ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර සුපුරුදු පරිදි මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා තියෙනවා. එහි සෑහෙන කරුණු ගණනාවක් අඩංගුයි. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් මාධ්‍යය පාවිච්චි කරමින් මේවා දේශද්‍රෝහී ක්‍රියා මාර්ග විදිහට වෙනත් ප්‍රතිරූපයක් මවමින් ඉන්නවා. ඇත්තටම මෙම වාර්තාවේ සඳහන් කරුණු වල ස්වරූපය කුමක්ද? මෙහි දී අපි කතා කරනවා ජිනීවාවල තියෙන ප්‍රධාන ආයතන දෙකක් ගැන. පළමුවැන්න මානව හිමිකම් කවුන්සිලය. මානව හිමිකම් කවුන්සිලයේ කියන්නේ රටවල් 47 කින් සැදුම්ලත් කවුන්සිලයක්. එම සංවිධානයේ එහි සාමාජිකයින් වෙන්නෙ රටවල්. රටවල් නියෝජනය කරන්නේ රටවල්වල සිටින ආණ්ඩු. දෙවෙනි එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…
Read More