අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ විධිවිධාන පරිදි ඇප ලබා ගැනීම සදහා අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු නිසා සැකකරුවන්ට සහ චුදිතයන්ට දැඩි පීඩාවකට ලක්වීමට සිදුව ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ. විශේෂයෙන්ම, අභියාචනාධිකරණය කොළඹ පිහිටා තිබීම හේතුවෙන් ඉතා දුර ප්‍රදේශයක පදිංචි සැකකරුවන්ට අදාළ ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බැවින් අභියාචනාධිකරණය වෙනුවට ඇප ලබා දීමේ අධිකරණය මහාධිකරණය වශයෙන්…
Read MoreTag: witness and victim protection act sri lanka
නූතන පටාචාරා ඇයද?
ඇයගේ නම පද්මා වික්රමරත්නය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දෙවැනි දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. ඇය විවාහ වී සිටියේ ජෙරාඩ් මර්වින් පෙරේරා සමඟිනි. ඔහු කොළඹ නැව්තටාංගනයේ සේවය කළ අයෙකි. පද්මාගේ නිසලව තිබු පවුල් ජිවිතය උඩියටිකුරු වුයේ තෙවැනි දරුවාට මාස හයක් වන විටය. ඒ 2002 වසරේ ජුනි 02 දාය. එවකට පද්මා හා ජෙරාඩ් පදිංචිව සිටියේ ගෝණගහ, මිහිඳු මාවත, ඇහැටුගහගොඩැල්ල, අංක 52/බී/ 2 යන ලිපිනය දරන ජෙරාඩ්ගේ නිවසේය. වත්තල පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ ජෙරාඩ්ව අත්අඩංගුවට ගනු ලැබුයේ ත්‍රි පුද්ගල ඝාතනයකට අවශ්‍ය සැකකරුවෙකු බව කියමිනි. වෙනත් ජෙරාඩ් නැමැති පුද්ගලයෙකු සිදුකර තිබු වරදට වත්තල…
Read More