“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.

ව්‍යාජ නඩුවකට පැටලී වසර 04ක් තිස්සේ උසාවී යමින් පීඩාවට පත් වී සිටින වින්දිතයකුගේ නිවසට පොලිස් නිලධාරින් 04 දෙනෙකු නිවසට පැමිණ වින්දිතයන් විසින් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කළ සිදු වීමක් තෙබුවන ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ නෑබඩ ප්‍රදේශයේ පදිංචි අලගවේලු රාමනාදන් නැමැති වතු පරීක්ෂක වරයෙකි. ඒ අනුව ඉකුත් ජුනි පළමු දා දහවල් සිවිල් ඇඳුමෙන් සැරසුණු තෙබුවන පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පැමිණ ‘මම වැඩ බලන ඕ.අයි.සී අපි තෙබුවනින්’ යයි පවසා ඔවුන්ගේ නිවස පරීක්ෂා කර ඇත. පසුව ‘මොකද නඩුවලට කරන්නේ අයින් කරගනිල්ලා අපට විරුද්ධවත් දාලා වත්තට විරුද්ධවත් දාලා’ යනුවෙන් තර්ජනය කර ඇත.

මෙම අවස්ථාවේ පැමිණි වැඩ බලන ඕ.අයි.සී හා තවත් නිලධාරියෙකු අත පිස්තෝල 2ක් තිබී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිටි කුඩා දැරිය ද බියට පත්ව ඇත. රාමනාදන් විසින් මෙලෙස නිවාස පරීක්ෂා කරන්නන්ගෙන් නිවාස පරීක්ෂා කිරීමට හේතුව විමසා ඇති අතර සෝදිසි වරෙන්තුවක් නොමැතිව නිවස පරීක්ෂා කිරීමට හීතුව විමසා ඇත. නමුත් ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදෙමින් ඔවුන් තර්ජනය කර ඇත්තේ නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙසයි.

එවිට ඔහු විසින් ‘මම සර්ලා දන්නේ නෑන අපට වුන අසාධාරණය කියා’ පවසා ඇති අතර ‘ඔහු අපිට එවායෙන් වැඩක් නෑ නඩුව අයින් කරගනිල්ලා අපිට නැවත එන්න තියන්න එපා.’ කියා තර්ජනය කර ත්‍රීවිල් රථයට නැඟ ගොස් ඇත.

ඔහු පවසා සිටින ආකාරයට ඔහුගේ දෙවන පුතා වන කුලසේකරම් රාමනාදන් තෙබුවන පොසිලිසියෙන් අත්අඩංගුවට ගෙන දින 7 ක් රදවාගෙන අමානුෂික ලෙස වද දී ව්‍යාජ නඩු පැවරීමට එරෙහිව SCFR 317/24 යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති අතර එය ඉල්ලා අස් කරගන්නා ලෙස කිහිපවිටක්ම චූදිත නිලධාරීන් බලපෑම් කර ඇත.මෙයට අදාළ ස්ථානාධිපතිවරයා විශ්‍රාම ගොස් ඇති අතර අනෙක් නිලධාරින් එම පොලිසියේ සිට නොයෙක් ආකාරයෙන් බලපෑම් සිදු කරයි.

මෙම සිද්ධිය වූ අවස්ථාවේදී ඔහු විසින් පොලිස්පති ඇතුළු ඉහළ නිලධාරින්ට පැමිණිලි කර ඇති නමුත් කළුතර සහකාර පොලිස් අධිකාරී හා පානදුර සහකාර පොලිස් අධිකාරී විසින් ඔවුන් කැදවා වරින් වර ප්‍රකාශ සටහන් කරගත් නමුත් මීට විරුද්ධව පියවර මෙතෙක් ගෙන නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සැකසු වීඩියෝව  

තවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින් අදාළ වගඋත්තරකරුවන් කිහිපවිටක්ම කැදවා තිබුණද එකම දිනයක්වත් ඔවුන් පෙනී නොසිටි ඇති බවට වාර්තා වේ. තවද මීට ඉහතදී දින කිහිපයක්ම මේ අයුරින් නොයෙක් ආකාරයෙන් බලපෑම් කර ඇති අතර අදාළ බලධාරින් ඒ සම්බන්ධව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත. මාස 7කට වැඩි කාලයක් ඔහුගේ පුතා ව්‍යාජ නඩුවක් සදහා බන්ධනාගාර ගතවී සිටීමට සිදු වී ඇති අතර අවුරුදු 4ක පමණ කාලයක සිට ඔවුන් මෙම ව්‍යාජ නඩු සදහා උසාවි යමින් පීඩාවට පත්වේ. තවද ඔහු සේවය කරන ලද වත්තේ වතු අධිකාරී සමග එක්ව ඔහුගේ රැකියාව අහිමි කිරීමටද කටයුතු කරන බවට වාර්තා වේ.

ඔහු පවසන ආකාරයට තවද නීතිවිරෝධී ලෙස ඔහුට බලපෑම් කරමින් ඔහුගේ දරුවන් අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීමට හා ප්‍රදේශයේ අපරාධකරුවන් සමග එක්ව ඔවුන්ට බලපෑම් කර ඔවුන්ව තවදුරටක් පීඩාවට පත් කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයතු කරන අතර ඒ අනුව මේවන විට ඔවුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, පොලිස්පති, ජාතික පොලිස් කොමිෂන් සභාව හා අපරාධයක්වින්දිතයන් හා සක්ෂිකරුවන්  ආරක්ෂා කිරිම සදහා වු අධිකාරිය වෙත පැමිණිළි කර ඇත.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා අපගේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට ඔබගේ පැමිණිළි ඉදිරිපත් කළ හැක.

-රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය-

0112-669100

Social Sharing
අවකාශය නවතම