ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා බහුතර ඡන්දයෙන් සභා සම්මතයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය.

බලයේ සිටින ආණ්ඩුවේ විරෝධතාව පරදා මානව හිමිකම් මණ්ඩලය 2015 න් පසු ශ්‍රී ලංකාව සම්බන්ධ  යෝජනාවක් සම්මත කරගත් මුල්ම වතාව මෙයය.

එම යෝජනාව පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට හා සංරක්ෂණයට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අවස්ථාව සැලසේ. එමෙන්ම, රටේ ඉදිරියට සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ තොරතුරු රැස් කිරීමටද ජගත් මණ්ඩලය අනුමැතිය දී ඇත.

යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර ආර්ජන්ටිනාව, මෙක්සිකෝව සහ උරුගුවේ යන දකුණු ඇමරිකානු රටවල් ඒ හා එක්වීම නව වර්ධනයක් විය. විරුද්ධ වූයේ රුසියාව, පකිස්තානය, චීනය හා බංග්ලාදේශය ඇතුළු රටවල් 11 කි.  ඉන්දියාව, ජපානය හා  නේපාලය මෙන්ම බහරේනය සහ ලිබියාවද ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අවධාරණය කර තිබුනේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල බහුතරයක ඡන්දය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යෝජක රටවලට නොහැකි වූ බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට ඩොලර් මිලියන දෙකකට අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ජිනීවා සමුළුවට දැනුම් දෙන ලදී.

Geneva Resolutions Against Sri Lanka

Social Sharing
නවතම පින්තූර ගැලරිය