
2008 වර්ෂයේ මාර්තු 07 වන දින මිටියාගොඩ එරනවිල ඩොමි ජයවර්ධන මාවත හි පදිංචි වයස අවු 14 වයස ඇති පාසැල් ශිෂ්‍යෙයකු වන බුද්ධි ඊවන්ත ගුණසේකර අසල්වැසි නිවසක මුදල් සොරකමක් සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ බලපැම මත මිටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථනාධිපති උප පොලිස් පරික්ෂක සමන් පාලිත අතුකෝරල හා ග්‍රාම අරක්ෂක ලලිත්ද සොයිසා විසින් අත්ඩංගුවට ගන්නා ලදි.
අත්ඩංතුවට ගන්නා ලද බුද්ධිකට ස්ථනාධිපති නිශ්ශංක ජයරත්න උ.පො ප. පාලිත අතුකෝරල කො. ප. තුසිත කුමාර හා ග්‍රාම ආරක්ෂක ලලිත් ද සොයිසා විසින් අමානුෂිකව වදහිංසාවට භාජනය කරන අතර, පසු දින බලපිටිය මාහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මුදල් සොරකමි කිරිමෙි චෝදනා යටතේ ව්‍යජ නඩුවක් පවරන ලදි. බුද්ධි ඊවන්තගේ පියා වන ජයන්ත ගුණසේකර ඇප මත තම පුතා නිදහස් කර ගෙන පොලිස් පහර දීම මත අසනිප වු බුද්ධිකව බලපිටිය රෝහලට ඇතු ලත් කර ලදි. නමුත් රෝහල විසින් බුද්ධිගේ රෝගී තත්වයට නිසි ප්‍රතිකාර නොකර පොලිසියේ බලපැම මත රෝහලින් බුද්ධිව නිදහස් කර යවා තිබෙනවා.
බුද්ධිගේ පියා බලපිටිය අධිකරණයේ නීති ආධාර කොමිසම නීතිඥ සමන්මලී ද සොයිසා මෙනවිය වෙත ගොස් මෙි පිළිබදව නීතිමය උපදෙස් ලබා ගෙන බලධාරීන්ට පැමිණිලි කරන ලදි. තවද මෙම වදහිංසාව ගැන සිරස මාධ්‍යය මඟින් හෙළිදරව් කිරීම හේතුවෙන්, නැවත බලපිටිය රෝහලින් බුද්ධිකව රෝහලට ගෙන්වා ගෙන නැවත ප්‍රතිකාර කරන ලදි.
පසුව ජනසංසදය ආයතනය හා ආසියානු මානව හිමිකමි කොමිසම මඟින් නීති ආධාර ලබා ගෙන මානව හිමිකමි කොමිසමට, නීතිපතිට, පොලිස්පතිට පැමිණිලි කරන ලද අතර, ශ්‍රේඨාධිකරණයයේ SCFR/126/ 08 යටතේ මුලික අයිවාසිකමි නඩුවක් පවරන ලදි.
ඒ වන විට බලපිටිය මහේත්‍රාත් අධිකරණයේ මුදල් සොරකම් කරන නඩුවෙි චුදිත වශයෙන් අධිකරණයේ දිගටම බුද්ධිකට ඉදිරිපත් විමට සිදුවිය. ඔහු ඉතා කලකිරීමට හා පිඩාවට පත්වි සිටියා. ඔහුගේ පාසැල් අධ්‍යාපනයද නතර විය. මෙම සොරකම් නඩුව විභාග විය. ඒ අතර මුලික අයිතිවාසිකම් නඩුව විභාග විය. එම අවස්ථාවේදී නිතිපතිවරයා විසින් සොරකම් නඩුව ඉල්ලා අස්කර ගත් අතර, 2014 වර්ෂයේ නීතිපතිවරයා විසින් H.C.B 1678/14 – යටතේ, 1994 අංක 22 දරන වධ දීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුති පනතේ 2(4) වගන්ගිය යටතේ 2024 මැයි මස 05 වන දින බලපිටිය මහාධිකරනයේ නඩු පවරන ලදි.
මුලික අයිවාසිකම් නඩු තීන්දුව 2017.07.11 වන දින ප්‍රකාශයට පත්කරන ලද අතර, එහි වගඋත්තර කරුවන් වශයෙන් අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල, පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශ්ශංක, ග්‍රාම ආරක්ෂක සොයිසා, ව්‍යජ පැමිණිල්ල කරන ලද සිරිපාල යන අය හා පොලිස්පති හා නිපතිවරයා ය.
මෙම නඩු තීන්දුවට අනුව බුද්ධි ඊවන්තගේ මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශයට පත් කල අතර, වන්දි 375 000 ගෙවීමට නියෝගකරන ලදි. බුද්ධි ගුණසේකර හා පියා ජයන්ත ගුණසේකර වෙනුවෙන් නිතිඥ ශාමෙන් ගුණරත්න මිය ජනාධිපති නිතිඥ විරාන් කොරයා මහතා හා ශරීටා පොන්සේකා මෙනවිය පෙනි සිටින ලදි.
බලපිටිය මහාධිකරනයේ පවරන ලද අපරාධ නඩුව 2014 වර්ෂයේ සිට විභාග විය. 2025.09.11වන දින එනමි ඊයේ දින තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි. සිද්ධිය වී අවුරුදු 17 පසුව හා නඩු පවරා අවු අවු 11 පසුවය.
එහි 1වන චුදිත වන විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරික්ෂක ගල්පාතගේ ශ්‍රී නිශ්ශංක ජයරත්න යන අයට 08 ලිහිල් සිර දඩුවම් හා රු. ලක්ෂයක වන්දියක්ද, 2වන විත්තිකරු වන පොලිස් පරික්ෂක කාරියවමි දොන් සමන් පාලිත අතුකෝරල අවු.09 බරපතල වැඩ සහිත සිර දඩුවම් හා ලක්ෂයක වන්දියක් ද, 3වන විත්තිකරු වන පොලිස් සැරයන් ඌරුලියනගේ දොන් තුසිත කුමාර ගුණසිංහ හට අවු 09 බරපතල සිරදඬුවම්ද, 4 වන විත්තිකරු වන ග්‍රාම ආරක්ෂක තිරමාදුරගේ ලලිත් ද සොයිසා යන අයට අවු 09 බරපතල සිරදඬුවම් හා රු 50000 වන්දි මුදලක් ගෙවීමට නියෝග කරන ලදි.
මෙම නඩුවට පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ තාහිරා මෙනවිය පෙනී සිටින ලදි. නඩු විභාගයේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ජේරුෂා මහත්මිය පෙනි සිටින ලදි. මෙම නඩු සදහා නීති ආධාර වින්දිතයින්ට සහාය දැක්වීම නීති ආධාර කොමිසම, ජනසංසදය, ආසියානු මානව හිමිකමි කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය, ජේෂ්ඨ නීතිඥ අර්මිසා ටීගල් මෙනවිය සහය දක්වන ලදි. මෙම නඩුකරය මෙම තත්වයට ගෙන ඒමට හා තම පුතාට වු අපරාධය වෙනුවෙන් යුත්තිය ඉටු කරවා ගැනීමට බුද්ධිකගේ පියා දැඩි කැපවිමක් හා කාලයක් යොදවන ලද අතර,ඔහුට විශාල අභියෝග වලට මුහුණ දෙන්නට සිදු විය. දැන් ඔහුද දැඩිව රෝගීව ගිලන්ව සිටියි.
සිරස මාධ්‍ය විසින් අදාළ පුවත වාර්තා කර ඇති අයුරු…
