ගුවන්තොටුපළ PCR පරික්ෂණාගාරය වැසීම ගැන සෞඛ්‍ය ඇමති නිහඬ ඇයි?

pcr

හෝටල් නිරෝධායන මාෆියාවට යටවූ ආණ්ඩුවට ගුවන්තොටපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය යළි විවෘත කරගැනීමට නොහැකිවී ඇති බවත් තමන් විවෘත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය වසා දැමීම ගැන සෞඛ්‍ය ඇමැතිවරයා නිහඩව සිටින්නේ කුමක් නිසාදැයි ප‍්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු  මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය. කොවිඩ් වසංගත තත්වය නිසා මේ  රටට එන සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරලා ඔවුන් නිරෝධායනයට යොමු කළා. ඒක ක‍්‍රමානුකූලව ඉවත් කරමින් ආරක්ෂිතව පුද්ගලයින් රට තුළට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ලෝකයේ රටවල්…

Read More

ඇතැම් නගරවල වෙළඳ සංගම් ස්වෙච්ඡාවෙන් සිය නගර වසා දැමීම රජයට එල්ල කළ අභියෝගයක්!

කොරෝනා කොවීඩ් මරණ හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන සැඟවීමෙන් තොරව අනාවරණය කළ යුතුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. රෝගීන් පිළිබඳව දත්ත සඟවන තත්ත්වයක් දැකිය හැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව  මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීවේය. නිවැරදි සංඛ්‍යාලේඛන රටට හෙළි කිරීම මගින් සෞඛ්‍ය බලධාරීන්ට, ජනතාවට පමණක් නොව රජයට පවා නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේය. රෝගීන්ගේ මරණ සංඛ්‍යාව දෛනිකව දිගින් දිගටම ඉහළ යන තත්ත්වයක් යටතේ රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගැනීම…

Read More