ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම වෙනම දෙයකි. නමුත් යෝජනාව සම්මත වීමෙන් පසු ලංකාවේ විදේශ ඇමතිවරයා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවේදින් හමුවේ මෙවන් ප්‍රකාශයක් කිරීම රාජ්‍යයම විහිළුවට ලක් කිරීමකි. ඔහු මීට පෙර මියන්මාරයේ හමුදා පාලනයේ විදේශ ඇමතිවරයාට නිල ආරාධනයක් කර බරපතල අප්‍රසාදයකට ලක් විය. විදේශ ඇමතිවරයා හැම විටම රාජ්‍ය නායකයාට ඉතාම සමීප අයෙක් වන අතර ජාත්‍යන්තර තලයේදී රාජ්‍යය නියෝජනය කරන යාන්ත්‍රණයේ ප්රධානියාය.…
Read MoreTag: sri lanka foreign ministry
ජීනිවා ගැන දැන් ඔවුන් මෙසේ කියයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි. ඒ අනුව වැඩි ඡන්ද 11 කින් එම යෝජනාව සම්මත වී තිබුණි. එදින ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මොන යෝජනා සම්මත වූවත් අපේ ගමන දිගටම බවය. එමෙන්ම ඔහු ඉන් නොනැවතී මේ පිලිබඳ අද (25) පාර්ලිමේන්තුවේදීද කථා කළේය. ඔහු කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය…
Read Moreශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව අද : ඉන්දියාව වැට උඩ!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව අද එනම් 23 අගහරුවාදා දින ඡන්ද විමසීමට භාජනය කිරීමට නියමිතය. මෙම ඡන්ද විමසීම ඊයේ දිනයට යෙදී තිබුණද මානව හිමිකම් කවුන්සලය විසින් පරිපාලන කරුණු හේතුකොට ගෙන එය අද දිනට යොදන ලද බවට දන්වා තිබුණි. යුද්ධය අවසන් වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් වන පස්වන යෝජනාව මෙයයි. ප්‍රථම යෝජනාව යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව විසින්ම ඉදිරිපත් කරන ලද අතර එය ජයග්‍රහණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එනමුත් වර්ෂ 2012 හා 2014 දී ශ්‍රී…
Read Moreශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!
විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමිනි. 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් මෙසේය. *අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස්…
Read More2019 දී ලාංකිකයින් 480 ක් එතෙරදී මිය ගිහින්.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 480 කු 2019 වසරේදී විවිධ හේතූන් මත විදෙස් රටවලදි මිය ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ මරණ 480 වාර්තා වන්නේ 201-01-01 දා සිට 2019-12-31 දක්වා කාලය තුලදීය. මෙයින් වැඩිම පිරිසක් මිය ගිය බවට වාර්තා වන්නේ සෞදි අරාබියේදීය. ඒ 111 ක් ලෙසිනි. මරණ 76 ක් කුවේට් වලින්ද, මරණ 49 ක් කටාර් වලින් වාර්තා වී ඇත. අනෙක් මරණ වාර්තා වන වන්නේ අබුඩාබි, ඕට්‍රේලියාව, බහරේන්, බ්‍රසීලය, බෙල්ජියම, කාම්බෝජය, චීනය, සයිප්‍රසය, කැනඩාව, කියුබාව, ඩුබායි, ප්‍රංශය, ගැම්බියාව, ජර්මනිය, ග්‍රීසිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය ආදි දූත…
Read Moreමේක තමන්ගෙ රටට එන්න තියන අයිතිය | Harini Amarasuriya
ඔවුන්ට මව්රටට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙයිද?
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිලිබඳ පහුගිය කාලය පුරාම කතාබහ කෙරුණි. කොවිඩ් 19 වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකි සිය දහස් ගණනක් එතෙර සිට ඇඬු කඳුලින් මෙරට ඇමතූ අවස්ථා බොහෝය. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32,000 ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 34721 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. මේ අතර තම විදෙස්ගත දූ දරුවන්, සැමියන්, බිරින්දෑවරුන්, ඥාතීන් ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය, සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි බල්තසාර් ඇතුළු ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුව සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා…
Read Moreඑදා ඡන්දය දාන්න ලංකාවට ආව රට විරුවන්, අද කරුමක්කාරයින්!
ලංකාවට දෙවැනියට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ය. වසරකට ඩොලර් බිලියන 07 කට ආසන්න ප්‍රමාණයක් මොවුන් විදේශ විනිමය ලංකාවට ගෙන ආහ. එවැනි මිනිසුන්ව අද වසරකට ආසන්න කාලයක් ඒ ඒ රටවල අසරණ වී සිටින්නේ සිය මව්බිමට පැමිණිමට නොහැකි වීමෙනි. තමන්ගේ රැකියා කාලය අවසන් වී වලංගු වීසා කාලය ඉක්මවා ගොස් සිටින අය, කොවිඩ් වෛරසය හමුවේ රැකියා අහිමි වු අය, වැඩිදුර අධ්‍යාපනයට ගිය අය, රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගන්න ගිය අය, විසිට් වීසා ගිය අය, නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ ගත වී සිටි අය මේ වන විට විදේශයේ සිර වී සිටියි. මෙරට…
Read More