සීතල ජිනීවා ලංකාව නිසා උණුසුම් වෙයි! –  මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හෙළිදරව්ව 02

ජිනීවා වල සීතල පරදවා මේ වන විට උණුසුම් වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් බවත් මෙවර පැවැත්වෙන ජීනිවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා බර ආයුධ (Big Guns) භාවිතා කරන්නට පටන්ගෙන ඇතැයිද ඔවුන් සියලු දෙනාම පාහේ උත්සහ දරන්නේ තමන්ගේ මතය නිවැරදි කිරීමට බවද මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා වල පවතින තත්ත්වය පැහැදිලි කරමින් ඔහු ඒ බව කියා සිටියේය.

පහුගියදා ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පිටු 30 කින් යුත් වාර්තාවට ලංකාව කරුණෙන් කරුණට පිලිතුරු දී ඇතැයිද නමුත් ඒ පිලිතුරු කවුරුන් පිලිගනිවීද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැකි මුත් ශ්‍රී ලංකා ආණ්ඩුව ඔවුන්ගේ වාර්තාවට පිලිතුරු දීමට සෑහෙන්න උත්සහයක් දරා ඇතැයිද හෙතෙම පවසයි.

එහිදී ඔවුන් ප්‍රධාන කරුණු 04 ක් ගෙනහැර දක්වන අතර ඉන් පළමුවැන්න වන්නේ ඔවුන් සැමදාම පවසන පරිදි ශ්‍රි ලංකාව ස්වෛරී රටක් ඒ නිසා එවැනි රටවල් වලට ඇඟිලි ගැසීමට මහ කොමසාරිස්වරියට හෝ මානව හිමිකම් කවුන්සිලයට නොහැකි බවත් නමුත් මේ තර්කය පිලිගත් එකක් නොවන බවත් එසේ පිලිගත්තාතනම් මානව හිමිකම් කවුන්සිලියට කිසිම රටක් සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළ නොහැකි බව සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

දෙවැනි තර්කය වන්නේ මානව හිමිකම් කොමසාරිස්වරිය කරන චෝදනා ඇයගේ බල අධිකාරියෙන් පිටතට ගොස් කරන එකක් යැයි ද ඔහු පවසයි. මෙයට පිළිතුරු දීමට පහුගිය සතියේ මාර්ගගත සාකච්ඡාවක් පැවැත්වුණු බව සඳහන් කරන සුනන්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධව වැඩිදුරටත් මෙසේ පැහැදිලි කර සිටියේය.

එම වීඩියෝව පහතින් …..

 

Social Sharing
නවතම