රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!

සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින්  රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට පෙර නිකුත් කරන ලද  11-05 දින නිකුත් කරන ලද ලිපිය අවලංගු කර මෙම ලිපිය නිකුත් කරන බවය. රාජ්‍ය සේවකයින් සමාජ මාධ්‍ය ඔස්සේ රජය සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරිම ආයතන සංගහ්‍රයට අනුව බරපතල වරදක් බවත් මෙම නියෝගය කඩකළහොත්, විනය ක්‍රියාමාර්ග  ගන්නා බවට රාජ්‍ය සේවකයන්ට අනතුරු අඟවා ඇත. මේ වන විටත් එලෙස ක්‍රියා කළ පුද්ගලයින් සොයා තොරතුරු…

Read More

නුදුරේදීම දේශපාලනය උඩියටිකුරු වෙයිද?

නුදුරු අනාගතයේදීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් සිදුවීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. මෙරට දේශපාලනයේ පෙරළිකාර කාලපරිච්ඡේදයක් පසුකරමින් පවතින බව අවධාරණය කරන ඔහු පැවසුයේ විශාල බලාපොරොත්තුවක් සහිතව ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහා ආණ්ඩුව පත්කර ගැනීමට කටයුතු කළත් ඒ සියලු බලාපොරොත්තු මේ වනවිට කඩා වැටී ඇති බවය. ඔහුගේ මෙම ප්‍රකාශය තහවුරු කෙරෙන ආරංචි දැන් දේශපාලන වේදිකාවේ නන් දෙසින් ඇසෙන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම ආණ්ඩුව ඇතුලේම මැති ඇමතිවරු ආණ්ඩුවේ ක්‍රියාවන් හෙලා දකින තැනට පත්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

Read More

ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !

කොවිඩ් වලින් හෙම්බත්ව සිටි ජනතාවගේ කරමතට එක්වරම කඩා වැටුණේ ගෑස් හිඟයක් හා කිරිපිටි හිඟයකි. පොහොර අර්බුදයක් තිබුණද එය ගෑස් හා කිරිපිටි තරමට ජනතාවට දැනුනේ නැත. නමුත් ජනතාවගේ අතවශ්‍ය ද්‍රව්‍ය හිඟ වෙද්දී එය ජනතාවට වඩාත් පීඩාකාරී ලෙස දැනෙන දෙයක් විය. වෙළඳසැල් වල කිරිපිටි රාක්ක හිස්ව යද්දී එදෙස බලා සුසුම් හෙලා හිස් අතින් නිවසට පැමිණි බොහෝ දෙනෙක් අප අතර ඇත. එමෙන්ම ගෙදර ඉවුම් පිහුම් කටයුතු කළ ගෑස් සිලින්ඩරය ඉවර වී අලුත් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට තැනක් නොමැතිව දහ අතේ ගෑස් සොය සොයා ගිය පුද්ගලයෝද බොහෝය. ජනතාවගේ හිස මතට කඩා වැටුණු මේ පොහොර, ගෑස්,…

Read More