මරණය හමුවීම….

current political situation

අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ හැඟීමක් ඒක. ඒ හැඟීම අකුරු කරන්න අමාරුයි, මෙහෙම දෙයක් පෙන්වලා ආන් ඒවගේ කියනවා ඇරෙන්න. මේ දවස් එහෙමයි. ඔව්.. මරණය හැම තැනම..! ඊයේ රෑ නින්දට ගියේ මරණය පෙනි පෙනී තවමත් හුස්ම අල්ලගන්න උත්සාහ කරන ඥාතියෙක් ගැන ආපු තොරතුරක් එක්ක. ඒ අස්සේ ගෑස්හැදිලා මරණීය වේදනාවක්..! එහෙම නැතත් වට්සප් එක ඕපන් කරන්න බැරිගානට මිනිස්සු මැරිලා වැටෙන, මැරෙන්න බෑ…

Read More

ඇන්තනී හොප්කින්ස් යනු රංග පාසැලකි.

anthony hopkins best movies and Acting skills

 “This is life, it’s not a rehearsal.” රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි. 83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය 2021 වසරේ දී ඔයැ Father චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තේය. ඇකඩමි සම්මානය දිනාගත් වයසම නළුවා ඔහු යි. ඒ ඔහු හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනාගත් දෙවෙනි වතාවයි. ඒ 1992 විය යුතුය.   ප්‍රංශ, ජර්මන්, ඉන්දීය, චීන චිත්‍රපට උළෙල අත නොහැර ගමන් කළ යුගයයි. ඒ දිනවල අප ඇමෙරිකානු චිත්‍රපට දෙස වැඩි අවධානයක් යොමු නොකළෙමු. නමුත් හදිසියේ ම 1992 වසරේ දී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂ, හොඳම…

Read More

චිත්‍රපටකට මෙහෙම කාලාවකාශය අල්ලා ගන්න පුළුවන් ද?

Portrait of a Lady on Fire Cinematography Film Criticism

කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපට බලන්න පටන් ගත්තා. කාලයක ඉඳලා ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටිය චිත්‍රපටයක් තමයි Portrait of a lady on fire කියලා කියන්නේ. මේක බාගන්න හේතුවුණේ කාන් සිනමා උළලේදී හොඳම ස්ක්‍රිප්ට් එකට හිමි සම්මානය මේ චිත්‍රපටයට ලැබීම. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම ලියන්නේ Céline Sciamma. කතාව නිකං උඩින් උඩින් කියන්නම්, 18වැනි ශතවර්ෂය තමයි චිත්‍රපටයට පසුබිම්වෙන කාලය. මාරියන් කියලා තරුණ ලස්සන ආසා හිතෙන සිත්තරාවියක් ඉන්නවා. ඇයට කාන්තාවක් තමන්ගේ දුවගේ (හෙලෝයිස්) ආලේඛ්‍ය චිත්‍රයක් නැත්නම් portrait එකක් කරන්න කියලා කොන්ත්‍රාතුවක් භාරදෙනවා. හැබැයි මේ චිත්‍රයට පසුබිම්වන තරුණිය ඒ පිළිබඳව දැනගත යුතු නැහැ. ඒ කියන්නේ මාරියන්ට…

Read More

පරිසර ගැටලුව ගැන “රොමෑන්තික” අදහසක්! – සිනමාවේදී චින්තන ධර්මදාස

Read More

නාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!

Arts Council Act playwright in sri lanka M Safeer

නාට්‍යවේදී එම්. සෆීර් අපි හරි පටුයි නේද? රජයක් විසින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් යටිතල පහසුකම් ගොඩනැගීම. මට බැහැ රඟහලවල් හදන්න. මට බැහැ අති විශාල මහජන අරමුදලක් ගොඩනගන්න. මට බැහැ රජයකට තරම් පොදු වැඩ කරන්න. එතකොට රජය විසින් කළ යුතු වන්නේ යටිතල පහසුකම් ගොඩනැංවීම. මහජන අරමුදල් ගොඩනැගීම. හැමකෙනාටම සමානව දේශපාලන පක්ෂ භේදයකින් තොරව මිනිස්සුන්ට කලාකරුවන්ට යන්න පුළුවන් ක්‍රමයක් හැදීම. හැබැයි නාට්‍යකරුවෝ හිතනවා නම් මම නාට්‍යයක් හදනකොට රජය විසින් මට සියල්ල දෙන්න ඕනෑ. මම නාට්‍යයක් හැදුවට පසු මගේ වගකීම ඉවරයි. රජය තමයි ඉතිරි සියල්ල කරන්න ඕනෑ කියලා, ඒ අදහස…

Read More

නාට්‍ය කලාව වැටිලා නෑ!

stage drama in Sri Lanka filmmakers artist ashoka handagama

සිනමාවේදී අසෝක හඳගම ඔබ දැන් විශ්‍රාමිකයෙක්, අපි විශ්‍රාම දිවියෙන් මේ කතාව පටන්ගම්මු. මෙහෙමයි තාම මට ඒ විශ්‍රාමික දිවිය කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. හේතුව මම විශ්‍රාම ගත්තෙ අවුරුදු එක හමාරක විතර සැලැස්මක් එක්ක. පළවෙනි එක තමයි මම විශ්‍රාම ගන්න තීරණය කරනකොටම මම කරන්න හිටපු චිත්‍රපටිය කරන්න සැලසුම් කරන් හිටියා. ඒ එක්කම මේ නාට්‍යය කරන වැඩෙත් ඒ ඇජෙන්ඩා එකේම තිබ්බා. ඒ හින්දම විශ්‍රාම පූර්වක නිවාඩු ගියේ අප්‍රේල් පළවෙනිදා ඉඳන් අද වෙනකල් එහෙම විශ්‍රාම ගත්තා වගේ හැඟීමක් තිබ්බෙ නෑ. ඒ බිසීකම එහෙමම තිබ්බා. සමහර විට ඊට වඩා බිසීකමක් තිබ්බා මේ ජීවිතේ ඇතුළේ.…

Read More

සංස්කෘතික ජීවියා අහිමිවීම ඇතුලෙ තියෙන්නේ ලොකු ඛේදයක්!

Art and Culture of Sri Lanka Prageeth Rathnayake

ප්‍රගීත් රත්නායක  සංස්කෘතික ජීවිතය, සංස්කෘතික මනුස්සයා කියන එක මට තේරෙන්නෙ අපේ ජීව විද්‍යාත්මක ශරීරයට, එනම් නඩත්තු කරන්න අවශ්‍යම ප්‍රධාන සත්වයා විදිහට. සංස්කෘතික සත්වයෙක් අප අස්සේ නැත්තං ඇත්තටම අපි ජීව විද්‍යාත්මකවත් මැරිලා. අපි ජීව විද්‍යාතමකව ඇඳුම් ඇන්දට ආහාර ගත්තට රමණය කරාට වැඩක් නෑ අපේ මේ සංස්කෘතික තත්ත්වය අපි තුළ නැත්නම්. වංශයෙන් නෙමේ අපේ නරුමවාදය පටන් ගන්නේ අපි තුළ සිටින සංස්කෘතික ජීවියා අහිමි වීම තුළින්. අපේ මේ ළඟම කෙනා මගහැරෙන්නේ සංස්කෘතික ජීවිතය මොකක් හෝ හේතුවක් උඩ. මෙය ධනවාදය කරපු වැඩක් හැටියට තමයි මේ මොහොතේ ඉස්මතු වෙන්නේ. එය ගෝලීය වශයෙන් අර්ථකථනය කරාට දේශපාලනමය…

Read More

යළි යළිත් කැලතෙන හංස විල : ශීලාචාර ශ්‍රී ලංකාව

hansa vilak film Dharmasiri Bandaranayake sinhala film

1980 වසරේ තිරගත වූ හංස විලක් චිත්‍රපටිය යළිත් ප්‍රතිසංස්කරණය කර තිර ගත කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අවුරුදු 40 කට පසුවය. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කල හංස විලක් ලංකාවේ සිනමාව තුළ සංධිස්ථානයකි. විවාහක පුරුෂයකු වන නිශ්ශංකගේ හා විවාහක ගැහැණියක වන මිරැන්ඩාගේ ජීවිතය විනාශකාරී ලෙස වෙනස් කරවන්නේ පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අතර තිබූ රහස් සම්බන්ධතාවය එළිදරව් කිරීම මගිනි. අවසානයේ යථාර්තය හා ෆැන්ටසිය අතර අතරමංවන නිශ්ශංක අතින් සිදු වන්නේ මිනීමැරුමකි. මිනිසුන්ගේ පෞද්ගලික ලිංගික හා සංස්කෘතික ජීවිතයට ශීලාචාර යැයි කියනා මිත්‍යා සංකල්පයක් පදනම් කරගනිමින් අශීලාචාර ලෙස මැදිහත් වීමෙන් මිනිස් ජීවිතයට සිදුවන…

Read More

විල්සන් කරූට මාස්ක් නැති වුනේ කොවිඩ් නිසා නොවේ.!

Veteran actor Wilson Karu has been arrested

කරු අයියා ලෙසින් ක්ෂේත‍්‍රයේ කවුරුත් හඳුනන විල්සන් කරුණාරත්න ව 2020 නොවැම්බර් 20 දින මුඛ ආවරණයක් පැළද නොසිටියේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිදුවීමක් වාර්තා විය. රංජන් රාමනායක ගේ මුහුණු පොතේ ඔහු පොලිසිය තුළ සිටිනු ඡායාරූපයක්ද පළ වී තිබුණි. චිත‍්‍රපට 240 පමණ රගපෑ සටන් නළුවෙකි. ක්ෂේත‍්‍රයේ සටන් නළුවෙක් ලෙස 1974 දී ජීවන ගංගා චිත‍්‍රපටයෙන් සිනමාව පිවිසි ඔහු විසින් අවසන් වරට රගපෑමෙන් එක් වී ඇත්තේ රවී චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද “රාක්ෂා” නම් චිත‍්‍රපටයකයි. මුඛ ආවරණයේ දේශපාලනය මෙහි උත්ප‍්‍රාස අවස්ථාව වන්නේ ඡන්ද කාලයේ දී දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ආධාරකරුවන් විසින් විශාල…

Read More