අලි ගැසට්ටුවට නිසා වනජිවි සංරක්ෂණයට දැඩි බලපෑම්!

wild life

වනජීවී භාරයේ සිටි හීලෑ අලි ඇතුන් නැවතන් හිමිකරුවන් ට භාර දීම සහ හීලෑ අලි ඇතුන් ලියාපදිංචියට නිකුත් කළ ගැසට් නිවේදනය හේතු කොටගෙන වනජීවී සං‍රක්ෂණයට දැඩි බලපෑම් එල්ලවන බව වනජීවී අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය  පවසයි. එමෙන්ම මෙය වන සත්ත්ව හා -වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට පටහැනි බවත් වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ මෙම නිවේදනය හේතුවෙන් ව්‍යාජ තොරතුරු මත පදනම්ව බලපත්‍ර නොමැති හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම ට අවසර දීමෙන් දඩුවම් ලැබිය හැකි වරදක් සිදුවන බවත් වනජීවී අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය  වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. වනජීවී භාරයේ සිටි හීලෑ…

Read More