අලුත් සොයා ගැනීමක් – බුදුන්ගේ අම්මා කාලීද?

කොවිඩ් වලට බෙහෙතක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මේ වන විට රජයේ ප්‍රබලයින් රැසකගෙන් හිමි වන්නේ නොමඳ සහයෝගයක් බව අප පහුගිය දිනෙකද වාර්තා කර සිටියෙමු.

ඔහු මේ දේශිය ඖෂධය සකසන්නේ කාලි මෑණියන්ගේ ආනුභාවයෙනි. විශේෂයෙන්ම ධම්මික කපු මහතා කියනවාට වඩා ඔහු කැමති කාලි මෑණියන් ලෙස ඔහුව ආමන්ත්‍රණය කරන විටය. මේ වන විට ඔහුගේ පැණිය අතිරේක ආහාරයක් ලෙසද රජය නිර්දේශ කර ඇත. ඔහුට පැණිය නිෂ්පාදනය කිරිමට අවැසි යන්ත්‍රෝපකරණද ලබා දි ඇත.

සත්‍ය වශයෙන්ම කිවහොත් ධම්මික බණ්ඩාර වෙද මහතාට දැන් උදා වී ඇත්තේ රාජ යෝගයකි. ඔහු ගැන කථා නොකරන කෙනෙකු මේ සමාජයේ නැත. එසේම විවේචනය වන අවස්ථාද එමටය.

කෙසේ නමුදු මේ ධම්මික බණ්ඩාර වෙද මහතා ඊයේ (16) දින අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධීන් වහන්සේ වෙත පිළිගැන්වීම සඳහා ඔහුගේ පැණිය ගෙන ගියේ විශාල පිරිසක්ද සමඟිනි. පළමුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන් වහන්සේටද මෙම පැණිය පිළිගන්වා අනතුරුව ජය ශ්‍රි මහා බෝධිය වෙත පිළිගැන්වීමට ගියහ.

එහිදි උඩ මළුවට ඔහුට යාමට ඉඩ ලබා නොදුන් අතර පහත මාලයේ සිට පමණක් අදාල පුජාව කිරිමට එහිදි ඔහුට උදෙස් ලැබුණි. එයද ඔහුට හා තවත් එක් පුද්ගලයෙකුට පමණි.

එම අවස්ථාවේ නිහඬව ඔහු පහත මාලයේ සිට පුජාව සිදු කර අවසානයේ වහාම නැවත වරක් අටමස්ථානාධිපති හිමි බැහැ දැකීමට ගොස් ඔහුට වු අවමානය, මදි පුංචිකම මුදා හැරියේ කාලිගේ ස්වරූපයෙනි.

අටමස්තානාධිපති හිමියන් ළඟ දණින් වැටී උන් වහන්සේට මහා හයියෙන් කෑ ගසමින් ධම්මික මහතා පැවසුයේ ඔබ වහන්සේගේ අම්මා මම කාලී. ඇයි මට උඩ මලුවට යන්න නුදුන්නේ යැයි යනුවෙනි.

අප දන්නා පරිදි සියලු භික්ෂුන්ගේ ශාස්තෘවරයා වන්නේ බුදුරාජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේගේ මව බිම්බා දේවිය හෙවත් යශෝධරා දේවියය. බුදු දහමේ කාලි මෑණියෙකු නැත.

භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ ඔහු එලෙස අවේගශිලිව හැසිරීම, බුද්ධාගමට අපහාස වන අයුරින් වචන මුදා හැරීම සුදුසු ක්‍රියාවක් බව ඇතැම් විට ධම්මික වෙද මහතා සිතන්නට ඇත. ඔහු සිතන්නේ ඔහු කාලි වූ පමණින් සියල්ල ඔහුට ලැබිය යුතු බවය.

වහාම මෙවන් පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජය අවදි විය යුතුව ඇත.

Social Sharing
නවතම