නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක්ද?

රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක් බවට දෙමළ දේශපාලන නායකයෝ ප්‍රකාශ කරති. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ආරාධනයෙන් ලංකාවට පැමිණ සිටින  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැද පෙරදිග හා ආසියානු ශාන්තිකර  රටවල දේශපාලනික කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලෙත් කියාරි සමග අඟහරුවාදා [23] පැවති විශේෂ හමුවකදීය. එදිනම එජා නියෝජිතයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී ඇල් පීරිස්ද හමුවී තිබේ. “බලය බෙදා හැරීමේ වැඩ පිළිවෙලට හානි වන අයුරින් එක් රටක් එක් නීතියක් නම් ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා,…

Read More