රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බදු සතිය අද සිට ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.
වසරේ මුල් මාස පහ තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 101% කින්ද, රේගු ආදායම 104% කින්ද, දේශීය සුරාබදු ආදායම 106% කින්ද ඉක්මවා ඇති බව බදු සතිය සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ජනපති කියයි..
මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියල්ම ආරක්ෂා කරන බවත්, ජාවාරම්කාර ව්‍යාපාරික කළු යාන්ත්‍රණය බිඳ දමන බවටත් එහිදී තමා සහතික වන බවය.
මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
අද සිට 07 වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සිදුවෙන අතර, දිස්ත්‍රික්ක වශයෙන් අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර අදාළ වැඩසටහන් පැවැත්වෙන දින සහ වේලාවන් පහතින් දක්වා තිබේ.