සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

Demands from European governments for Ahnaf jazeem release

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ් ජසීම් මුණ ගැසී කතාකිරීමට  2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු  ඔහුගේ මවට යලි අවස්ථාව ලැබී ඇත්තේ  2021 ඔක්තෝබර්  9 දාය. ඒ කතාබහ ද, විනාඩි දහයකට පමනකි. සාතිශය වැදගත් මානුෂික සබඳතාවක් වන එම කතාබහ විනාඩි කීපයකට පමණක් සීමා කරමින් මහත්   අමානුෂික සැලකිල්ලකට පෙරලන ලද බව අහ්නාෆ් ජසීම්ගේ  නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි. සිරකරුවන් සහ ඔවුන් බැලිමට පැමිණ…

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ  විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත. මෙසේ ඇප මත මුදා හැරුනේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශය සභා සභික පොදුජන පෙරමුණේ මන්‍ත්‍රීවරයෙකු වන අමිල කුමාරසිංහ  මහතා හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන දුලන්ත රාජපක්ෂ මහතාවය. බන්ධනාගාරයේදි සිදු කෙරුණු අමානුෂික පහර දිම හේතුවෙන් මේ වන විට දුලන්ත රාජපක්ෂ සිටින්නේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් වන…

Read More

අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

anuradahapura prison

රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ  දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අධිකරණයේ පිහිට පතා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ  ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට වැදී සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ වැදී තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බැවින්, තමන් බන්ධනාගාරයෙන්ම හෝ ඇප පිට හෝ මුදා හැරීමට නියෝග කරන මෙන් හෝ එසේ නැතිනම් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසටය. පෙත්සම විභාගයට ගනිමින් තමන්ගේ මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ද…

Read More

දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති

ali

තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ  එල්. ටී .ටී. ඊ සැකකරුවන් හමුවීම මෙන්ම බන්ධනාගාර පහසුකම් හා ආරක්ෂාව වැනි කාරණා නිරීක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර වෙත ගොස් පැමිණීමෙන් පසුව  මාධ්‍ය හමුවේ අමතමිනි. තමන් උතුරේ බන්ධනාගාර වලට මාරු කරන ලෙස ඉල්ලා සීටියේ ආරක්ෂාවේ ගැටලුවක්  නිසා නොව තම පවුල්වල පිරිසට තමන්ව බැලීමට පදිංචි ස්ථාන වෙත පහසුවෙන් ළඟා…

Read More

බන්ධනාගාර ගැටුමේ ස්වාධීන විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරියක්!

sarojini kusala weerawardena

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සහ රැඳවියන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සදහා විශ්‍රාමික විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කිරීමට තීරණය වී ඇත. ඒ  අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුලු අමාත්‍යාංශ ප්‍රධානීන් විසිනි. පහුගියදා පාර්ලිමේන්තුවේදි ඔහු පවසා තිබුණේ මෙම සිද්ධිය පිලිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කරන බවය. ඒ අනුව එකී විමර්ශනය සඳහා විශ්‍රාමික විනිසුරුවරිය පත් කිරිමට සුදුසු බව යෝජනා වී ඇත. මීට පෙර ඇය, මහර බන්ධනාගාරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ සභාපතිවරිය ලෙසද…

Read More

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !

welikada

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති  බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ දින සිරකරුවන් 89 ක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරිමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඉකුත් 20 දින වහල මත නැඟ විරෝධතාවයක නිරත විය. ඒ් ඔවුන්ටද සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඊයේ (21)  වැනි දිනයේත් සිරකරුවන් දස දෙනෙක්  පමණ නිදහස ඉල්ලා   විරෝධතාවයේ නිරත විය. මේ අතර ඊයේ දින සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ද ආහාර වර්ජනයකට…

Read More

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය – අජිත් පැරකුම් ජයසිංහ

political prisoners in sri lanka

අජිත් පැරකුම් ජයසිංහ දැනට බන්ධනාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පසුගිය 10දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ. මේ පිරිසට වඩා විනාශකාරී ක්‍රියා කළ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් වසරක කාලයක් පුනරුත්ථාපනය වී නිවෙස්වල සිටීමත් බන්ධනාගාරවල සිටින පිරිස වසර දහයකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින නිසාත් ඔවුන්ව පොදු සමාවක් යටතේ නිදහස් කිරීම සාධාරණ බව සංගරී මහතා විසින් යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ. පොදු සමාව ලබාදීමේ බලය සහිත ජනාධිපතිවරයාට ලිපියක් නොලියා අගමැතිවරයාට ලිපියක්…

Read More