සාමදාන විනිශ්වකාරවරුන් පත් කිරීමට නව සංශෝධන කිහිපයක්.

අධිකරණ අමාත්‍යවරයා විසින් සාමදාන විනිශ්වකාරවරුන් පත් කිරීමට අදාළ නියෝග කිහිපයක් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ සංශෝධන, දැනටමත් සිදු කර ඇති පත් කිරීම් හෝ ඒ යටතේ සිදුකර ඇති කිසිදු පාර්ශවයකට අගතියක් නොවන පරිදි මෙම වෙනස් කිරීම් සිදු කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, පරිපාලන දිස්ත්‍රික්කයක් සදහා සාමදාන විනිශ්චකරුවන් පත් කිරීමට අදාළව නියෝගයක් දක්වා ඇති අතර, එහි වයස් සීමාව අවුරුදු 30ට නොඅඩු සහ අවුරුදු 75 ට නොවැඩි තැනැත්තෙකු වීම ද නව සංශෝධනවලට ඇතුළත් වී ඇත. තවද දිවයිනටම සාමදාන විනිශ්චකාරවරයෙකු වශයෙන් පත් කිරීම සදහා අවුරුදු 05කට නොඅඩු කාල සීමාවක් පරිපාලන දිස්ත්‍රික්කයක සාමදාන විනිශ්චකාරවරයෙකු ලෙස කටයුතු කර තිබිය යුතු බවට නියෝගයක් ද සංශෝධන සදහා ඇතුළත් වී තිබේ.

එසේම අදාළ සංශෝධන යටතේ උසස්පෙළ විභාගයෙන් එක් විෂයක් සමත් තැනැත්තෙකු විය යුතු බවටද සඳහන් වේ.  තවද, මෙතෙක් සාමදාන විනිශ්චකාරවරුන් සදහා වූ නියෝග යටතේ ජීවිත කාලය පුරාවටම යනුවෙන් 04 වන නියෝගයේ සදහන් වචනය වෙනුවට වයස අවුරුදු 75 ට එළඹෙන තෙක් යන වචනය ආදේශ කර තිබීමද විශේෂත්වයකි.

Social Sharing
අවකාශය නවතම