එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය බෙදුම්වාදී කොටි සංවිධානයේ බළල් අතක් බවට බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්ත වූ 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇති අතර එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන බව මීට පෙර අමාත්‍යවරයා විසින් දන්වා සිටින ලදි. මෙහි අඩංගු අන්තර්ගතය පිලිබඳ අවධානය යොමු කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ එම…
Read MoreTag: udaya gammanpila facebook
ආණ්ඩුව එ.ජා සංවිධානයට ලිඛිතව දුන් පිළිතුරු “දැන්ම ප්‍රසිද්ධ කරන්නේ නෑ”
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා ඉදිරිපත් කර තිබෙන වාර්තාව වර්තමාන ආණ්ඩුව පිළිබඳව “ද්වේශකාරී ලෙස සකස් කළ” වාර්තාවක් ලෙස හෙලා දකින ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. එසේ වුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය මේ වන විටත් ලිඛිතව දන්වා යවා ඇතත් එය ප්‍රසිද්ධ නොකරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකුද වන අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ. “මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත්කර ඇති වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එහි අන්තර්ගතය…
Read More