සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත!

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත ! - ගාමිණී වියන්ගොඩ

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ බිම් මට්ටමේ පරීක්ෂණ සිදු කරමින් සිටි දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක් සිටියේය. ඔහු, නිශාන්ත ද සිල්වා ය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හදිසි නියෝගයක් ප්‍රකාරව, වහා ක්‍රියාත්මක වන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීගමුව පොලිස් ස්ථානයට ඔහුව මාරු කෙරුණි. ඒ කාලයේ ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණි. පැය 24 ක්…

Read More

බලමු මොකද වෙන්නේ කියලා…

Minister Susil Premajayantha sacked

ආණ්ඩුවේ කෘෂිකර්ම වැඩපිළිවෙල අසාර්ථක බව තමන් දෙල්කඳ පොළේදී ප්‍රකාශ කළ නිසා, තමන් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත්කළ බවත් ඉදිරියේදී වෙන්නේ කුමක්දැයි බලාගත හැකි බවත් සිය අමාත්‍යාංශයට පැමිණ බඩුමුට්ටු අස්කරන අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්‍ත මාධ්‍යට ප්‍රකාශ කරයි. පසුගිය දෙසැ 03 දා පැවති කැබිනට් හමුවේදී මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඇතැයි අනුමාන කරන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අවුරුදු පහකට වරක් ජනතාවගේ වෙලාව එන බවයි. එම වෙලාවේදී මේවාට ජනතාව නිවැරදිව ප්‍රතිචාර දක්වනු ඇතැයි ප්‍රකාශ කරන ඒ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් එලවා දැමීම තමන්ගේ දේශපාලන අනාගතයට සුබයැයි ප්‍රකාශ කරයි. තමන් හොඳටම දේශපාලනයේ තෙම්පරාදු චරිතයක් බවත්,…

Read More

සුසිල් දොට්ට, විවේචන කරණ ඇමතිවරුන්ට රතු එළි!

Susil Premajayantha removed from Minister of State

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනාධිපතිවරයා රතු එළියක් දල්වා ඇත. විසිවෙනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර එයට ආසන්නතම හේතුව දෙල්කඳ පොළ පරීශ්‍රයේදී මාධ්‍ය අමතා සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීමය. මේ අනුව සුසිල් ප්‍රේම්ජයන්ත දැරූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එස් බී දිසානායකට හිමිවෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ.

Read More

“තීන්දු තීරණ ගන්නා අය විදෙස් ආක්‍රමණිකයන්ට වඩා අන්තයි!”

Susil Premajayantha Agriculture has been destroyed

විදේශ ආක්‍රමණිකයන් ගේ කාලයේදී හෝ මෙහෙම විනාශයක් කෘෂිකර්මයට සිදු නොවුණ බවත්, හරි තීන්දුගෙන රට නිවැරදිව කරගෙන යන්න තිබුණ කාලය අවසන් වී ඇති බවත්, දැන් එම කාර්‍ය කරන්න වෙන්නේ වෙන පිරිසකට බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරයි. දෙල්කඳ පොළේදී රටේ වර්තමාන ප්‍රශ්න ගැන මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා ප්‍රශ්න කළේ පොහොර නැතිකර ඵලදාව ගන්නේ කොහොමද කියා ය. රටේ වර්තමාන තත්ත්වයට තීන්දු තීරණ ගන්නා අය වඟකිව යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා කරන්න බැරිනම් පුලුවන් පිරුසකට රට භාරදීම කරන්න බැරි අයගේ වඟකීම බව ප්‍රකාශ කළේය.

Read More