යහපාලන ආණ්ඩුව “විෂ ආහාර හතක” ප්‍රමිති පරීක්ෂණ වාර්ථාව සඟවලා!

ශ්‍රී ලංකාවේ වෙළද පොලේ ඇති ආහාර පන්සියකට ආසන්න ප්‍රමාණයක ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සිදුකළ සාම්පල පරික්ෂාවකදී කැඩ්මියම් ඇතුළු බැරලෝහ අන්තර්ගතවූ ආහාර හතක් සම්බන්ධයෙන් තහවුරුවී ඇතත් එම වාර්ථාව එළිදැක්වීම වසර තුනක් තිස්සේ සිදුවී නැති බව ජාතික විගනකාධිපති දෙපාර්තුමේන්තුව සිදුකළ විගණනයකින් තහවුරුවී තිබේ.

ඉකුත් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට සිදුකළ විගණන වාර්ථාවට අනුව අක්‍රමිකතා දූෂණ වංචා හා අයතා කටයුතු රැසක් සිදුවී ඇති බව තහවුරුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තුමේන්තුව විසින් පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවටත් වාර්ථාවක් සපයා තිබෙන බව අනාවරණය විය.

යහපාලන ආණ්ඩු සමයේ අනුරාධපුර පිහිටි ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය (සහල් සැකසුම් මධ්‍යස්ථානය) මගින් මිලියන 5.35ක මුදලක් වියදම් කරමින් දැනට වෙළදපොලේ ඇති ආහාර වර්ග 500ක සාම්පල යොදාගනිමින් සිදුකළ පරීක්ෂණ වලදී මිනිස් සිරුරට අහිතකර කැඩ්මියම් ආසනික් බැර ලෝහ හතරක් අන්තර්ගතව ඇති ආහාර වර්ග හතක් පිළිබදව තහවුරු කරමින් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට වාර්ථාව ලබාදී තිබේ.

ඉතා සංවේදී වාර්ථාවක් වන මෙම වාර්ථාව පිලිබඳව කිසිඳු තොරතුරක් පිටතට නොදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර තිබෙනා අතර ව්‍යාපාරිකයින් රැකීමේ අරමුණින් ජනතාවට වස කැවීමේ කාර්යක නිරතවී ඇති බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු එස්. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා.

“මා අත තියනවා විගණකාධිපති දෙපාර්තුමේන්තුව මගින් සිදුකළ විගණනයේ සත්‍ය වාර්ථාව. ඉතා වගකීමෙන් මේ කියන්නේ පසුගිය ආණ්ඩු සමයේ ආහාර වල සිදුකළ ප්‍රමිති පරීක්ෂණයේ ප්‍රතිපල වාර්ථාව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට ලබාදීලා තිබුණත් ඔවුන් ආහාර හතක අන්තර් ගත වස විෂ ගැන එළියට දෙන්නෑ.

විගණකාධිපති නිගමනයේදී තහවුරු වෙලා තියනවා ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය සිදුකළ සාම්පල පරීක්ෂාව සදහා රුපියල් මිලියන 5.35ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් අදාල ආයතනයට ගෙවලා තියනවා කියලා. එම පරීක්ෂාවෙන් පසුව ප්‍රතිපල ලැබුණත් ඒ පිළිබදව කිසිදු දැදුම්වත් කිරීමක් පසුගිය ආණ්ඩුව සිදුකරලා නෑ. ඔවුන් දන්නවා ආහාර වර්ග හතක කැඩ්මියම් ආසනික් ඇතුළු බැරලෝහ අන්තර් ගතවෙලා කියලා.

වාර්ථාව සඟවල ඔවුන්ගේ හිතවතුන් රැකීමට රටේ අහිංසක ජනතාවට වසර තුනතට ආසන්න කාලයක් වස කවන්න අවශ්‍ය වටපිටවා ඔවුන් සකසලා තියනවා. ඒ නිසා අපි වර්ථමාන රජයටත් දන්වා සිටිනවා මහජන මුදලින් රුපියල් ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් වියදම් කරලා අනාවරණය කර ගත්ත මිනිස් සිරුරට අහිතකර වන විෂ සහිත ආහාර වර්ග සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුම්වත් කරන්න කියලා” යනුවෙන් ඒ මහතා පැවසුවේය.

-අනුරාධපුර මහේෂ් විජේසූරිය-

Social Sharing
නවතම