ඇස්ට්‍රාසෙනිකා 2 මාත්‍රාව ගැන බයක් එපා  –  අමාත්‍ය උදය ගම්මන්පිල

Udaya Gammanpila AstraZeneca covishield vaccine

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරටට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. ඊට පසු දින සිට මෙම එන්නත කොටස් වශයෙන් මෙරට ජනතාවට ලබා දීමට පියවර ගත්හ. එහිදී මූලිකත්වය සෞඛ්‍ය අංශයට, ආරක්ෂක අංශයට ලබා දුන් අතර පසුව කොවිඩ් ආසාදිතයින් වැඩියෙන් වාර්තා වන අවදානම් සහගත ප්‍රදේශ වල ජනතාවට එන්නත ලබා දීම සිදු කෙරුණි. එහිදීද කිසිදු  සැලැස්මකින් තොරව මෙම එන්නත විවිධ ප්‍රදේශ වලදී විවිධ පුද්ගලයින්ට ලබා දුන් අතර රජය පවසන ආකාරයට එම එන්නතේ පළමු මාත්‍රාව නව ලක්ෂ 28,107 කට ලබා දී ඇත. මොවුන්ට මෙම එන්නතේ දෙවැනි මාත්‍රාව…

Read More

මේ ඉන්දියාවේ  නෙමේ, ලංකාවේ!

Patient attendance at Anuradhapura Hospital increases Coronavirus outbreak

අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ පිහිටි කායික රෝග වාට්ටු සංකීර්ණයේ (මෙඩිකල් වෝඩ්) පවතින අධික තදබදය හේතුවෙන් වසංගත තත්වය හමුවේත් රෝගීන් දෙදෙනෙකුට එක් ඇදක ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිමෙන් ජීවිත අවදානම් තත්වයකට පත්ව ඇති බව රෝගීන් පිරිසක් පෙන්වා දුන්හ. කායික රෝග වාට්ටු සංකීර්ණයේ වාට්ටු අංක 17-18 හා 19 යන වාට්ටු වලට පසුගිය දින කිහිපය පුරාම විවිධ රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන් පැමිණීම හේතුවෙන් මෙම තත්වය උද්ගතවූ බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසුහ. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවධියක සමාජ දුරස්ථ බාවය රැකිය යුතු වූවත් පවතින අධික තදබදය නිසා රෝගින් දෙදෙනෙකු එක් ඇදකට සීමා…

Read More

“රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක් ඉන්නවා ”- ඇමතිනී සුදර්ශනීගෙන් අනතුරු ඇඟවීමක් !

covid pandemic third wave in sri lanka Sudarshani Fernandopulle

ගම්පහ දිස්ත්‍රික්කය තුළ PCR පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර තුළ දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ඊයේ (06) දින සඳහන් කළ බවට පුවතක් නෙත් වෙබ් අඩවියේ පළ කර තිබුණි. එම පුවතට අනුව මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති වීම මේ සදහා හේතු වී තිබුණි. එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිදු…

Read More

කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවට මොකද වෙන්නේ?

oxford AstraZeneca covishield vaccine sri lanka Ministry Of Health

මේ පැතිර යන ගෝලීය වසංගතයට අවසන් විසඳුම එන්නත්කරණය බව බොහෝ දෙනා පවසයි. මෙරට ජනාධිපතිවරයාද එය පිළිගෙන ඇත. ඒ නිසා මේ වන විට විවිධ රට වලින් නිෂ්පාදනය කෙරෙන කොවිඩ් මර්දන එන්නත් දැන් ජනතාවට ලබා දෙමින් ඇත. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර ඇත්තේ කොරෝනා මර්ධන එන්නත් එක් මාත්‍රාවකින් මාස තුනකට රෝගය වැළඳීමේ ප්‍රවනතාව අඩු වන බවය. එසේම යම් ආකාරයකින් රෝගය වැළඳුනහොත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයකුට උපරිම ආරක්ෂාව ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් පසුව බවත් ඇය සඳහන් කර සිටියි.…

Read More

එදා රත්තරං මැණිකක් වූ කොවිෂීල්ඩ් එන්නත මෙදා නරක් වුණේ ඇයි?

covishield vaccine side effects Ministry of Health

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා “කොවිෂීල්ඩ්” එන්නත් මෙරටට ප්‍රථම වරට ලැබුණේ ජනවාරි 28 දාය. මෙම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයින්ට, කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන්ට හිමි විය. පළමු මාත්‍රාව ලබාදී සති 3කට පසු දෙවැනි මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව එකල පැවසුවේය. දෙවැනුව එන්නත්කරණය වයස අවුරුදු 60 වැඩි අයට ලබා දීමද, අවදානම් ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින්ට ලබා දීමද සිදු විය. මේ එන්නත ගැන එකල නොයෙක් කථා පැතිරුණද රජය පැවසුයේ එන්නතට කිසිදු බිය වීමක් නොවන ලෙසටය. නමුත් මේ…

Read More

ගුවන් තොටුපල කොරෝනා පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට 

Ravi Kumudesh Bandaranaike International Airport PCR-Testing

ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයක් විසින් හෙළි කර තිබේ. “ගුවන් තොටුපල රසායනාගාරයට එන සියලු මුදල් උපයන පරීක්ෂණ ටික එක පෞද්ගලික රෝහලක් ඉලක්ක කරගෙන එළියට යනවා. දේශපාලන හයිය පාවිච්චි කරනවා සමහරු.” සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ඒ බව අනාවරණය කළේ මාර්තු 23 අඟහරුවාදා කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන රසායනාගාරය වසා දැමීමටත් වෙනත් ව්‍යාපාරික රසායනාගාර එහි ස්ථාපිත කිරීමටත්  ඇතමුන් උත්සාහ කරන බවටත් ඔහු එහිදී චෝදනා කළේය. “විදේශ…

Read More

ඇමතිවරියටත් ඉහළින් තීන්දු තීරණ ගන්නා රටක සෞඛ්‍යයේ හෙට දවස?

sudarshani fernandopullei Ministry Of Health Covid vaccine

රටක සෞඛ්‍ය අමාත්‍යාංශය යනු වැදගත් සුවිශේෂි අංශයකි. රටේ සියලුම සෞඛ්‍ය කටයුතු තීරණය වන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් මේ වන විට ඇමතිවරු සිව්දෙනෙක් පත් කර ඇත. ඒ අතරින් කොවිඩ් රෝග පාලන පිලිබඳ කටයුතු මේ වන විට භාරව සිටින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියය. නමුත් ඇයට අදාල කටයුතු සිදුකිරීම සඳහා නිදහසක් නොමැති බව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඇය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් වී ඇති බවය. කොවිඩ් එන්නත්කරණය…

Read More

බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!

DIG Bimshani Jasinarachchi Women Parliamentarians

මේ දිනවල වැඩියෙන්ම කථා වෙන කාන්තා චරිතය වන්නේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චිය. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටි බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුනේ 2020 ඔක්තෝම්බර් මස 18 දා ය. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවීමෙනි. මීට පෙර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තාවක් ලෙස ඉහළම තනතුරක් දැරුවේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ප්‍රමිලා දිවාකර මහත්මීය වේ. කාන්තා පොලිස් සේවය ආරම්භ කර තිබෙන්නේ 1953 දීය. එහිදී කාන්තා පොලිස් සේවය සඳහා මුලින්ම බඳවා ගන්නා ලද්දේ නිලධාරිනියන් සිව් දෙනෙකි. හැටේ දශකය පමණ වන වි‌ය. එම තත්ත්වය ක්‍රමයෙන්…

Read More

චක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!

covishield vaccine in sri lanka

කොවිෂිල්ඩ් එන්නත මෙරටට ප්‍රථමවරට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. එදා සිට මේ දක්වාම රජය විසින් අදියර කිහිපයක් යටතේ මේ එන්නත ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ආදි සේවයේ නියුතු පිරිස් වෙත ලබා දෙමින් ඇත. මේ වන විට කොවිෂීල්ඩ් එන්නත, 180,000ක පමණ සංඛ්‍යාවකට ලබා දී අවසන්‍ ය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී ස්‍රදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ ලබන මස මුල් සතියේ සිට සාමාන්‍ය ජනතාවටද මේ කොවිඩ් එන්නත ලබා දිමට කටයුතු කරන බවය. මේ එන්නත දෛනිකව ලක්ෂ 6 කට ලබා දීම අපෙක්ෂා කරන අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ…

Read More