ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට විසඳුම් ඉල්ලා රජරට කාන්තාවෝ අඛණ්ඩ උපවාසයක

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලෙන් මෙරට කාන්තාවන්ගෙන් 24 ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව ජීවන අරගලයෙන් පළා යමින් සිටින බවත් ගැති බවින් තොර සමාජයක් උදෙසා කාන්තාවන් සතු මුල්‍ය ක්‍රමයක් ස්තාපිත කිරීම ඇතුලු  ඉල්ලීම් පහක් ඉ‍ටුවනතුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹන බව ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත් ගැමි ගොවි කාන්තාවන්ගේ සංවිධානය පවසයි.

එහි පොලොන්නරුව දිස්ත්‍රික් සභාපතිනි ප්‍රියන්තිකා කුමාරී මහත්මිය ඇතුළු ගැමි ගොවි කාන්තාවන් 06 දෙනෙකු ඊයේ (08) සවස හිගුරක්ගොඩ පැරණි රජවරුන්ගේ ස්මාරක අභියස දී අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹමින් මේ බව කීවා ය.

හිගුරක්ගොඩ නගරයේ දුම්රිය හරස් මාර්ගයේ සිට මහසෙන් පුරාණ රජවරුන්ගේ ස්මාරක පිහිටි භූමිය දක්වා විවිධ සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පෙළපලියකින් පැමිණි ගැමි කාන්තාවෝ මෙසේ අඛණ්ඩ සත්‍යග්‍රහයකට වාඩි වූහ.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංවිධානයේ පොලොන්නරුව දිස්ත්‍රික් සභාපතිවරිය මෙසේ ද කීවා ය.

“මේ වන විට මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ රටේ කාන්තාවන් බහුතරයක් දැඩි පීඩාවට පත් වෙලා තියෙනවා. ජීවිත අවුල් සහගත වෙලා කුඩා දරුවන් ද සමග සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත් වෙලා තියෙනවා. මුලු රටේම ක්ෂුද්‍ර මූල්‍ය ණයලාභින් ලක්ෂ 27ක් පමණ ඉන්නවා. ඉන් 24 38000 ක් කාන්තාවන්. කාන්තාවන් ණය උගුලකට හිර කරලා ඔවුන් දැඩි පීඩාවකට ලක් කරලා තියෙනවා. අපි රජයේ මැති ඇමතිවරු මුණ ගැහෙන්න ගියා වැඩක් වුණේ නෑ. අපි අවස්ථා ගණනාවක් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මුණ ගැහෙන්න අවස්ථාව ඉල්ලා හිටියා නමුත් ලබා දුන්නේ නෑ. බොරුවට කාන්තා දින සැමරුවාට වැඩක් නෑ. මේ රටේ කාන්තාවන් ණය කරුවන් වෙලා ජීවිතවලින් වන්දි ගෙවන තත්ත්වයට පත් වෙලා. අපි අපේ සත්‍යග්‍රහය ආරම්භ කරන්නේ අපේ මූලික ඉල්ලීම් 05ක් මුල් කරගෙන. මේ ඉල්ලීම් 05 ට විසදුම් ලබා දෙන තුරු අපි මෙතන වාඩි වෙලා ඉන්නව. එහෙම බැරි වුණොත් අපි මාරාන්තික උපවාසයකට යනවා. අපේ මූලික ඉල්ලීම් තමයි සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරිණු. දෙවෙනි එක කොල්ලකාරි ක්ෂුද්‍ර මූල්‍ය ණය විගණනය කරන තුරු නීති ක්‍රියාමාර්ග ගැනීම නවත්වන්න කියන එක. ඊළග එක තමයි ණය නිසා මහ බැංකුවේ අසාදු ලේඛන ගතව පීඩා විදින්නන් එම අසාධු ලේකනයෙන් නිදහස් කරන්න කියන එක. ඊළග එක තමයි ක්ෂිද්‍ර මූල්‍ය ණය හිමියන් සඳහා දැන් ආරම්භ කර තිබෙන නීතිමය ක්‍රියාමාර්ග නඩු පැවරීම් වහාම නවතා දමන්න කියන එක. අනිත් කාරණය තමයි ගැති බවින් තොර සමාජ ක්‍රමයක් සඳහා කාන්තාවන් සතු මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කරන්න කියන එක. මේ සඳහා විසඳුම් ලැබු නෙ නැත්නම් අපි මාරාන්තික උපවාසයකට යනවා. අද අපි මෙහෙම වාඩි වෙලා සත්‍ය ග්‍රහ කරනවා පාළකයන්ට ඇස් ඇරෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි අද ආරම්භ වන මේ සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලින් කාන්තාවන් මෙතනට එනවා අපට සහය පිණිස. ඒ නිසා වහාම මේ සඳහා විසඳුම් ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.” යැයි ද ඒ මහත්මිය වැඩි දුරටත් කීය.

පින්තූරවල දැක්වෙන්නේ ලෝක කාන්තා දිනය යෙදුණු ඊයේ (08)  හිගුරක්ගොඩට රැස්වුණු ගැමි කාන්තාවන් පෙළපාලියේ යන අන්දම හා සත්‍යග්‍රහයට වාඩි වූ අන්දමයි.

Women on hunger strike demanding solutions to microfinance crisis

Women on hunger strike demanding solutions to microfinance crisis

Women on hunger strike demanding solutions to microfinance crisis

Women on hunger strike demanding solutions to microfinance crisis

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

 

Social Sharing
නවතම