පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!

අසරණ ගම්බද පාසල් දරුවන් නව පාසල් වාරය වෙනුවෙන් අළුත් පාසල් නිල ඇඳුමක් බලාපොරොත්තුව සිටියත් රජය මගින් නිල ඇදුම් සදහා රෙදි හෝ වව්චරය ලබාදීම සිදු නොකිරීමෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

දෙවන පාසල් වාරය ආරම්භවී දින 15 ක පමණ කාලයක් ගත වී ඇතත් පාසල් නිල ඇදුම් හෝ වව්චරය තවම ලබාදී නැති බව පැවසූ ඒ මහතා කඩිනමින් එම කටයුත්ත සිදුකළ යුතු බව පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා.

කොරෝනා වසංගතය එක්ක බහුතරයක් දෙමාපියන් දැඩි ආර්ථික අපහසුවකට පත්වෙලා ඉන්න අවධියක නව පාසල් වාරය වෙනුවෙන් දරුවන්ට ඇදුම් මිලදී ගැනීමට කිසිඳු හැකියාවක් නැතිව ඉන්නේ.

රජය බලයට පත්වෙන්න කලින් කිවුවා නිල ඇඳුම් විතරක් නෙමෙයි පාසල් දරුවන්ට සපත්තු කුට්ටමකුත් දෙනවා කියලා. නමුත් දැන් දීපු එකත් නෑ. සමහර පවුල් වල දරුවන් දෙතුන් දෙනෙකු පාසල් යනවා. බොහොමයක් දරුවෝ මේ වනවිට පාසල් අඳින්නේ පරණ ඇදුම්. ශරීර වර්ධනයත් එක්ක දරුවන් බහුතරයකට පසුගිය වසරේ ඇඳපු ඇදුම් මේ වසරේ අඳින්න බෑ.

වසර 28 ක කාලයක් පාසල් දරුවන්ට අඛණ්ඩව ලැබුණු වරප්‍රසාදයක් තමයි පාසල් නිල ඇඳුම නොමිලයේ ලබාදීම. ඒ නිසා කඩිනමින් මේ ඇඳුම් රෙදි හරි වව්චරය හරි දෙන්න කියළා අපි රජයෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම