විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමිනි. 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් මෙසේය. *අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස්…
Read MoreTag: united nations human rights council members
ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC
ලංකාවේ මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානව අයිතිවාසිකම් නැවත කඩකිරීමේ අනතුරුදායක ගමන් මාර්ගයක යන මැයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව නිවේදනය කර ඇත. එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. පසුගිය වසර තුළ පැවති, දඬුවම් නොලැබ සිටීමේ මුක්තිය වඩාත් පුළුල්වීම, ආණ්ඩුවේ කාර්යන් වැඩියෙන් හමුදාකරණය වීම, වාර්ගික-ජාතිකවාදී වාග් ප්‍රහාර, සහ සිවිල් සමාජය බිය වැදිදීම වැනි කනස්සල්ලට පත් කෙරෙන ප්රවනතා ඉස්මතු කරයි. ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසර දොළහකට ආසන්න…
Read More