ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමෙන් වලකින්න – පොලිස්පතිට ලිපියක්!

IGP cd wickramaratne media organizations collective

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අංශ සිදුකරන බල කිරීම් වහා නවත්වන ලෙසත් ඔවුන්ට මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. මාධ්‍ය සංවිධාන එකතුව පවසන්නේ විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව  විස්තර විමසමින් තිබෙන බව වාර්තා වී ඇති බවය. ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම  බවත්…

Read More

මාධ්‍ය හිංසනයේ බරපතලම ගොදුර ගැහැණුන් –  මාධ්‍යවේදී ජයනි අබේසේකර

Jayani Abeysekara ethics of media sexual harassment

බලයට පත් වෙන හෝ බලයට ත් වූ කිසිම ආණ්ඩුවකට මාධ්‍යයට එරෙහිව සිදුවන හිංසනය වළක්වා ගැනීමට අවංක දේශපාලන අධිෂ්ඨානයක් නැති බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ සම කැඳවුම්කරු, මාධ්‍යවේදී ජයනි අ‌බේසේකර මහත්මිය පවසයි. මාධ්‍ය සහ දේශපාලන අතර ඇති අවලස්සන සම්බන්ධය අප සියලු‍ දෙනා දන්නා නමුත් එමඟින් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, ඔවුන්ට වදහිංසා කිරීම් කිසිදු ලෙසකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි බවද ඇය පවසයි. මෙහිදී මාධ්‍යවේදී ශමින්ද්‍ර පැවසු පරිදි වදහිංසනයට ලක්ව ඇති අයවලුන් පිරිසිදුම චරිත නොවිය හැකිවුවද ඔවුන්ට සිදුව ඇති හිංසනයන් සහ අපරාධයන් සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින බවද ඇය කියයි. මාධ්‍යයට එරෙහි…

Read More

ප්‍රවෘත්ති ආයතන තුල ලිංගික හිංසන ගැන හෙළිදරව්වක්!

female journalists sexual harassment sri lanka MeToo

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන සමාජ මාධ්‍ය තුළ සාකච්ඡා අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. එම හෙළිදරව්වලදී වැඩියෙන්ම සඳහන් වී ඇත්තේ රජයේ මාධ්‍ය ආයතනවල නම් ය. රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් කළ ප්‍රශ්න කිරීම හමුවේ  රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සදහන් කළේ ඒ පිළිබදව  තමන්ට තවමත් නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. “මට එවැනි කිසිදු නිල පැමිණිල්ලක් ලැබිල නැහැ… නමුත් මට එවැනි පැමිණිල්ලක් ලැබුනා නම් මම වහාම…

Read More

මාධ්‍යවේදීන්ටත් පන්දාහ ඉල්ලයි!

journalists in crisis covid situation sri lanka

රට මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදීන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින බව අගමැතිවරයාට දැනුම් දෙන මාධ්‍ය වෘත්තිය සම්මේලනයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතද අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙවන රුපියල් පන්දහස  ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ජුනි 10 බ්‍රහස්පතින්දා යොමු කළ ලිපියක් මගින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැනුම් දී ඇත්තේ කොරෝනා වසංගතය, ගංවතුර, නායයෑම් නිසා රටම බලවත් ව්‍යසනයකට පත්ව තිබෙන මේ මොහොතේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදියාගේ දරුපවුල්, ඔවුන්ගේ ආහාර පුමුඛ මුලික අවශ්‍යතාවන් සපුරා ගන්නට නොහැකිව බලවත් පීඩනයකට මුහුණ දෙමින් සිටින බවයි. “ජනතාව  වෙත තොරතුරු ළඟා…

Read More

අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්!

Demands from European governments for Ahnaf jazeem release

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්අඩංගුවට ගන්නා ලද කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් නඩු නැතිව රඳවා තබාගෙන අවුරුද්දක් පිරුණු පසුගිය මාසයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් කළ ඉල්ලීමෙන් අනතුරුවය. “ජසීම් මහතා වහාම නිදහස් කරන ලෙස, එසේත් නැතිනම් සාධාරණ නඩු විභාගයක අයිතිය සහතික කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුගතව කඩිනමින් චෝදනා ගොනුකරන ලෙස ඉල්ලීම සඳහා…

Read More

හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?

Journalists in Sri Lanka Covid vaccine Ministry Of Health

මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල විසින් කොළඹට ලැබීමට සලස්වා තිබුණි. ඒ සියලුම දෙනාට මෙම එන්නත කොළඹදී ලබා දීමට නියමිතව තිබූ හෙයිනි. නමුත් බොහෝ දිස්ත්‍රික්ක වල මාධ්‍යවේදීන් මේ අවස්ථාවේ කොළඹට ඒමට කැමති වුයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයේ යම් ස්ථානයක මේ එන්නත ලබා දෙන ලෙසටය. නමුත් ඒ් ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ නැත. මේ අතර පහුගිය 14 දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී…

Read More

දැන් මාධ්‍යයේ ප්‍රධාන රාජකාරිය ජනමතය ගොඩනැගීම – මාධ්‍යවේදී  අජිත් පැරකුම් ජයසිංහ

Ethics of Social Media in Sri Lanka ajith parakum jayasinghe

සමාජ මාධ්‍යවල ආචාර ධර්ම සම්බන්ධවයෙන් ඇත්ත ගැටලුවකුත් තියෙනවා. සමාජ මාධ්‍ය යුගය කියන්නේ එක්තරා විදිහකට පස්සේ අර අතීතයේ තිබිච්ච මාධ්‍යකරුවන් වූ මාධ්‍යවේදියා සහ පුරවැසියා අතර වෙනස අවම වෙන කාලයක්. සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇත්තටම ගැටලුවක් තියෙනවා. ගැටලු ඇතිවෙන්න හේතුවක් තමයි මේ සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවෝ සහ පුරවැසියන් අතර පරතරය නැත්තං වෙනස අවම වෙලා තියෙන එක. අද වෙනකොට සමාජ මාධ්‍යවල තියන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවෙක් බවට පත්ව තමන්ගේ ප්‍රකාශනය  කරන මට්ටමෙන්ම එහාට ගිහිං ඒක වඩා වැඩි පිරිසක් වෙත සමීප කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක පුරවැසි මාධ්‍ය කියලා හඳුන්වන්න පුළුවන්.  සමාජ…

Read More

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්

journalism in sri lanka Media organizations

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මුලින්ම කතාකරමු.. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය සමග ගනුදෙනු කරන ආකාරය දැක්කහම හරිම දුක්ඛිතයි. ශෝකජනකයි. විශේෂයෙන් වරප්‍රසාද වරදාන සන්තෝශම් වලට යටවෙලා හැමදේම. තෝරාගත් එක කොටසකගේ ප්‍රවෘත්ති පළ කරනවා. අනිත් කොටස යවපුවහම ඒ අයගේ අඩුපාඩු කියනවා, අඩුපාඩු හොයනව ඒවා පළ කරන්නේ නැහැ. ඒ සම්බන්ධව කර්තෘ මණ්ඩලයට, කර්තෘවරුන්ට, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරුන් දැනුවත් කළොත් ඊට පස්සේ ඒ මාධ්‍යවේදියාට ආයේ කවදාවත් ඒ ආයතනයේ ප්‍රවෘත්ති පළ කර ගන්න බැහැ. ඒක තමයි මේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ අද ඇත්ත තත්ත්වය. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් මාධ්‍ය…

Read More

අහ්නාෆ් ජසීම්ගේ ආරක්ෂාව ඉල්ලා මාධ්‍යවේදීන්ගෙන් සන්දේශයක්!

Ahnaf Jazeem Navarasam Sri Lanka Young Journalists Association

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ  රදවාගෙන සිටින අහ්නාෆ් ජසීම් ට මීයකු සපාකා ඇති බව සිය සංගමය වෙත වාර්තා වී ඇති බවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමසීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ වෙත මාර්තු 29 දින යොමු කළ එම ලිපිය මගින් මාධ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ…

Read More

මාධ්‍ය සංවිධානවල නිදහස ගැන විත‍රක් කතා කරන්න එපා!

Journalism and Media Ethics in Sri Lanka kapila m gamage

මාධ්‍යවේදී කපිල එම් ගමගේ ජඩ මාධ්‍ය ද? ජන මාධ්‍ය ද? ලංකාවේ මාධ්‍ය තේරුම් ගැනීමේදී, මාධ්‍යයේ ස්වරූපය ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන. ඒ තමයි ලංකාවේ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම ධාරාවන් දෙකක් තියෙනවා. ආණ්ඩුව සතු මාධ්‍යය සහ පෞද්ගලික ව්‍යාපාරිකයන් සතු මාධ්‍යය. මේක පුවත්පතේ, ටෙලිවිෂනයේ සිට වර්තමානය වෙනකොට නව මාධ්‍ය දක්වාම විහිදෙනවා. දැන් මේවා හැම වෙලේම වැඩ කරන්නේ ඒගොල්ලො විසින් ගොඩනගන ලද න්‍යාය පත්‍රයකට අනුව. ආණ්ඩුවේ මාධ්‍ය අපි උදාහරණයකට ගත්තොත් ඔවුන් හැම වෙලාවෙම බලයේ ඉන්න රජයේ බල ව්‍යාප්ෘතිය වෙනුවෙන් බලය තහවුරු කරගැනීම කියන කාරණය පදනම් කරගෙන තමයි වැඩ කරන්නේ. පෞද්ගලික මාධ්‍ය ගත්තොත් මේවට ආයෝජකයින් විශාල…

Read More