඨකයා අතරට ගෙන ඒන්නට මැනවින් උත්සාගෙන ඇත. ගොත ගසන පුද්ගලයෙකු ලෝකයට විවෘත වන්නේ ඇගේ භාෂා භාවිතයේ ඇති සුවිශේෂීත්වය සිංහල භාෂාවට යොදා ගැනීමේ දී නැවත නැවත උච්ඡාරණය වීමද කුමන ආකාරය ද යන්නත් මෙම වෙනස් තත්ත්වය තෙරෙුම් ගැනීමේ ශිල්පීය කුසලතා ප්‍රගුණ කිිිිිරීම කෘතියේ කේන්ද්‍රීය වැදගත්කම ආරක්ෂා කර ඇත. ගොත පුද්ගලයෙකු වටහා ගැනීමට අප කළ යුත්තේ ඉවසීමෙන් සවන්දීමයි. ඒම පුද්ගල චරිත ලක්ෂණය පුග්ලයෙකු තුළ ප්‍රගුණ කිරීම තුළින් පහසුවෙන් ගොත ගසන පුද්ගලයෙකු සමග ගණුදෙණු කළ හැකි බවත් පොත පරීශීලනයෙන් ඔබට ලැබෙන පණිවිඩය වේ.

ඉසබෙලා ඇගේ අපහසුතාවය මිනිසුන්ට ඉවසිලිවන්තව කටයුතු කළ හැකි ක්‍රම කිහිපයක් ඉසබෙලා විසින් ලැයිස්තුගත කර ඇති බවත් කෘතිය අවසානයේ දී අපට දක්නට ලැබෙයි. මිනිසුන් ඉසබෙලාගේ ගොත ගැසීම පිළිබදව කුතුලයෙන් සිටින විට ආචාරශීලි ලෙස විමසන විට ඒම ප්‍රශ්නය අර්ථවත් වන ආකාරයත් මෙම කෘතිය පරිශීලනය කරන්නෙකුට තවදුරටත් ගම්‍ය වේ.

ඉසබෙලා රජගෙදරට පැනවූ නීති පිළිබදව ගැඹුරින් විග්‍රහ කිරීමේ දී පෙන්නුම් කරන්නේ සමාජ වැඩ භාවිතයේ ඒන සමාජ ප්‍රතිපත්ති සම්පාදනයටත් ඇය යොමු වී  ඇති බවයි. ඒ් සදහා ඇය ගත් ප්‍රවේශය රැඩිකල් වන අතර පීඩා විරෝධී මූලධර්මය ඉල්ලා සිටින්නේ පීඩිතයින් තමන්ගේ සමාජ අනන්‍යතාවය සහ සාරධර්ම ඔවුන් අත්විඳින සමාජ ලෝකය පිළිබඳ ගැඹුරු  අවබෝධයක් කෘතියෙහි  අන්තර්ගත බවත් ය.

ඉසබෙලා වැනි චරිත ඔවුන්ගේ ජීවිත තීරණය කරන බලය, පීඩාව සහ බල රහිතභාවය යන සංකීර්ණ කාරණා සමඟ සැසඳීමට පටන් ගන්නා ප්‍රවේශයක් සපයයි. මෙම මූලධර්ම පිළිබඳ අවබෝධයක් මගින් යම් තත්වයක් තක්සේරු කිරීම සහ පවත්නා තත්ත්වය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රියාවෙහි ස්වභාවය අතර පවතින සම්බන්ධතාවයේ මූලික පරිවර්තනයක් සදහා සමාජ වැඩ වෘත්තිකයින් වන අපිව පොළඹවනු ලබයි.

මෙම කෘතිය පාර්ශව කීිහිපයක් ආමන්ත්‍රණය කරන අතර පාසැල් දරුවන්ට මෙම ගැටලුව දෙස ගැඹුරින්  බලන්නට, දෙමාපියන්ට සහ පාසැල් ගුරුවරු අධ්‍යපනඥයින් ඇතුලු ආබාධ සහිත ප්‍රජාවන් සමග වැඩ කරන සමාජ වැඩකරුවන් අතැලු සියලු  වෘත්තිකයින්ටත් වැදගත් වන කෘතියක් ලෙස නිර්දේශ කළ හැකිය.

මෙම කෘතිය පර්යේෂණාත්මක වැදගත්කමක් සහිත කෘතියක් වන්නේ, දරුවන් සමාජානුයෝජනය කිරීමේ කේන්ද්‍රීය භූමිකාව උසුලන දෙමාපියන්ට, දරුවන්ට පරිකල්පන හැකියාව ගොඩනගන සංවේදීමය අවදිය වන කතන්දර කීයා දීමට පටන් ගත් අවදියේ සිටම දරුවන්ට වෙනස්කම්, පිළිගැනීමට සහ අගය කිරීමට මෙන්ම සමානාත්මතාවය යන මූලධර්මය පිළිබදව අවබෝධ කරවීමට  ඇති හැකියාව ගොඩනගන්නට යොදාගත හැකි ප්‍රබල මෙවලමක් ලෙස  මෙමම  කෘතිය පරිහරණය කිරීමෙන් උද්දීපනය කරගත හැකිය.

පාසැල් දරුවන් අතර වැඩකිරීමේ දී කථන-භාෂා ආබාධ/කථන ප්‍රමාදයන් / පාසැල් පසුබිමෙි වෙනස්කම් ඇති දරුවන් සමග වැඩ කිරීමට අවශ්‍ය මග පෙන්වීම මෙම කෘතිය මගින් ලැබේ. ඒය සැබවින්ම ඇස් ඇරීමකි. දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් කථන ආබාධ පිළිබඳව සංවේදීකරණ වැඩසටහන් කිරීම, දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබදව මෙම කෘතිය මගින් අවධාරණය කරනු ලැබේ.

ළමා මනසට ආකර්ශණීය වන කතා තේමාවද සංදර්භය, භාෂාව මෙන්ම කෘතිය පුරා දක්නට ලැබෙන චිත්‍ර මගින් ද කථා සාරයට ප්‍රබල බලපෑමක් කිරීමට සමත් වී ඇත.

සමාජයේ මුල්බැසගෙන ඇති අගතීන් මිනිසුන්ට ඉවසිලිවන්නතව කටයුතු කිරීමෙන් වෙනස්කල හැකි බවත් විවිධත්වය සමග ජීවත් වීමට ඇති හැකියාවට සහාය දැක්වීමට විවිධ වයස් මට්ටම් නියෝජනය කරන  පාඨකයාට පූර්ණ අවබෝධයක් ලබාදේ. මෙම කෘතිය පාසැල් විෂය නිර්දේශ වල අන්තර්ග්‍රහණ අධ්‍යාපනය (Inclusive Education) පිළිබද ඉගැන්වීමේ අත්පොතක් ලෙසද නිර්දේශ කල හැකි බව මගේ අදහසයි.

කථිකාචාර්ය චන්දිමා ජයසේන

Related posts

Leave a Comment