සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!

new covid situation Government of Sri Lanka PHI

ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය දහස ඉක්මවූහ. අප දැන් සිටින්නේ අවදානම් තත්ත්වයක බවත් ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව පිලිනොපැද්දොත් ලංකාවද ඉන්දියාව මෙන් වනු ඇතැයි සෞඛ්‍ය අංශ මේ වන විට ජනතාවට  අනතුරු අඟවා ඇත. දෙවැනි කොවිඩ් රැල්ල අවසන් වෙමින් තිබු අවස්ථාවක, බ්‍රිතාන්‍ය වෛරසය බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙමින් තිබූ අවස්ථාවක සිංහල අලුත් වුරුද්දට කිසිඳු තහංචියක්/නීතියක් රජය ජනතාවට පැනවුයේ…

Read More

ගැබිණි මව්වරුන් ගැන විශේෂඥ වෛද්‍ය අනතුරු ඇඟවීමක්!

covid vaccine affect pregnancy College Of Obstetricians & Gynecologists

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන්  ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ශ්‍රී ලංකා  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඔවුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ. වර්තමානයේ පැතිර යමින් තිබෙන කොවිඩ් 19 වයිරසයට ගොදුරුවීමේ අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස ගැබිනි මව්වරුන්ද හදුනාගෙන ඇති බවයි එම ආයතනය පවසන්නේ. “ගැබිනි මව්වරුන් මෙම වයිරසයට ගොදුරු වුවහොත් ඔවුන් රැකබලා ගැනීමේ ගැටලුවක් නිර්මාණය වේ. ඒ නිසා ගැබිනි මව්වරුන් මේ මොහොතේ අතිශයින් පරිස්සම් විය යුතුය. එසේ නොවුනහොත් එය අතිශයින් බේදනීය ඉරණමක් වනු හෝ අනුමානය   ” ශ්‍රී ලංකා  ප්‍රසව හා නාරිවේද…

Read More

ග්‍රාමසේවා වසම් වැසීමෙන් ඵලක් නැහැ, රට වැසිය යුතුයි! – PHI සංගමයේ සභාපති

public health inspector upul rohana phi current covid situation sri lanka

දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ  ග්‍රාමසේවක වසම් වැසීමෙන් වැඩක් නැති බවත් රජයට වටින්නේ ආර්ථිකයද? මිනිසුන්ගේ සෞඛ්‍යද? යන්නය. තමන් මේ ගැන කථා කරන නිසා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිම රැස්වීමකට තමන්ව කැඳවන්නේ නැතැයිද උපුල් රෝහණ මහතා පවසයි. කොරෝනා බරපතල සමාජ ව්‍යප්තියක ඇති බවත් ආරක්ෂාවට ඇත්තේ තම නිවාස පමණක් බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු, හෙද…

Read More

ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති

Upul Rohana PHI government covid statistics

මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ  රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම නිසා යැයි  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ගත වූ පැය 24 තුල දෛනකව වාර්තා වන  රෝගීන් ප්‍රමාණය කියා අපට සංඛ්‍යාලේඛන පෙන්නුවද ඒවා සැබවින්ම ගත වූ පැය 24 දත්ත නොවන බවත් සාමාන්‍යයෙන් PCR පරීක්ෂණ දින 3-10 දක්වා කාලයක් ආපස්සට ගිය ඒවා බවද ඔහු පෙන්වා දෙයි. පසුගිය ආසන්නම දින තුනේ PCR පරීක්ෂණ ගම්පහ…

Read More