සැකකරුවන් මිය යාම සම්බන්ධ පරීක්ෂණ කිරීමට වෙනම ඒකකයක් අවශ්‍යයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

police custody death special unit Saliya Pieris

තමුන්ගේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව හා වගවීම සම්බන්ධයෙන් පොලීසියට වගකීමක් තිබෙන අතර පොලිස් අත් අඩංගුවේ පසුවෙන පුද්ගලයෙකු පොලීසිය අතින් මරණයට පත් වුණොත් එය පිළිබඳව වෙනම පොලිස් ඒකකයක් විසින් විමර්ශනය කළ යුතු නමුත් කණගාටුවට කරුණ ඔවුන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වන්නේ එම ඝාතනය සිදු කළ පොලිස් ස්ථානය විසින්ම බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මහතා පවසයි. එසේම ඒ මහතා පෙන්වා දෙන්නේ පොලිස් භාරයේ සිටින අයෙකු මරණයට පත් වුනොත් ඒ පිළිබඳව අපක්ෂපාතී, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු නමුත් අවාසනාවට ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක නොවන බවත් ඒ වෙනුවෙන් පොලිස් ඒකකයක්  ලංකාවේ…

Read More

අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම IGP ට ලියයි.

human rights commission police custody IGP Srilanka

කොරෝනා වසංගත තත්ත්වයක් තුල පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පහුගිය ජුනි 02 දා මඩකලපුවේදී අත්අඩංගුවට ගත් චන්ද්‍රන් විදුෂන් (21) නැමැති තරුණයාට පොලිසිය පහර දුන් බවට ඔහුගේ ඥාතීන් පවසා සිටියි. නමුත් මරණ පරික්ෂණයේදී හෙලිව ඇත්තේ ඔහු අයිස් නැමැති මත්දුව්‍ය පැකට් 04 ක් ගිලිමෙන් සිදු වූ මරණයක් බවය. මෙම තීන්දුව විදුෂන්ගේ දෙමාපියන් පිළිගන්නේ නැත. මේ නිසා ඔවුන් යළිත් වරක් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පුතුගේ දේහය ගොඩගෙන සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙසටය. මේ අතර නිරෝධායන නීති කඩ කරමින් ඥාතී නිවසකට ගිය…

Read More

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට රැඳවියන් 260කට පොදු සමාව!

General pardon for 260 prison inmates lohan ratwatte minister

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැඳවියන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවියන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ 2002න් පසුව මෙවැනි සහනයක් හිමිවූ පළමු අවස්ථාව මෙය යැයි මහනුවර මහයියාවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය. වෙසක් පුර පසළොස්වක පෝ දින නිමිත්තෙන් නිදහස හිමිවූ 260 දෙනා අතුරින් 53 දෙනෙකු මේ වන විට නිදහස ලබා පිටත් වූ බවත් සෙසු පිරිස ඉදිරියේදී නිදහස් වන බව අමාත්‍යවරයා සදහන් කළේය. බන්ධනාගාරගත වන…

Read More

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති

Prisoner Review Law Lohan Ratwatte State Minister of Prisons

වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින් මරණ දඬුවම හිමිව ඇති සිරකරුවන්ට ජීවිතාන්නත දක්වා සිරදඩුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති පිරිස් ඔවුන්ගේ කල් ක්‍රියාව අනුව වසර විස්සක සිරඳඩුවමකට සීමා කළ හැකි යැයි ගැටඹේ පැවැති විදේශ සේවා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳව කළ විමර්ශන වාර්තාව තමන් අතට ලැබී…

Read More

මරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!

Statement by the Minister of Prisons regarding the death penalty Lohan Ratwatte

සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටියි. 1998 වසරේ සිට සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ හමුවේදී ඔහු පෙන්වා දී ඇත. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු…

Read More