සෞඛ්‍යයට ප්‍රතිපාදන තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් හිඟාකන්න අවශ්‍ය නෑ – රනිල්

නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (16) කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව මේ වන විට ඉල්ලා ඇතැයිද හෙතෙම පැවසුවේය.

ප්‍රදාන ලබා දෙන අයගෙන් ලබා ගත යුතු වන්නේ රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම, උපකරණ ලබා ගැනීම ආදිය සඳහා වන අතර පසුගිය මාර්තුවේ සිට මේ වන විට රෝහල්වලට අලුතින් වෙන්ටිලේටර්ස් එකතු වූයේ චීනයෙන් ලබා දුන් ඒවා සහ ගිලන්රථ වල තිබුණු ඒවා බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන ලදි.

නමුත් වෙන්ටිලේටර්ස් 3000ක් හෝ නොමැති අතර PCR යන්ත්‍රද රට තුළ ප්‍රමාණවත් පරිදි නැති බවයි හෙතෙම පවසයි.

”රටේ යුතුකම වන්නේ  රටේ ජනතාව වෙනුවෙන් බෙහෙත් වර්ගද එන්නත් ද ලබා දිය යුතු වුවත් දැන් එසේ සිදු නොවන බවද ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව මේ ගැන  ඇස් ඇරලා ක්‍රියාකළ යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එයට සහාය වන්න තම පක්ෂය සූදානම් බවද ආණ්ඩු මාරුකරන එක වැඩක් නැතැයිද පෙන්වා දෙන ඔහු  මෙතන තියෙන ප්‍රශ්නය ජීවත් වීමේ අරගලය, සෞඛ්‍ය සුරක්ෂිතභාවය යැයිද කියා සිටියේය.

ආණ්ඩුව වෙනස් කිරීම ඇතුලේ තියෙන කඹ ඇදිලි මෙතන වැඩක් නැතැයිද  දැන් මේ පාණ්ඩුව භාරගන්නවා යනු කොවිඩ් හදුනා වගේ කිසි වෙනසක් නැතැයිද නමුත්  උදව් කරන්න සුදානම් බවද ඔහු කියා සිටියේය.

ඊට පෙර පාර්ලිමේන්තුව තුළ ඇත්ත හෙළිදරව් කළ යුතුව ඇති බවත් මේ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර අවශ්‍ය කටයුතු සලසන ලෙසත් ඔහු අවධාරණය  කර සිටියි.

 

Social Sharing
නවතම