අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කරන්න – ගුරු -විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඉල්ලයි.

කොවිඩ් 19 නිරෝධායන පිළිවෙතට මුවා වී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ. පොලිස්පතිට ලිපියක් යොමු කරමින් ගුරු හා විදුහල්පතිවරුන් කියා සිටින්නේ ‘’මෙසේ බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ හා විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්’’ බවයි. අධ්‍යාපන මිලටරිකරණය හා පෞද්ගලිකරණයට පාර සකසන කොතලාවල පනත අහෝසි කිරීම, වසර විසි හතරක් පුරා නොවිසිදුනු ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලබා ගැනීමට  ආණ්ඩුවට බල කරමින් දිවයින පුරා  පාසල්වල ගුරු- විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටි. ගුරු වෘත්තීය සංගම් පවසන්නේ රටේ විවිධ…

Read More