නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක්ද?

රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක් බවට දෙමළ දේශපාලන නායකයෝ ප්‍රකාශ කරති. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ආරාධනයෙන් ලංකාවට පැමිණ සිටින  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැද පෙරදිග හා ආසියානු ශාන්තිකර  රටවල දේශපාලනික කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලෙත් කියාරි සමග අඟහරුවාදා [23] පැවති විශේෂ හමුවකදීය. එදිනම එජා නියෝජිතයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී ඇල් පීරිස්ද හමුවී තිබේ. “බලය බෙදා හැරීමේ වැඩ පිළිවෙලට හානි වන අයුරින් එක් රටක් එක් නීතියක් නම් ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා,…

Read More

හදිසි නීතියට TNA විරෝධය!

අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාවේ යෙදවීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දකියි. මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අගෝස්තු 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ප්‍රකාශයට පත් කර තිබුනි. ජනාධිපති නීතිඥයකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂක ආඥා පනත ක්‍රියාවට නැංවිය  යුත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුන මොහොතක බවය. “රටේ ආරක්ෂාවට අභියෝගයක්  තිබුනොත් තමයි මහජන ආරක්ෂක පනත යටතේ…

Read More

දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය

Keheliya Rambukwella tna members covid vaccine

මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා  කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ යුධ සමයේ දී යුධ හමුදා සෙබළුන්ට ඔවුන් දුන් පීඩාව සිහිපත් වීමෙන් නිසා විය යුතු යැයි මහනුවර අනිවත්තේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විනය ගරුක පිරිසක් වන නමුත් ත්‍රස්තවාදී යුද සමයේ ලැබූ අත්දැකීම් හේතුවෙන් කොරෝනා එන්නත…

Read More

P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!

p2p protest in sri lanka

උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම  පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයකුගෙන් පොලිස්ථාන අටක නිලධාරීන් එකවර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. උතුරු නැගෙනහිර පිහිටි තවත් පොලිස්ථාන  කිහිපයකින්ම ඉදිරියේදී තමන්ගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී  ශානක්‍යන් රාසපුත්‍රම් පවසන්නේ. ඔහු ඒ බව සදහන් කළේ පොලිස් නිලධාරීන් වෙත පෙබරවාරි 19 සිකුරාදා   ප්‍රකාශ ලබා දීමෙන් පසු මාධ්‍ය හමුවක් කැදවමිනි. P2P නමින් ප්‍රකට වූ පාද යාත්‍රාව “ප්‍රජාතන්ත්‍ර විරෝධි” යයි පවසන පොලිස් නිලධාරීන් ඊට එක්වීම…

Read More

නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!

Cases against Protest march coming from east to north

උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිරද  නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින් දියත්වූ සාම පාදයාත්‍රාවේ නියමුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී තිබේ. එසේ වෙතත්, එම දිනවලම පාද යාත්‍රාවට එරෙහිව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ නායකත්වයෙන් පැවති ජන රැළි වලට එරෙහිව පොලිසිය පියවර ගන්නා බවක් දැනගන්නට නැත. මුලතිව් අධිකරණ බල ප්‍රදේශයට ඇතුල්වීම තහනම් කරමින් මුලතිව් අධිකරණය විසින්  නියෝග පනවා තිබියදීත් එම ප්‍රදේශයට ඇතුල්වූ විරෝධතාකරුවන්ට එරෙහිව විමර්ශන ආරම්භ කළ බවට මුලතිව් පොලිස්ථානාධිපතිවරයා…

Read More

නැගෙනහිර පාගමනට පොලීසියෙන් බාධා!

Police block protest march in the East

දෙමළ ප්‍රජා නායකත්වයෙන් නැගෙනහිරින් ආරම්භ කෙරුණු පාද යාත්‍රාවට දැඩි ලෙස  අවහිර පැනවීම සම්බන්ධයෙන් පොලිසිය දෝෂ දර්ශනයට ලක්වී සිටී. සුළු ජාතීන්ගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පැවතීමට විරෝධය දක්වා දෙමළ ජනයා නැගෙනහිර සිට උතුර දක්වා ආරම්භ කළ සාම පාද යාත්‍රාව හැත්තෑ තුන්වැනි නිදහස් දිනයට පෙරදා අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයෙන් දියත් කරන ලදී. එය සිව් දිනකට පසු  යාපනය දිස්ත්‍රික්කයේ පොලිකන්ඩියෙන් නිම වීමට නියමිතව ඇත්තේ  ජනවාරි 6 දා ය. පෙබරවාරි 3 බදාදා උදෑසන 9.30 ට පොතුවිල් නගරයෙන් ගමන් ඇරඹී සාම පාද යාත්‍රාව කිලෝමීටර 100 ක් පසු කරමින්  පස්වරු 5 පමණ  වන විට…

Read More

TNA ගෙන ඒමට සැරසෙන මානව හිමිකම් යෝජනාවට විග්නේෂ්වරන්ගෙන් සැර ලිපියක්!

c v vigneswaran geneva human rights council TNA

ශ්‍රී ලංකා රජයට දෙමළ ජනතාවගේ ගැටළු විසදීමට තවත් කල් ලබා දිය යුතු බවට ජීනිවා මානව හිමිකම් සමුලුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට දමිළ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බවට තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය මේ දිනවල පියවර ගනිමින් සිටින්නේය. නමුත් මෙම තීරණයට තමිල් මක්කල් තේසීය කුට්ටනී පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේශ්වරන්  සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන අය ප්‍රතික්ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේශ්වරන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් වෙත ලිපියක් යොමු කරමින් සිය…

Read More