ජනාධිපතිතුමා,  ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය

president gotabaya rajapaks Imposition of travel restrictions

අපේ ගරු ජනාධිපතිතුමා ඊයේ ඇඹුල්දෙණියේ සිට එන විට බොහෝ වාහන පාරේ තිබෙනු දැක ඇත. එතුමාගේ තියුණු නිරීක්ෂණයට හසු වී ඇත්තේ ඒ බොහෝ වාහන වල දොස්තර ලාංඡනය තිබෙන බවයි. එතුමා එම නිසා හිතන්නේ දොස්තරලා රෝහල් වල සිටින බැවින් එම දොස්තර ලාංඡනය වෙනත් පුද්ගලයන් සාවධ්‍ය ලෙස පාවිච්චි කරන බවයි. ජනාධිපතිතුමා කතා කලොත් එතුමාගේ නොදැනුවත්කම පෙන්වයි. එක්කෝ එතුමාගේ උපදේශකයන් එතුමාට නිවැරදි නොවන උපදෙස් ලබා දෙන්නන්‍. එහෙම නැත්නම් ඇතැම් අවස්ථා වල එතුමාගේ උද්දච්ච කම පෙන්වයි. එයනම් එතුමාගේම ප්‍ර්ශ්නයකි. ජනාධිපතිතුමා නොදන්නා දේ හෝ එතුමාට පඩි ලබන හෝ නොලබන උපදේශකයන් කියා නොදෙන දේ කියා දීම පුරවැසි…

Read More

එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විරෝධයක්!

minister of finance sri lanka Ajith Nivard Cabraal lockdown curfew

පවතින ‌කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම  නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත. නමුත් මෙම සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැඩි ලෙස විරෝධය පළ කර සිටියි. ඔහු පෙන්වා දෙන්නේ රට වැසුවහොත් සිදුවන පාඩුව අතිමහත් බවත් ඒ නිසා රට  නොවසා කොවිඩ් පාලනය කර ගන්නා ලෙසත් මේ තීරණය ගැන දෙවරක් සිතා බලන ලෙසත්ය. දිවයින පුරා පසුගිය (13) දා සිට 16  දින…

Read More

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා පැවැත් වූ හින්දු ආගමික උත්සව ඇතුලු බොහෝ උත්සව පැවැත්වීමට මෝදි රජය අවස්ථාව ලබා දී තිබුනි. ඒමෙන්ම, කොවිඩ් ආරක්‍ෂිත නීති කිසිසේත් මායිම් නොකරමින් විශාල මැතිවරණ රැළි රට පුරා පැවැත්වීමට ද මෝදි රජය අවසර දී තිබුනි. ඒහි ප්‍රථිපලය වුයේ අප්‍රේල් මාසයට පෙර ඉන්දියාවේ ලක්ෂයකට අඩු අගයකින් වාර්තා වූ කොවිඩ් රෝගීන් ප්‍රමාණය…

Read More