අලයි කොළයි බඩගින්නයි..

Food crisis in Sri Lanka Indigenous food pattern

කේ. සංජීව සාඟතයට මූන දෙන්න එක එක කෙනා එක එක කයිය. මේ මගේ දෙවෙනි කයිය. ගිය සතියේ මස් ගැන කයිය. මේ කොළ සහ අල ගැන කයිය. ඉස්සර නුවර මාලිඟාවේ කෑම සුත්‍රයේ වැඩි හරියක් තිබුණේ කොළ. පලා කියලත් කියනවා. මේක මම දන්න කොළ සහ අල ගැන. තව කෙනෙක් ඉන්න පුලුවන් මීට වඩා කොළ කාලා තියෙන. ඒ අය සමාවෙන්න ඕනී. ගොටුකොළ මම හොඳට කොළ කාපු මිනිහෙක්. පොඩි කාලේ කෑවෙම ගොටුකොළ. ‘ඒ නිසා තමයි උබට දුර පේන්නේ’ අපේ අම්මා මේ ගොටුකොළ මතකය අවුස්සනකොට කියනවා. අපේ ගේ ඉස්සරැහින් ගඟ. ගඟට මායිම් වෙලා අනික් පැත්තේ…

Read More

රජය දැනටත් ප්‍රමාදයි Too little; too late

economy and political crisis in sri lanka

ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය): රජය දැනටත් ප්‍රමාදයි. මෙතෙක් අරගෙන තිබෙන ක්‍රියාමාර්ගත් ප්‍රමාණවත් නැහැ. Too little; too late කියල තමයි මහාචාර්ය රොහාන් සමරජීව කිව්වෙෙ. විධිමත් අන්දමින් රුපියල පාකරන්නැයි කරන ලද ඉල්ලීම් නොතකා හැර හිටිවනම අවිධිමත් අන්දමින් කරන ලද රුපියල අවප්‍රමාණය කිරීම හා දැනට සිදුකරන මුදල් අච්චුගැසීම් ආදී ක්‍රියාමාර්ග හේතුවෙන්…

Read More

විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක්!

sri lankan politics today economy crisis #gohomegota

අජිත් පැරකුම් ජයසිංහ – Praja.lk දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ. ඔවුන්ට රටින් පළායන්නට නොදී, සොරාගත් මුදල් ආපසු ලබාගත යුතු බව මහජනයා ඉල්ලති. එය ප්‍රජාතාන්ත්‍රික හා නීත්‍යානුකූල ක්‍රම හරහා සිදුකිරීම දුෂ්කර දෙයකි. එහෙත්, රාජපක්ෂලා 2010දී සරත් ෆොන්සේකාගෙන් පළිගත්තේ මුලින් අත්අඩංගුවට ගෙන පසුව චෝදනාවක් සොයාගැනීමේ ක්‍රමයෙනි. රාජපක්ෂලාට ද එවැනිම තත්වයකට මුහුණදෙන්නට සිදුවන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. එහෙත්, එම ක්‍රියාමාර්ග ප්‍රජාතාන්ත්‍රික නැත. විප්ලවීය විය හැකිය. කරන අය වගකීම් භාරගෙන හරියට කළ යුතුය. රාජපක්ෂ පවුලේ පවා මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ…

Read More

රනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැති කම ය.

Ranil Wickremesinghe story sri lankan politics

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ, ඔහු දේශපාලනඥයෙකු නොවන නිසා, කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකු විය හැකිය යන්නයි. ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන කතාව ඇත්තක් වශයෙන් මොහොතකට පිළිගත්තත්, රටක් පාලනය කිරීමට එය සුදුසුකමක් විය හැක්කේ කෙසේද යන්න මිනිසුන් සිතා තිබුණේ නැත. කොළඹ නගර ශෝභනය පිළිබඳ වාර්තාව නගරාධිපති කමකට සුදුසුකමක් විය හැකි වෙතත්, රටක නායකත්වයකට නොසෑහෙන බව මිනිසුන්ට වැටහී තිබුණේද නැත. කෙලින් වැඩ…

Read More

බැසිල් නෑ කියූ වාර්තාව IMF එළියට දායි

පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා සිටි බැසිල් රාජපක්ෂ නෑ යැයි කියූ IMF වාර්තාව එම ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම වාර්තාවට අනුව 2019 බදු අඩු කිරීම, පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම,  සංචාරක ආදායම් අහිමි වීම සහ කොරෝනා වසංගතය නිසා රට වසා දැමීම වැනි හේතු නිසා මෙම ආර්ථික අර්බූදය උස්සන්න වී ඇත. එම වාර්තාව සඳහන් කරන්නේ මේ වනවිට  ශ්‍රී ලංකාව දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිඟයකට පත්වී ඇති බවයි. එම වාර්තාවට අනුව පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119…

Read More

ඩොලර් නැතිව විදෙස් තානාපති කාර්යාල තුනක් වැසේ..

Ministry of External Affairs has decided to close the embassies dollar crisis in sri lanka

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ . මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,…

Read More

IMF යාම – පමා වී එන වසන්තයකි!

imf loan sri lanka economic crisis rajith keerthi tennakoon

වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලංකාවේ විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමට අවසානයේ රජයට සිදු ව ඇත.  පරාජිත බිඳුණු හඬකින් ජාතික අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය තම තීරණය රටේ ජනතාවට පවසන විට රටට බිඳ වැටී, අඳුරේ ගිලී අවසන්ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ප්‍රමාදවීම ආණ්ඩුවට තරමටම,  ජනතාව ද අන්ත අසරණ කර තිබේ. ලංකාවට ලැබෙන IMF කොන්දේසි මොනවාද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර 2019 පෙබරවාරි සිට දීර්ඝ සාකච්ඡා පැවැත්වුණි.  එහි දී, IMF ලංකා රජයට ඉදිරිපත් කළ මුලික කොන්දේසි ගණනාවකි. එයින්…

Read More

රට බංකොලොත්, බැසිල් IMF යයි..

basil

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ විනිමය පාලනය සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එලබෙන අප්‍රේල් මාසයේදී බැසිල් රාජපක්ෂ වොෂින්ටනය වෙත යන බව වාර්තා වෙයි. එම ගමනේදී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන බවද දැනගන්නට ලැබේ. මෙම වාර්තාව තුළ වර්තමාන විදෙස් සංචිත ප්‍රමානය පිළිබඳව, ණය වාරික සහ පොලී ගෙවීමේ හැකියාව සහ ආහාර ඖෂධ වැනි ද්‍රව්‍ය ගෙන ඒමේදී මතුව ඇති දුෂ්කරතා පිළිබඳව විශේෂයෙන් සඳහන් බව දැනගන්නට ලැබේ.

Read More

සිංගප්පුරුව කරපු දේ ඇයි අපිට බැරි උනේ?

Read More