හඳුනා නොගත් කොවිඩ් සම්භවයක්!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසා ඇත්තේ  කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළ යමින් පවතින බව පැහැදිලිව පෙනෙන බවය. එමෙන්ම මේ වන විට රට තුළ හඳුනාගත් COVID-19 රෝගීන්ගේ සම්භවය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද ඇය කියා ඇත. “සම්භවයක් නොමැතිව සිද්ධීන් අනාවරණය වී තිබෙනවා, වෛරසය ප්‍රජාව තුළ කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්න එමගින් පෙන්නුම් කරනවා, එය භයානක තත්වයක්. මේ අනුව සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදීම යුගයේ අවශ්‍යතාවයක් වන අතර ජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි,” වෛද්‍ය ගල්හේන මහත්මිය අවධාරණය කර ඇත. රෝග ලක්ෂණ නොපෙන්වා කොවිඩ් වැළඳුන දරුවන් මේ වන විට…

Read More

කොවිඩ් කමිටුවේ වැරදි තීරණ නිසා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉවතට!

කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ගනු ලබන තීරණ වැරදි තීරණ බවත්, එම තීරණවලට තමන්ට වග කිව නොහැකි බවත් පවසමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා  කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීම සදහා වන ලිපිය වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඊ මේල් මාර්ගයෙන් යොමු කර ඇත.. රට වසා දැමීමේ  තීරණය හෝ එන්නත්කරණය කළ යුතු ආකාරය ගැන තාක්ෂණික කමිටුව ලබාදුන් උපදෙස් අනුගමනය කර නොමැති බවත්, දේශපාලන අවශ්‍යතා මත එම තීරණ වෙනස්වී ඇති බවත්, වෛද්‍යවරයා පවසයි. මෙම වැරදි…

Read More

කොරෝනා බඩු මල්ලත් කප්පාදු වෙයි!

කොරෝනා ආසාදිතයින්ගේ පවුල්වලට රුපියල් දස දහසක බඩු මල්ලක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ පහුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටය.. කොරෝනා ආසාදිත පුද්ගලයාගේ අදාල වසම භාර ග්‍රාම නිලධාරිවරයා මඟින් අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට දැන්වීමෙන් පසු මෙම දස දහසක බඩු මල්ල නිවසට ගෙනවිත් දෙනු ලැබුණි. මේ වන විට මෙම බඩු මල්ලද කප්පාදු කිරිමට රජය පියවර ගෙන ඇත.ඒ් ඉකුත් දා රැස් වු කැබිනට් මණ්ඩල රැස්වීමේදිය. ඒ් අනුව මින් ඉදිරියට අදාල බඩු මල්ල හිමි වන්නේ අඩු අදායම්ලාභි නිවසක කොරෝනා ආසාදිත වන අයෙකුට පමණි. මෙතෙක් කොරෝනා ආසාදිතව සිටි සෑම පවුලකටම ලැබෙන බඩු මල්ල නොලැබී යනු ඇත. ආර්ථික…

Read More

මතුගම පොලිසියේ පහර දීමෙන් මගේ සැමියා මිය ගියේ – පොලිස් අත්අඩංගුවේදි මිය ගිය සැකකරුගේ බිරිඳ කියයි!

මතුගම පොලිස් අත්අඩංගුවේ සිටි සැමියාට පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බව මතුගම පොලිස් අත්අඩංගුවේදී   මිය ගිය සැකකරුගේ බිරිඳ විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත. එමෙන්ම මේ බව ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා නීතිපතිවරයා වෙතද ලිඛිතව දන්වා යවා ඇත. මතුගම පොලිසිය විසින් ඉකුත් 22 දා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම අසනීප වී මිය ගොස් තිබුණි. එලෙස මිය ගොස් තිබුණේ යටදොලවත්ත, මතුගම පදිංචිව සිටි බෙල්ලන විතානගේ සාලිය ධනුක නම් 40 හැවිරිදි පුද්ගලයෙකි. මොහු තිදරු පියෙක් වන අතර වෘත්තියෙන් දර විකිණිම සිදු කරනු ලබයි. මෙම සැකකරුගේ බිරිඳ වන…

Read More

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අංක – 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එද්දී අසනීප වී ඇත. ඔහුගේ මුඛයෙන් සෙම පිට වීම නිසා වහාම ඔහුව මතුගම වෑත්තෑව රජයේ රෝහලට රැගෙන ගොස් ඇති නමුත් ඒ් වන විටත් ඔහු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පශ්චාත් මරණ පරික්ෂණය සදහා මළ සිරුර කළුතර නාගොඩ රෝහලට යවා ඇත. මෙම වසරේ ගත වු…

Read More

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක

කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ සංගම් එක  හඩින් පවසන්නේ මේ තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් විය හැකි බවයි. ඒ නිසා මේ සියළු දෙනා එකහඩින් පවසන්නේ මෙම තත්ත්වය යම් දුරකට හෝ පාලනය කිරීම සදහා රට වසා දැමීම හෝ දැඩි සංචරණ සීමා දැමීම වහාම කළ යුතු බවයි. පසුගිය සති දෙක තුන තුළ දී…

Read More