“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?

CID influences witnesses in Hijaz Hezbollah case

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත. නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ  හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ…

Read More

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය

Report of the Easter Attack Commission

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…

Read More

සියොන් දේවස්ථානට අඩු සැලකිලි, දෙවර්ෂ පූර්ණ සිහිකිරීමත් නටඹුන් අතරේ!

Zion church in Batticaloa Easter Sunday bombings Commemorative

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් විනාශයට පත් දේවස්ථාන තුනෙන් දෙකකම අනුස්මරණ මෙහෙය රජයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි තුළ සිදු කරද්දී නැගෙනහිර ජනයාට මිය ගිය තම සමීපතමයන් සිහි කරමින් දේව මෙහෙය පවත්වන්නට සිදුව ඇත්තේ දෙවසරකට ඉහතදී නටබුන් වූ දේවස්ථානය තුලමය. බෝම්බ ප්‍රහාර හේතුවෙන් විනාශ වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා  කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නාවික හමුදාව යොදවා  කඩිනමින් පිලිසකර කළත් දැඩි ලෙස විනාශ වූ මඩකලපුව සියොන් දේවස්ථානය වසර දෙකක් යනතුරුත් ප්‍රතිසංස්කරණය නොවීම ප්‍රදේශවාසි බැතිමතුන්ගේ දැඩි හිත් වේදනාවට තුඩු දී තිබේ. දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019…

Read More

පාස්කු දිනයේ ආරක්ෂාව

easter attack sri lanka Government of Sri Lanka

ලොව පුරා කිතුනු බැතිමතුන් අද (04) විශේෂ දිනයකි. ඒ  පාස්කු දිනය සැමරීම අදට යෙදි ඇති නිසාය.  කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය වන්නේ පාස්කුවය. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා ආරම්භවන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් අධ්‍යාත්මික වතාවත්හි නිරතවන අතර පාස්කු ඉරුදින ඔවුන් උන්වහන්සේගේ උත්ථානවීම සමරනු ලබයි. එසේ පාස්කු ඉරු දිනක් වු 2019-04-21දා මෙරට දේවස්ථාන ඇතුලු ස්ථාන අටක බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වු බව අපට අමතක නැත. ඒ නිසා  මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2019 දී පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වුවන් ද…

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතිද?

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන රටේ ඇත්තේ උණුසුම් කථාබහකි. මේ වාර්තාවෙන් මේ ප්‍රහාරය සැලසුම් කළ අය ගැන හෙළිදරව්  වී නොමැති බව මෙහි නැගෙන ප්‍රධාන චෝදනාවකි. එමෙන්ම වාර්තාවේ සියලු කොටස් තවම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී නොමැති බවද කියැවේ. මේ වාර්තාවේ ඇතැම් කොටස් ජාතික ආරක්ෂාව ගැන සලකා ප්‍රසිද්ධ කර නැත. මෙවන් පසුබිමක් තුල මේ ජනාධිපති කොමිෂන් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධව සමාජයේ ඇත්තේ දැඩි විවේචනාත්මක අදහස්ය. මේ පිලිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (06) ප්‍රසිද්ධියේ කථා කර සිටියේය. ඒ් කුරුණෑගල දිස්‍ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති…

Read More

බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන

easter attack presidential commission maithripala sirisena

ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ බවත් බින් ලාඩන් ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ නමුත් ප්‍රහාරය වලක්වා ගන්න ඇමරිකාවටත් බැරි වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි. ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් (අද)…

Read More

පාස්කු ප්‍රහාර පරීක්ෂණ දේශපාලන සටන් පාඨයක් විතරද?

SJB MP Mujibur Rahman 2019 Sri Lanka Easter bombings

පාස්කු  ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ  වගකිවයුත්තන්ට දඬුවම් ලබා දීම දේශපාලන සටන් පාඨකයට පමණක් සීමා නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් අපරාධකරුවන් සොයා ගැනීම සදහා ආණ්ඩුව ගන්නා උත්සාහය ප්‍රශ්න කිරීමකට ලක් කර  තිබේ. මිනිස් ජීවිත 250 කට අධික ප්‍රමාණයක්  විනාශ කරමින් මොහොමඩ් සහරාන් හෂීම් සිදු කළ අපරාධය නිසා සමස්ත  මුස්ලිම් ප්‍රජාවම  වන්දි ගෙවීමට සිදුවු  බව පවසන සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අවධාරණය කරන්නේ එම ප්‍රජාවට මෙන්ම ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට ද සාධාරණය ඉටු වන්නේ බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ අය අත්අඩංගුවට ගෙන දඩුවම් ලබා දීම තුළ බවයි. දෙසැම්බර් 03…

Read More