හිතවතාට විදුලිය නොදුන්නැයි නියෝජ්‍ය සමාන්‍යධිකාරී, විදූලි අධිකාරීට පහරදීලා..

CEB Chief Engineer Office Tangalle

නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අයගේ වචනයට අවනත වී ඔහුගේ හිතවතකුට අනීතිකි ලෙස, නව විදූලි සම්බන්ධතාවයක් ලබා නොදීම හේතුව මත හා ඔහුගේ ප්‍රකාශ පටිගත කල හේතුව මත උරණ වූ නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අය විසින් විදූලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලිය සම්බන්ධ බලධාරියාට පසුගියදා කනට පහර දී ඇති බැවින් ඒ පිලිබදව මානව හිමිකම් කොමිෂම ඇතුළු වගකිව යුතු ආයතන රැසකට, පහර කෑමට ලක් වූ විදුලි අධිකාරි විසින් පැමිණිලි කලත් එකී ආයතන විසින් එය විධිමත් පරිදි විමර්ශණය කිරීමකින් තොරව ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලඥයකුගේ ආධාර උපකාර ඇතුව උසස්වීමක් සහිතව තම නිවස අසලටම නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අයට ස්ථාන මාරුවක් ලබාදී ඇති බවට ජනාධිපතිතුමා හා ජන බලවේගයේ ලේකම් වෙත පසුගියදා විදූලි අධිකාරි විසින් පැමිණිලි කර ඇත.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තෙ තංගල්ල විදූලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්තානයේ විදූලි අධිකාරි වන කිරින්දි ආරච්චිගේ ගුණසේකර කේශාන් බුද්ධික නැමති අයට වේ. 2024 ඔක්තෝබර් 14 දින තංගල්ල පල්ලික්කුඩාව මහවෙල පාර  “බන්යන් ට්‍රී රෙස්ටුරන්ට්” යන ලිපිනයට නව එකලා විදුලි  සැපයුමක් විසල් මින්සර මහතා විසින් ඉල්ලා ඇති  අතර, ඒ අනුව විදූලි අධිකාරී විසින් අදාළ ස්ථානය වෙත ගොස් ක්ෂේත්‍ර පරීක්ෂාවක්  සීදූ කිරීමේදී, අදාළ ඉල්ලුම්කරු විසින් සේවා කරුව හා මනුව සවිකිරීමට ස්ථානයක් සකසා නොතිබීම හා ස්ථිර විදුලු සැපයුමක් ලබා ගැණීමට අවශ්‍ය මූලික සුදුසුකම් වන පදිංචිය හෝ හිමිකාරිත්වය විධිමත්ව තහවුරු කර නොතිබූ බවත්, එමෙන්ම මේකී ස්ථානය මුහුදට ආසන්නව මුහුදු වෙරළේ පිහිටා තිබූ බවට නිරීක්ෂණය විය, ඒ අනුව ඉහත කී සියලු අඩුපාඩු පිළිබඳව අදාළ ඉල්ලුම්කරුට වාචිකව දැනුවත් කර මෙය නිවැරදි කර මොහුව දැනුවත් කරමින්  උපදෙස් ලබාදී ඇත.

ඉන් අනතුරුවද තංගල්ල ප්‍රධාන විදුලි ඉංජිනේරුතුමිය විසින්ද අදාල ඉල්ලුම්කරුට ඉහත කී අඩුපාඩු සකස්කර දැනුවත් කරනා ලෙස ලිඛිතව ඇනුවත්කර ඇතත් ඒ  පිලිබදව එකී පුද්ගලයා කිසිදූ අවධානයක් යොමු කිරීමකින් තොරව පසුව ඇති අතර, හිටපු නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අයගේ බලපෑම මත දෙවන වතාවටද විදූලි අධිකාරී විසින්ඉහත කී ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදූ කිරීමට ගියත් අදාල ඉල්ලුම්කරු ඉහත කී උපදෙස් පිළි පෑදීමකින් තොරව කටයුතු කර ඇති බව නිරික්ෂණය විය. එමෙන්ම මෙම ස්ථානයට විදූලිය ලබාදීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්ථමේන්තුව විසින් නිර්දේශය ලබාදී නැත. එයට හේතුව එය අනවසර ඉදි කිරීමක් බැවින් කඩා ඉවත් කිරීමට නියමිතව තිබෙන ඉදිකිරීමක් බැවිනි.

  • වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්ථමේන්තුව විසින් නිකුත් කර ඇති ලිපිය.CEB Chief Engineer Office Tangalle

හිටපු නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 මහතාගේ හිතවතාගේ ඉදිකිරීමට වීදූලි සම්බන්ධතාවය විදූලි අධිකාරිවරයා විසින් ඔහුගේ වචනයට අවනත වී අනීතික ලෙස ලබා නොදීම පිලිබදව උරණ වූ හිටපු නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 විසින් ඉහත කී විදූලි සම්බන්ධතාවය ලබා නොදීමට අදාලව නිදහසට කරුණ දැක්වීම සදහා විදූලි අධිකාරීව එම කාර්යාලය වෙත කැදවා ඇත. නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අය විසින් කරණු ලබන ප්‍රකාශ වරින් වර වෙනස් කරන බැවින් මෙන්ම ඔහු විසින් නීතිය පසකලා මොහුගේ අභිමතය පරිදි කටයුතු කරන පුද්ගලයකු බැවින් විදූලි අධිකාරී විසින් ඔහුගේ ජංගම දූරකතනයේ ශබ්දය පටිගත කිරම ආරම්භ කරමින් එදින එම අවස්ථාවට සහභාගි වී ඇත. හිටපු නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අය අදාල ලිපි ගොණුව පරික්ෂා කරමින් පසුවන අවස්ථාවේ එක්වරම අසුනෙන් නැගිට විදූලි අධිකාරිගේ ෂර්ට් කොලරයෙන් අල්ලා රෙකොඩ් කරනවද කියා විමසා ඔහුගේ කනට පහරදී ඇත. එම පහරදීමට එරෙහිව අදාල වගකිවයුතු ඉහළ නිළධාරීන් මෙන්ම මානව හිමිකම් කොමිෂම ඇතුළු වගකිවයුතු බළධාරින්ට ලිඛිතව පැමිණිලි කළත් ඒ පිළිබදව අදාල බළධාරින් අවධානයකින් තොරව ආන්ඩුවේ ප්‍රබල දේශපාලඥයකුගේ උපකාරයෙන් යුතුව මොහුට පහරදූන් හිටපු නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2  යන අයට උසස්වීමක් ලෙස නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 1 ලබාදී, ඔහුගේ ගමටම ස්ථාන මාරුවක් ලබාදී ඇත. ඒ අනුව පහරකෑමට ලක් වූ විදූලි අධිකාරි විසින් මේ වනවිට ඔහුට යුක්තිය ඉටුකර දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ජාතික ජනබල වේගයේ ලේකම් වෙත සිද්ධියට අදාලව පැමිණිල්ලක් කර ඇති බව විදූලි අධිකාරී කේෂාන් බුද්ධීක මහතා අපකල විමසීමේදී කියා සිටී..

සටහන-

තරංග එල්.පටබැදි

Social Sharing
අවකාශය නවතම